IMG-LOGO

2025 ජනවාරි මස 08 වන බදාදා


මත් ජාවාරම්කරුවකුගේ ප්‍රධාන ගෝලයෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

මීගොඩ ,භීතියට පත් කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලුණු  විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ගේ ප්‍රධානතම ගෝලයකු මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය විකිණීමෙන් උපයා ගත් මුදල් රුපියල් දස දහසක් සමඟ අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.  

නුගේගොඩ කොට්ඨාස අපරාධ  විමර්ශන ඒකකයේ ස්ථාපිතව ඇති යතුරුපැදි ඒකකයේ ස්ථානාධිපතිවරයාට සැකකරු මීගොඩ ප්‍රදේශයේ ස්ථානයක සිටින බවට ලද රහසිගත තොරතුරක් මත වැටලීමක් සිදුකොට සැකකාර පුද්ගලයා මත්ද්‍රව්‍ය ද සමඟ ඊයේ(24) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් වූ සැකකරුට පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කඩුවෙල අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක වරෙන්තු කරුවකු ලෙස අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග ලද පුද්ගලයෙක් බවත් කප්පම් ගැනීම් හා පහරදීම් මෙන්ම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් මෙම සැකකරු සොයමින් සිටි පුද්ගලයෙක් බවත් පොලිසිය පැවසීය.

ඩුබායි රාජ්‍යයේ සිට හඳයා නැමති සංවිධානාත්මක අපරාධකරු විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධානතම බෙදුම් කරු ලෙස අත්අඩංගුවට පත් සැකකාර පුද්ගලයා සේවය ලබාදී ඇති බවත් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.

 

 



අදහස් (3)

මත් ජාවාරම්කරුවකුගේ ප්‍රධාන ගෝලයෙක් මාට්ටු

Indhika Wednesday, 25 December 2024 09:32 AM

ලොක්කෝ දෙන්නෙක් එළියට දාලා, ඔවුන් දෙන්නා රටිනුත් පැනලාලු. මෙහෙ කබ්බෙක් අල්ලන්. රුපියල් දසදහසක් කියන්නේ, මෙයා විකුණන්න ඇත්තේ බුලත්විට...

:       0       0

sam Thursday, 26 December 2024 08:38 AM

මෙයාටත් ඇප දෙමු.. එතකොට මූත් ඩුබායි පැන්නේ වැඩේ ඉවරයි...

:       0       0

Bunny Preena Thursday, 26 December 2024 09:10 AM

ඔයගොල්ලොත් ගෝලයින්ව අල්ල අල්ලා ඉන්නවා. වෙන ආණ්ඩුවක් ඇවිදින් ප්‍රධාන ජාවාරම්කරු අල්ලා ගන්නකන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

සමෘද්ධියේ කෝටිපන්දාහක් පිට පාරේ ගිහින්
2025 ජනවාරි මස 08 81 0

සමෘද්ධි අරමුදලේ මුදල් රුපියල් කෝටි 4952 කට වැඩි මුදලක් විවිධ ස්ථානවල ආයෝජනය කර තිබුණද ඒ කිසිදු මුදලක් සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාට වාර්තා ඉදිරිපත් කර


SSP 11 කට ස්ථාන මාරු
2025 ජනවාරි මස 08 326 0

ජාතික පොලිස් කොම්ෂන් සභාවේ අනුමැතිය පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 11 දෙනෙකුට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ස්ථාන මාරු ලබා ද


ට්‍රම්ප්ගෙන් හමාස් සංවිධානයට තර්ජන
2025 ජනවාරි මස 08 441 0

හමාස් ග්‍රහණයේ පසුවන, ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලු දෙනා ලබන 20 වැනිදාට පෙර වහාම නිදහස් කළ යුතු බවටත්, හමාස් සංවිධානය එසේ නොකරන්නේ නම්, ඔවුන්ට දරුණු විද


අදත් වැසි වාර කිහිපයක්
2025 ජනවාරි මස 08 25 0

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ටිබෙට් භූමි කම්පාවෙන් මියගිය ගණන දැන් 126 ක්
2025 ජනවාරි මස 08 215 0

ටිබෙට් නේපාල දේශසීමාවේ, ටිබෙටයට අයත් චීන පාලනය යටතේ පවතින පළාතක් ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි.


ආගන්තුක ’’ගුවන් කුරුල්ලන්ට’’ බදු සහන
2025 ජනවාරි මස 08 435 0

මෙරට ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් ප්‍රවර්ධනය කිරීම සඳහා දිරි ගැන්වීම් ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 469 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 244 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 231 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site