( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ත්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් පිරිසක් විසින් මට්ටක්කුලිය කැළණි ගඟ මෝල පාරෙදි තියුණු ආයුධවලින් පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇතැයි මට්ටක්කුලිය පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මට්ටක්කුලිය කැළණි ගඟ මෝල පාර පදිංචිව සිටි මොහොමඩ් සුදුර් මොහොමඩ් ඉර්ෆාඩ් 39 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා ඔහුගේ නිවස ඉදිරිපිට සිටියදී පහරදීම සිදුකර සැකකරුවන් පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.
බරපතල තුවාල ලද පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට මේ වන වනවිට අනාවරණය වී ඇති අතර ඝාතනය සඳහා පැමිණි පුද්ගලයන් ද හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. මට්ටක්කුලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මට්ටක්කුලියේ ඝාතනයක්
Perakum Friday, 31 March 2023 12:37 PM
ලංකාව නුදුරු අනාගතයේදීම අපරාධ අතින් එල් සැල්වදෝරය වෙනිසුවෙලාව කොලොම්බියාව පරදවා මුල් තැන ගන්නවා නිසැකයි. ඊට හේතුව අපේ අමන දේශපාලුවන්ගේ නොමනා ක්‍රියාකාරකම් බව ඉතා පැහැදිලිය. රටේ විනය පවත්වා ගැනීම ඔවුන්ගේ වගකීම වුවත් එය එසේ සිදු නොවෙි.