IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


මතුගම ඇළකට සායනික අපද්‍රව්‍ය ගෙනත් දමලා

(බන්දු තඹවිට)

මතුගම බෝපිටිය නැගෙනහිර  ශ්‍රී සාරානන්ද මාවතේ ඇළ මාර්ගයකට එන්නත් කුප්පි ,සිරින්ජර් ඇතුළු සායනික අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්  දමා ගොස් ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

එම ඇළ මාර්ගය දිගේ එම සායනික අපද්‍රව්‍ය ගසා ගෙන ගොස් කුඹුරුවල රැදී ඇති අතර ප්‍රදේශවාසීන් මේ පිළිබඳව ග්‍රාම නිලධාරී සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුම්වත් කිරීමෙන් අනතුරුව මතුගම සෞඛ්‍ය වෛද්‍යනිලධාරී ඇතුළු නිලධාරීන් එම ස්ථානයට පැමිණ එම සායනික අපද්‍රව්‍ය පරීක්ෂා කර ඇති අතර එම එන්නත් කුප්පි අතර සුනඛ සලකුණු ඇතුලත් කුප්පි තිබීම නිසා මෙම අපද්‍රව්‍ය බොහෝ විට පෞද්ගලික සත්ව සායනයක අපද්‍රව්‍ය විය හැකි බවට සැක පහල වී ඇත.

අනතුරුව මතුගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුවන්දි ත්‍රිමාන්න මහත්මියගේ ඉල්ලීම අනුව මතුගම ප්‍රාදේශීය සභාවේ සේවක කණ්ඩායමක් විසින් එම සායනික අපද්‍රව්‍ය එම ස්ථානයෙන් ඉවත්කිරීමට කටයුතු කර තිබුණි.

 



අදහස් (1)

මතුගම ඇළකට සායනික අපද්‍රව්‍ය ගෙනත් දමලා

ජනතාව Monday, 06 December 2021 11:32 AM

සෑම ආයතනයකම නිපදවෙන අප ද්‍රව්‍ය මොනවාද ඒවා බැහැර කරන්නේ කෙසේද යන කරුණු ඉල්ලා ප්‍රාදේශීය සභාවෙන් වාර්තා වසරක් පාසා අලුත් කළයුතු අතර රෝහල් කර්මාන්ත ශාලා වැනි ස්ථාන කාර්තුවක් පාසා විගණනයකට භාජනය කල යුතුයි. මෙම අපද්‍රව්‍ය බැහැර කිරීමට තුන්වන පාර්ශවයක් සම්බන්ධවේ දැයි විමසා එම පාර්ශව පිළිබදද විමර්ශනය නොකොලොත් වැඩිවන ජනගහනය සමග බීමට ගන්නා ජලයේ සුරක්ෂිතතාවය පිළිබද බරපතල ගැටළු නොබෝ දිනකින් ඇතිවේවි. දැනටමත් පිළිකා රෝහල පිරී යන එක් හේතුවක් මෙයදැයි අප නොදනිමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1097 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1953 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 660 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1813 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 941 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 4061 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 397 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1893 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site