(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 70 ට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහණය කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු තලේමන්නාරම ස්වාමිතෝට්ටුම් ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොවුන් සතුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2 ට අධික ප්‍රමාණයක් තිබී ඇත. සැකකරුවන් පිරිසක් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහන කරන බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් මත ඊයේ (13) පස්වරුවේ මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ත්‍රිරෝද රථයේ පිටුපස ගමන් ගත් පුද්ගලයා මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සිය උකුල මත තබාගෙන ගමන් ගනිමින් සිටි ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මන්නාරම නානාට්ටාන් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද කියති.
ඉන්දියාවේ සිට බොට්ටු මගින් නීති විරෝධී ලෙස තලේමන්නාරමට රැගෙන ආ මෙම අයිස් තොගය සැකකරුවන් විසින් චංකාලේ ප්‍රදේශය වෙත ප්‍රවාහනය කරමින් සිට ඇත.
අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය හා සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සදහා තලේමන්නාරම පොලිසියට බාර දී ඇත.
පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල අප්‍රේල් 13 දා සිට අප්‍රේල් 21 තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පද්ධති අක්‍රිය කරන ලෙස ලංකා විදුල
අම්පාර සමන්තුරේ පැවති ජනරැළියක් අතරතුර සෙනඟට තෙරපුණු දැරියක බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් විය.
කොළඹ අධ්‍යාපන කලාපය තුළ පිහිටි බාලක පාසලක දරුවන් අමානුෂික ලෙස දණ්ඩණයට ලක් කිරීමේ චෝදනාවට ගුරුවරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බවත් බදුල්ල ප්‍රදේශයේ පදි
මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් දාහතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී අද පැවසීය.
සාලියවැව දුනුමඩලෑව යාය 6 ප්‍රදේශයේදී ආච්චි අම්මා සහ සියා ඔවුන්ගේ නිවස තුළදීම කපාකොටා ඝාතනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මුණුබුරකු සැ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
මත්කුඩු සමඟ දෙදෙනකු අත්අඩංගුවට