IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


’මත්තෙගොඩ කට්ටා’ ඇතුළු 7ක් මත්කුඩු සමඟ අල්ලයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මත්කුඩු ජාවාරමක ප්‍රධාන සැකකරු වන 'මත්තෙගොඩ කට්ටා'නමැත්තා, ඇතුළු 7 දෙනකු ගංජා ග්‍රෑම් 30ක් සහ  හෙරොයින් මිලිග්‍රෑම්  2340ක් සමග අද(01) අත්අඩංගුවට ගත් බව මත්තෙගොඩ පොලීසිය පවසයි.

සැකකරුවන්, 19 -25 යන වයස්වල පසුවන, මත්තේගොඩ පදිංචිකරුවන් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් පිරිස අතර, 'කබරයා' සහ 'ගඩොලා' යනුවෙන් හඳුන්වන අයද වෙති.

පොලිසිය ලද තොරතුරක් අනුව  මත්තේගොඩ සල්ගස් හන්දියේදී  හෙරොයින් පැකට් දෙකක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන්  ප්‍රශ්න කිරීමෙන් පසු, ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 5දෙනකු  අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී 'මත්තෙගොඩ කට්ටා' නමැත්තා ද  හෙරොයින් මිලිග්‍රෑම්  1560 ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අනෙක් සැකකරුවන් සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 780 සහ ගංජා ග්‍රෑම් 30ක් තිබී සොයාගෙන ඇත.

හෙරොයින් ග්‍රෑම් එකක් මිලයට ගෙන ඉන් පැකට් 20ක් සකසා පැකට් 13 ක් අලෙවි කර   ඉතිරි පැකට් 7 සැකකරුවන් අතරේ පානය කිරීමට පුරුදුව ඇතැයිද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මත්තෙගොඩ පොලීසිය  වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

’මත්තෙගොඩ කට්ටා’ ඇතුළු 7ක් මත්කුඩු සමඟ අල්ලයි

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති ලබන මාසේ ඉන්දියාවට
2024 නොවැම්බර් මස 18 145 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.


බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 1958 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2634 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 5905 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 923 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24379 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18844 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 364 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1831 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site