( තිළිණි ද සිල්වා )
ලොව ප්රමුඛ පෙලේ ගුවන් සමාගම් රැසක් මත්තල සමග නව ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට සාකච්චා පවත් වමින් සිටින බවත් , ඉන් ගුවන් සමාගම් හතරක් සිය මෙහෙයුම් ආරම්භ කිරීමට දැනටමත් කැමැත්ත පළ කර ඇතැයි ගුවන්සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා අද (29) පැවසිය.
අබුඩාබි - මත්තල ගුවන් ගමන් ඉදිරි සති කීපය තුලදී ආරම්භ කරන බවද ගුවන්සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.
මීට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සමාගම මත්තල සිට නව ගුවන් ගමනාන්තයන් රැසක් ඉදිරියේදී ආරම්භ කරන බවත් , ඒ අතර මත්තල - මාලේ සහ මත්තල - කසකස්ථාන් ඉක්මනින්ම ආරම්භ වන බව හෙතෙම පැවසීය.
මත්තල ගුවන් තොටුපළ සක්‍රීය ජාත්‍යන්තර ගුවන් තොටුපළක් සේම කොවිඩ් ආරක්ෂිත ගුවන් තොටුපළක් ලෙස ද මේවන විට ජාත්‍යන්තරව ශ්‍රේණිගත වී තිබෙන හෙයින් පවතින කොවිඩ් 19 වසංගත තත්වය යටතේ වුවද, මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ මේ වන විට ඉතිහාසයේ වැඩිම ගුවන් මගී මෙහෙයුම් මේ වන සිදු කර ඇතැයි, ගුවන්සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කීවේය.
මීට සමගාමීව ගුවන් භාණ්ඩ ප්‍රවාහනයද විශාල වර්ධනයන් පෙන්නුම් කර ඇතැයිද හෙතෙම පවසයි.
මත්තල ගුවන් තොටුපල කේන්ද්‍ර කරගනිමින් ගුවන් යානා නඩත්තු ඒකකයක් ඇතිකිරීමට කැමැත්ත ඵල කළ ජාත්‍යන්තර සමාගමක් සමග සාකච්චා පවත්වමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මත්තල ගුවන් තොටුපළ කේන්ද්‍ර කර ගනිමින් සංචාරක ව්‍යාපාරයේ විශාල වර්ධනයක් හා ප්‍රදේශයේ කෘෂි නිෂ්පාදන හා මත්ය නිෂ්පාදන විදේශ වෙළද පොල වෙත ප්‍රවාහනය කිරීමද මත්තල ගුවන්තොටුපළ හරහා සිදු කිරීමට අපේක්ෂා කරන බවද හෙතෙම වැඩිදුරටත් කීය.
මත්තල ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු පිළිබදව සොයා බැලිමට පැමිණි අවස්ථා වේදී ගුවන්සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා මෙම අදහස් දැක්වීය.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මත්තල ගුවන්තොටුපළේ සිට නව ගුවන් මෙහෙයුම්
Lelwala Wednesday, 29 September 2021 01:28 PM
බලහත්කාරයෙන් මගීන් හම්බන්තොටට ගෙන්න ගන්න හැකියාවක් නැත. වැඩිම ජනගහනයක් කොළඹ, ගම්පහ, කුරුණෑගල.., ඒ වගේම විදේශ රැකියාවල්වල සේවය කරන්නෙත් මේ පළාත්වල මිනිස්සු...
kamal Wednesday, 29 September 2021 02:31 PM
නොමිලේ ගොඩබාන්න දුන්නත් මේ අය ඒත් යන්නෙම... කටුනායකටනේ. මොන කරුමයක්ද මන්දා...?
සෙනෙවිරත්න Wednesday, 29 September 2021 02:40 PM
මෙතන ඩුබායි, සිංගප්පූරුව වගේ ට්රාන්සට් තැනක් කරනවා කියලද මේ කියන්නේ? එහෙම නම් ලංකාවට ආදායමක් ලැබේවි... එ්ත් එහෙම වෙයිද මෙතන? කොළඹ මාලේ, මත්තල මාලේ වෙලා ඵලක් තියෙනවාද? කොළඹ බහින, නගින මිනිස්සු අඩු මුදලට මෙතැනට ගෙනාවා කියලා ඇතිවන අමුතු සෙතේ මොකක්ද? මේවා හොඳයි.. තවමත් අර පවුලටම කඹුරන අයට...
testa Wednesday, 29 September 2021 03:42 PM
ගුවන් යානා එන්නේ නැති කොට කොහෙන් කෝවිඩ් 19 කට්ටිය හොයන්නද? ඒක නිසා කොහොමත් මත්තල කෝවිඩ් 19 වලින් ආරක්ෂිතයි තමයි.
Nimal Wednesday, 29 September 2021 04:02 PM
යහපති විදිහට බලනු මැනවි. පටු අදහස් එපා. යමක් දියුණු වෙන්නේ පොඩියට පටන් අරගෙන. මම වැඩ කරන කාලේ කටුනායකත් වේලෙනවා. ගුවන් යානා 5ක් 6ක් දවසටම. එයාර් ලංකා නිතරම ප්‍රමාදයි. නමුත් දැන් සෑහෙන්න දියුණු වෙනවා. තව දියුණු වෙනවාමයි.
අතුලWednesday, 29 September 2021 07:08 PM
කටුනායක ගුවන් තොටුපළට තියෙන්නේ ධාවන පථ 1 යි. මුළු ලංකාවටම දවසකට පැමිණෙන ගුවන් යානා සංඛ්‍යාව උපරිමයෙන් 30 ක් විතරයි (කොවිඩ් වසංගතයට කලින්). එංගලන්තයේ ගැට්වික් ගුවන් තොටුපොලට තියෙන්නෙත් එක ධාවන පථයක් පමණයි. ඒත් පැය 1 කට ගුවන් යානා 55 ක් හැසිරවීමට හැකියාව තිබෙනවා. ලංකාවට කළයුතුව තිබුණේ හැසිරවිය හැකි ගුවන් යානා ප්‍රමාණය වැඩිකිරීම මිස, "ඩොලර් මිලියන 209 ක් වියදම් කොට මත්තල ගුවන් තොටුපොල හැදුවේ බඩ ගෝස්තරේ හොයාගන්න" පමණයි. අපි ගුවන් තොටුපොලවල් හදන එක නොවෙයි කරන්න ඕනෑ. රටට එන ගුවන් යානා ගණන, මගීන් සංඛ්‍යාවයි වැඩි කරගත යුත්තේ...
siri Wednesday, 29 September 2021 04:15 PM
ඉතාම කාලෝචිත වැඩක්. දැන් තියෙන්නේ එක ගුවන්යානාවක් වත් ගොඩබාන්නේ නැති කටුනායක ගුවන්තොටුපල සම්පූර්ණයෙන්ම ගුවන් හමුදාවේ වැඩ කටයුතු වලට බාර දීලා "බණ්ඩාරනායක" කියන නමත් මකලා දමන එකයි. කන්න දුන්නු අත හපා කනවා කියනවා එහෙම නොවේ ඔන්න...
fairoos Wednesday, 29 September 2021 04:30 PM
රනිල්ගේ වී ගබඩාව... සුදු අලින් නඩත්තු කරනවට වඩා හොඳයි වහලා දාන එක..