IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


මත්තල වසර පහේ පාඩුව ගුවන් තොට හදන්න ගිය වියදමත් පනී

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ පසුගිය අවුරුදු පහේදී රුපියල් කෝටි 3850ක පාඩුවක් ලබා ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා  පැවසීය.

මත්තල ගුවන්තොටුපළ සෑදීමට රුපියල් කෝටි 3650 ක් වියදම්වූ බවද ඔහු සඳහන් කළේය.

එදා අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට මාසයකට ලක්ෂ එකසිය තිස් හතරක් වැය වූ නමුත් වර්තමාන කාර්ය මණ්ඩලයට වැය වන්නේ ලක්ෂ විසි තුනක් පමණක් බවද රත්නායක මහතා කීවේය

 

 



අදහස් (25)

මත්තල වසර පහේ පාඩුව ගුවන් තොට හදන්න ගිය වියදමත් පනී

Daytona Friday, 07 March 2025 08:31 PM

කෝ අර ෆෙරාරි හාදයාට බැරි වුණාද මේ වගේ ගුවන්තොටුපලවල්වලින් වැඩක් ගන්න...

:       47       187

Sudu putha Friday, 07 March 2025 08:33 PM

අත්දැකීම් බහුල ඈයින්ගේ වැඩනේ. අපේ නොතේරුම් කමට වෙන්ඩැති මේවාට පාඩුයි කියන්නේ...! 

:       58       220

UKRAN Friday, 07 March 2025 09:33 PM

බොරුවෙන්ම ජයගන්න හදන කයිය විතරක් තියන මේ වගේ ආණ්ඩුවක් වෙන කොහේවත් නැතිව ඇති...

:       238       128

ප්‍රියන්ත Friday, 07 March 2025 09:41 PM

බයවෙන්න එපා, අපේ යෝගා ඇතුළු නඩය කියාවි, ඒක අද හදන්න ගියානම් ඔය දෙකේ එකතුවට සමාන මුදලක් යනවා, ඒක නිසා පාඩුවක් නෑ කියලා…!

:       53       45

Neel Friday, 07 March 2025 09:53 PM

බොරුවෙන් හරි වැඩේ කෙරෙනවා නම් මොකද? නාස්තිය, හොරකම නැතිව...!

:       59       61

රම්බොඩ Friday, 07 March 2025 09:56 PM

ඇයි මත්තල ර⁣ටේ තියෙන සල්ලි ඇදලා ගිනි තියනවද? එකෙක් ගිහින් වී ගබඩා කළා. අනිත් වුන් පාඩු ගණන් හදනවා. මේවා ජාතික සම්පත්. හදපු නායකයා ගෙදර අරගෙන ගියේ නෑනේ. ඒ සම්පත්වලින් රටට වැඩ ගන්න දැනගන්න ඕනෑ. උගන්ඩා කතාවේ දෙවැනි කොටස...

:       310       94

පරිසර හිතකාමී දෙස්පලුවන්Friday, 07 March 2025 10:51 PM

ප්ලේන් නැහැ, හැබැයි සංචාරක පක්ෂි ලෑන්ඩ් කරනවා. ඒ මදැයි!

:       0       1

ප්‍රියන්තSaturday, 08 March 2025 02:41 AM

අනේ රම්බොඩ, ඔයාගෙ කුහක මොලේ. ඔයාගෙ ඔය මහ ලොකු ජාතික නායකයා මේක ගෙදර අරං ගියෙ නෑ තමයි. ඔහු ගෙදර ගියේ කිසිදු ප්‍රතිලාභයක් ගත නොහැකි, සදාකාලික ණය බරක් පොදුජනතාවට පටවා, ඒ වගේ දෙතුන් ගුණයක් කොමිස් කන්දක් අරගෙන.

:       40       167

NelumSaturday, 08 March 2025 07:33 AM

මත්තල ගුවන්තොටුපොළ පහුගිය අවුරුදු පහේ පාඩු ලැබුවනම් හේතු ගානක් තියෙන්න පුළුවන්. පහුගිය අවුරුදු පහෙන් සෑහෙන කාලයක් ලෝකයේම ගුවන් සමාගම් සහ ගුවන් තොටුපොළවල් බාගෙට හෝ මුළුමනින්ම වසා තිබුණේ කොවිඩ් නිසා. අපේ රටට හෝ මත්තලට විතරක් ඇතිවුණු ප්‍රශ්නයක් නෙවෙයි. ඒක අපේ බිමල් සහෝදරයා කියලා නෑ. අමතක වෙන්න ඇති. වියදම් කරලා, හොරකම් කරලා හරි හදපු ගුවන් තොටුපොල කවුරුත් උගන්ඩාව පැත්තේ ගෙනිච්චේ නෑ. හොඳට හදපු ගුවන් තොටුපොලකින් යහපාලනය දේශපාලන කුහක කම නිසා වැඩක් ගත්තේ නෑ එක්කෝ වැඩක් ගන්න පුළුවන් මොළයක් තිබුණු එවුන් ඒ කාලයේ ඉන්න නැතුව ඇති. අනුර සහෝදරයා ඒ කාලයේ ව්‍යවස්ථාදායක සභාවේ ඉඳලත් යහපාලන ලොක්කන්ට නිකම්වත් මතක් කරේ නෑ. කොරෝනා සමයෙන් පසුව රටට ඩොලර් එවන්න එපා කියලා පටන් ගත්ත අරගලයත් රටේ දියුණුව නැතිවෙන්න බලපෑවා. දැන් ඉතින් අරගල කරන එකක් නැහැ කියලා හිතලා බාර ගත්ත අය ඕක ආපහු වැඩට ගන්න ව්‍යාපාර සංවර්ධන සැලැස්මක් හදලා. දකුණ දියුණු කිරීමට හොඳම මගක්. දැනටත් දිගටම වැඩ තියනවනේ

:       21       62

Podi EkaSaturday, 08 March 2025 10:33 AM

වැඩේ කියන්නේ ලෝකෙටම තිබ්බ කොවිඩ් වලින් ලොකුම පාඩුව වෙලා තියෙන්නේ අපේ රටට විතරමයි. මාරයිනේ

:       0       0

සත්‍ය පාල Saturday, 08 March 2025 07:57 AM

තමා. හැබැයි ඒ ගිණි තිබිල්ල සල්ලි කොළ ගොඩ ගහල පුච්චනවා වගේ ඇහැට පේන්නේ නැහැ. ඒක තේරෙන්ඩ මොළෙත් තියෙන්ඩ ඕන

:       5       24

ලක්විදුSaturday, 08 March 2025 08:13 AM

ඔව් ඔව්, මාර සම්පත් ටිකක් ජාතික කරල ගියා තමයි. නැව් එන්නෙ නැති වරායවල්, ප්ලේන් එන්නෙ නැති එයාපෝට්, රැස්වීම් තියන්නෙ නැති (බැදිවල) සම්මන්ත්‍රන ශාලා, ක්‍රිකට් ගහන්නෙ නැති පිට්ටනි, ක්‍රිඩා කරන්නෙ නැති ස්පෝට් කම්ප්ලෙක්ස්…., තව ඕන තරං. ජාතියට ණය කන්දරාවක් ජාතක කරල, තමුන්ගෙ පරම්පරාවෙ ඉස්සරහට ජාතක වෙන එවුන්ටත් එක්කම ජාතික ධනය මංකොල්ල කාගෙන ගෙදර අරං ගියා..!

:       32       31

සත්‍යපාලSaturday, 08 March 2025 10:32 AM

මත්තල රටේ සල්ලි ඇදල ගිණි තියනවා තමා. හැබැයි ඒ ගිණි තිබිල්ල කොළ ගොඩ ගහල පුච්චනවා වගේ ඇහැට පේන්නේ නැහැ. ඒක තේරෙන්ඩ මොළෙත් තියෙන්ඩ ඕන

:       0       0

Tharindu Friday, 07 March 2025 11:38 PM

කේලම් කිය කියා හිටපල්ලා..

:       0       0

සත්‍යපාල Saturday, 08 March 2025 04:10 AM

රම්බොඩලගේ ජාතික නායකයා පොළොන්නරුවේ ඉපදුනානම් පොළොන්නරුවේ වරායක් හදනව. නැවු එන විදිහ අදාලම නෑ. වරායක් හදලා ගෙවාගන්න බැරුව චීනෙට විකිණුව. මත්තල හදලා පාඩු නිසා තව කාටහරි විකුනන්න වෙනවා. සමහරු ඉන්නවා අතේ සතේ නෑ. රස්සාවක් කරන්න කම්මැලියි. තියෙන ගේ දොර විකුණලා බූරු ගහනවා. ඒ අතරේ අවුරුද්දෙන් අවුරුද්දට දරුවෝ 10-15 හදනවා. අන්තිමට ඒ දරුවෝ කාට කාට හරි දෙනවා. ඒ වගේ තමයි "ජාතක" නායකයා. රට උකසට තියලා ගමේ හිතෙන හිතෙන තැන්වල එක එක ඒවා හැදුවා. දැන් රටට ලෝකෙට ණයයි. අර බූරු ගහලා ළමයි විකුණන තාත්තා වගේ.පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොට තියන්න ඔස්ට්‍රේලියාව එක්ක තරග කරා. අන්තිමට ඕස්ට්‍රේලියාවේ පැවැත්තුවා. පාරවල් හෝටල් ක්‍රීඩාපිටි සියල්ල තිබෙන ඕස්ට්‍රේලියාවේ එක තියලා ඔවුනට ඩොලර් බිලියන ගණනක් පාඩු වුනා. මොනවත් නැති හම්බන්තොට තිබ්බනම් අද ලංකාවක් නෑ. ඒකට ගත්ත ණය හිලවුවට රට වෙන කාට හරි විකිණිලා. දෙවියෝ බැලුවා වගේ හම්බන්තොටට නොලැබුණේ. ජාතක නායකයාගේ ජාතකේ එහෙමයි. රට උකස්කරලා බූරු ගහපු ජාතකේ

:       40       242

Siri Saturday, 08 March 2025 04:31 AM

ඕකෙන් ගසාකාපු උන්දලාට නම් පාඩුවක් වෙන්න නැතුව ඇති. ඕකට උඩින් ගියත් සල්ලි හම්බවෙනවා කියලනේ පාරම් බෑවේ.

:       25       21

Nandalal DE SILVA - France Saturday, 08 March 2025 05:29 AM

ඔච්චර විශාලා මුදලක් වියදම් කරලා හරි ඔක ඔතන අටව ගත්ත නාකි මයිනාගේ නම ගහපු බෝඩ්එක තව පරම්පරා ගාණක් යන තුරු එතන තියෙවි නේද?

:       28       105

Rasi Saturday, 08 March 2025 06:32 AM

මේ කුලියට ලියන එවුන් හින්ද පුදුම කරදරයක් තියෙන්නේ. ඒ මදිවට කඩේ යන එවුන්. මොන තරම් ජාතික අපරාදයක් කරත් රකිනවා කියන්නේ, තමන්ගේ අම්ම තාත්ත ගැනවත් හිතන්නේ නැතුව ඇති එහෙම

:       7       30

Rata PerataSaturday, 08 March 2025 01:37 PM

Rasi - සම්පූර්ණ සත්‍යය. මම නම් හිතන්නේ මූගේ තියෙන ජාතකේ වැරැද්ද. අම්මා-තාත්තා නැති සැලකිලි හාමුලට පෙන්නන්නේ ඒකයි

:       0       0

Kumar Saturday, 08 March 2025 08:53 AM

අනෙක් රටවල තව ගුවන්තොටුපලක් හදන්නෙ තිබෙන ගුවන්තොටුපලෙ ඉඩ මදි වුන විටයි. ණය දුන්න රටේ අය සිතන්නෙ මත්තල ගුවන්තොටුපල අනුවන වැඩක් හැටියටයි.

:       15       139

රුවන් Saturday, 08 March 2025 10:35 AM

මේ ලඟදි චීනයේ CGTN එකෙම පෙන්නුවා ලෝකයේ පාලුවට ගිය එකම ජාත්‍යන්තර ගුවන් තොටුපල ගැන විස්තර. ඒ අයත් බනින්නේ රාජපක්ෂලා හොරා කෑවා කියලා. චීනයම කියනවා නම් තව මොන කතා ද?

:       0       0

සෙනෙවිරත්න Saturday, 08 March 2025 10:39 AM

මෙතැන වැඩේට පක්ෂව කමෙන්ට් දාන අය කියනවා නම් වැඩක් ගත්⁣තේ නැති නිසා පාඩුයි කියලා, ඒ අයට පුළුවන් ඔය පැත්තේ උස ගස්වලට නැගලා කොඩි වනලා ඔය හරහා යන ගුවන් යානා බස්සවාගෙන වැඩ හදාගන්න. තියෙන ගුවන්තොට සංවර්ධනය නොකර මේ අට මගලේ වර්ණනා කරලා තමන්ගේ නායකයා රකින අයට කරන්න තියෙන්නේ අරදේ තමයි. වැඩ අල්ලා ගන්න..

:       1       0

අරවින්ද මොණරවිල Saturday, 08 March 2025 11:55 AM

මේ සමහරක්ගේ කොමෙන්ට් දැක්කාම හිතෙන්නේ රට කාලා හප කෙරුවේ රාජපක්ෂලා වික්‍රමසිංහලා සහ ප්‍රේමදාසලා විතරක් නොවෙයි කියලා ඒවාට රම්බොඩලා හෆීල්ලා උක්රන්ලා වගේම ගුණරත්නලාත් හවුල් බවයි.

:       1       0

fairoos Saturday, 08 March 2025 12:24 PM

ලංකාවේ බයියන්ට කොහෙද මේවා තේරෙන්නේ

:       1       0

de silva berlin Saturday, 08 March 2025 02:17 PM

ජාත්‍යන්තර ගුවන්තොටුපලක් නිතරම පිහිටුවා තිබෙන්නේ ජනාකීර්ණ ප්‍රදේශයක් ආසන්නයේ, මේ වටේම තිබෙන්නේ උඩවලව, යාල වැනි වන උද්‍යාන... එම නිසා මේ පළාත ඉදිරියේදී ජනාකීර්ණ වෙන්නේ නැහැ. එම නිසා මෙම ගුවන්තොටුපල සාර්ථක වෙන්නේ නැහැ. ජාත්‍යන්තර ගුවන්තොටුපලකට ගුවන්යානා ආවත්, නැතත් ටවර් එකේ සේවක මඩුල්ලක් , ගිනි නිවන හමුදාවක් සහ වෙනත් කාර්ය මණ්ඩල පැය 24 පුරාම සිටින්න ඕනේ.. මේවාට මුදල් වැය වෙනවා. දැන් කළහැකි හොඳම වැඩේ ඕක ජාත්‍යන්තර ගුවන්තොටුපල ලැයිස්තුවෙන් ඉවත්කොට, ගුවන් යානා පුහුණු පාසලකට හෝ ගුවන්යානා නඩත්තු සමාගමකට බදු දී එහෙමත් නැතිනම් ගුවන්තොටුපලේ පාලනය ගුවන් හමුදාවට බාර දෙන්න.. නැතිව මේ විදිහට දිගින් දිගටම පාඩු පිට පවත්වාගෙන යන එක විශාල ජනතා මුදල් නාස්තියක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ක්‍රීඩා පුහුණුවට නොආවැයි ගුරුවරියගෙන් අපූරු දඬුවමක්
2025 අප්‍රේල් මස 23 248 0

අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව


දළදා වඳින්න හෙට සහ අනිද්දා එන්න එපා
2025 අප්‍රේල් මස 23 341 0

දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.


සිසුවා ඝාතනය සිසුන් 11 අධිකරණයට
2025 අප්‍රේල් මස 23 190 0

හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස


ඩෑන් ප්‍රියසාද් ඝාතනය ගැන පැතිකඩ 3කින් විමර්ශන
2025 අප්‍රේල් මස 23 679 1

සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම


මෙරට කෝටියක් ටින් අංක ලබාගෙන
2025 අප්‍රේල් මස 23 386 0

බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ


මාතර බන්ධනාගාරයේ කලබලය සමනය කරයි
2025 අප්‍රේල් මස 23 219 0

මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 645 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 327 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 477 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site