IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


මැණික් - ස්වර්ණාභරණ ප්‍රදර්ශනයට ජනපති යයි

(අංජුල මහික වීරරත්න)

"Gem Sri Lanka - 2025" මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  සිනමන් බෙන්තොට බීච් හෝටලයේදී අද (08)  පෙරවරුවේ ඉතා උත්කර්ෂවත් ලෙස ආරම්භ විය.

චීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සංගමය (CGJTA) වාර්ෂිකව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය අද සිට ජනවාරි 10 වෙනිදා දක්වා පැවැත්වේ.

"Gem Sri Lanka - 2025" මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි නිරීක්‍ෂණයටද එක්වූ අතර, මැණික් කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව සාකච්ඡා කරමින් ඔවුන් සමඟ සුහද කතාබහක ද නිරත විය. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා "Gem Sri Lanka - 2025" ප්‍රදර්ශනයේ සංවිධායක මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේය.

මෙවර "Gem Sri Lanka - 2025" ප්‍රදර්ශනය ප්‍රදර්ශන කුටි 103 කින් සමන්විත අතර,   මේ සඳහා දෙස් විදෙස් ගැනුම්කරුවන් විශාල පිරිසක් එක්ව සිටීම විශේෂත්වයකි. 

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරිආරච්චි, චීන කොටුව මැණික්  හා ස්වර්ණාභරණ සංගමයේ සභාපති (CGJTA) මර්ජාන් ෆලීල් යන මහත්වරු, තානාපතිවරු ඇතුළු  විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (1)

මැණික් - ස්වර්ණාභරණ ප්‍රදර්ශනයට ජනපති යයි

ජිල්බු Wednesday, 08 January 2025 05:19 PM

මැණික් කර්මාන්තකරුවන්ටත් ප්‍රශ්න නම් අපි ගැන කවර කතාද? ආර්ථික ප්‍රශ්න වෙන්න ඇති, පව්...!

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත


ට්‍රම්ප් බලයට ඇවිත් දින 100 යි
2025 අප්‍රේල් මස 30 88 0

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ලෙස දෙවැනි වරට එම ධුරයට පත් වී පළමු දින 100 සම්පූර්ණ කර ඇත. පළමු දින 100 සම්පූර්ණ වීම නිමිත්තෙන්, මිචිගන් ජනපදයේ ජන රැළියක


ඡන්ද පත්‍රිකාව නොලැබුණ අයට තැපෑලෙන් පණිවිඩයක්
2025 අප්‍රේල් මස 30 36 0

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයන් තමන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලවලට පැමිණ අනන්‍යතාව තහවුරු කිරීමෙන් ඒවා ලබා ගත හැකි බව තැපැල් දෙපාර


ස්විස් තානාපතිනියගේ සේප්පුවෙන් ලක්ෂ 45ක රන්බඩු සොරාගෙන
2025 අප්‍රේල් මස 30 412 0

ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් හතළිස් පන් ලක්ෂයක් පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට්


ඡන්දෙට නාරාහෙන්පිට මෝටර් ට්‍රැෆික් වැසේ
2025 අප්‍රේල් මස 30 148 0

නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන මැයි 5 සහ 6 යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට තීරණය කර ඇත.


සෞඛ්‍ය නොතකන දන්සල් අවලංගුයි
2025 අප්‍රේල් මස 30 258 0

වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 187 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 52 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1082 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site