IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


මත්ද්‍රව්‍ය චෝදනාලද්දන් එල්ලා මැරීමට එරෙහි පෙත්සම සලකා බැලීම සැප්තැම්බර්යේදී

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන්  වරදකරුවන් බවට තීරණය කර  අධිකරණය විසින් මරණ දඬුවම් නියම  කරනු ලැබ සිටින  සිරකරුවන් එල්ලා මැරීමට  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ගත් තීරණයට එරෙහිව  මරණ දඩුවම් නියමව සිටි රැඳවියන් පිරිසක් හා සිවිල්  ක්‍රියාකාරීන් පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන සැප්තැම්බර් මස 06 වැනිදා සලකා බැලීමට  පංච පුද්ගල  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල  අද(11)  තීන්දු කළේය.

හිටපු ජනාධිපතිවරයාගේ එම තීරණය ක්‍රියාත්මක වීම වළක්වමින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය ද සැප්තැම්බර් මස 07 තෙක් බලපැවැත්වෙන පරිදි දීර්ඝ කිරීමට ද අධිකරණය නියම කළේය.

විජිත් මලල්ගොඩ , එල්. ටී.බී.දෙහිදෙනිය,  මුර්දු ප්‍රනාන්දු ,එස්.තුරෙයිරාජා, සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් යුතු  පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැදවිණි.ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව තීන්දු කරනු ලැබුවේ මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් පිරිසක් සහ සිවිල් ක්‍රියාකාරිකයින් ඇතුළු පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්  අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී ය.

දැනට මරණ දඬුවම නියමව සිටින එස්.ගනේෂ් , මොහොමඩ් මිතාර් , හනීෆා ප්‍රහීම් නවාස් , එස්.ඒ සුරේෂ් කුමාර් , සුබ්‍රමනියම් ප්‍රනියමූර්ති ,කේ.එච් .ගමගේ චන්ද්‍රදාස ,එච්.කේ ජයතිලක , එන්.ඒ නිශාන්ත අල්විස් යන නැමැත්තන් සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය , මහාචාර්ය සී.ගුණරත්න , ආචාර්ය කළණ සේනාරත්න යන සිවිල් ක්‍රියාකාරීන්  විසින්  මෙම  පෙත්සම් ගොනු කරන ලදී.

මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති , අධිකරණ අමාත්‍යවරයා , ජනාධිපති ලේකම් , බන්ධනාගාර කොමසාරිස් ජනරාල් , ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස යන මහත්ම මහත්මීන් නම් කරනු ලැබ සිටිති.
ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන රටක් වශයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ කිහිපවරක් ප්‍රතිඥා දී ඇතිබව පෙත්සම්කරුවෝ  කියති.මේ වනවිට මරණ දඬුවම නියම වූ 1600ක් සිටින බව බන්ධනාගාර සංඛ්‍යාලේඛන වල සඳහන් වේ.මේ අතර  එවකට සිටි ජනාධිපතිවරයා විසින් මත්ද්‍රව්‍ය චෝදනා වලට වරදකරුවී මරණ දඬුවම ලැබූ සිරකරුවන් සිව්දෙනෙකු එල්ලා මැරීමට අස්සන් කර ඇති බවට ජනමාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කෙරිණි.එහෙත් මේ පිළිබඳ පැහැදිලි තොරතුරු මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැත.

මෙම ක්‍රියාව ශ්‍රී ලංකාව අත්සන් කර ඇති අන්තර් ජාතික ප්‍රඥප්තීන් උල්ලංඝනය කිරීමකි.මෙලෙස මරණ දඬුවම ලැබු සිරකරුවන් අතරින් සිව්දෙනෙකු තෝරා මරණ දඬුවම නියම කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.එබැවින් මෙම ක්‍රියාව තුළින් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසද මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තෙක් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් ඉල්ලා සිටිති.

පෙත්සම්කරුවන් වෙනුවෙන්   ජනාධිපති නීතීඥවරුන් වන එම්.ඒ සුමන්තිරන්, සංජීව ජයවර්ධන යන මහත්වරු පෙනී  සිටියහ. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය. ජනාධිපති නීතීඥ ෂවීන්ද්‍ර  ප්‍රනාන්දු  මහතා   ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් පෙනී සිටියේය.



අදහස් (1)

මත්ද්‍රව්‍ය චෝදනාලද්දන් එල්ලා මැරීමට එරෙහි පෙත්සම සලකා බැලීම සැප්තැම්බර්යේදී

Raveendra Thursday, 11 February 2021 10:32 AM

ඇත්තෙන්ම එල්ලා මැරීම සුදුසු නැහැ.. ජලයේ ගිල්වා මියයනතෙක් ශරීරය තැබීම වඩාත් යෝග්‍යය. එබැවින් නීති වෙනස් කිරීමට හැකි නම් කොතරම් අගේද?

:       2       6

ඔබේ අදහස් එවන්න

දියත

’’පුළුවන් ශ්‍රී ලංකා’’ගෙනයන්න මාලිමාව අයි.එම්.එෆ් එකට එකඟ වෙලා
2024 නොවැම්බර් මස 07 180 0

අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික


පාසල් සිසුවාට පහරදුන් සෙබළුලු තිදෙනා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 243 0

පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.


තැපැල් ජන්ද සලකුණු කිරීමට අද සහ හෙට අවස්ථාව
2024 නොවැම්බර් මස 07 20 0

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


තැනින් තැන විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 07 32 0

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව


දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 1224 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 1337 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 41 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1370 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site