IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පොලිස් වෙඩි මැද පලායයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බොරැල්ල ඕවල් ක්‍රීඩාංගණය අසල මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් ගේ  වෙඩි ප්‍රහාර මැද පෑලියගොඩ" මල්වත්තේ අමිල" නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු  හා තවත් පුද්ගලයකු සුඛෝපභෝගී මෝටර් රථයකින් පලා ගිය බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

සැකකරුවන් පලාගිය රතු පැහැති එම සුඛෝපභෝගී මෝටර් රථය පෑලියගොඩ පරාක්‍රම මාවතේ කන්ටේනර් අංගනයක සඟවා තිබියදී විනාඩි කීපයක් තුළදී  සොයා ගත් බව පොලිස් නිලධාරියකු පැවැසීය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට දෙමටගොඩ මිහිදු සෙන්පුර මහල් නිවාස සංකීර්ණයේ දී හොරයින්  මත්කුඩු ග්‍රෑම් 150 ක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන්  මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පිළිබඳ අනාවරණය වූ තොරතුරු අනුව පොලිස් නිලධාරීන් බොරැල්ල  ඕවල් ක්‍රීඩාංගණය අසලට ගොස් ඇත.

එහි ගිය පොලිස් නිලධාරීන් මෝටර් රථය පරික්ෂා කිරීමට සූදානම් වීමත් සමඟම මෝටර් රථය  තුළ සිටි පුද්ගලයෙකු පොලිස් නිලධාරීන් දෙසට ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ දරා ඒ සමගම මෝටර් රථය පණ ගන්වා  පොලිස් නිලධාරීන් යට කිරීමට උත්සාහ කිරීමේ දී පොලිස් කණ්ඩායම පිටතට පැන වෙඩි තබා බේරී තිබේ.

එම වෙඩි ප්‍රහාර තුනක් මෝටර් රථයේ පිටුපස පෙදෙසට හා වීදුරු වලට වැදි ඇති බවද පොලිසිය කියයි.

ඒ සමගම පොලිස් නිලධාරීන් මෝටර් රථය පසුපස හඹා යාමේදී එය දෙමටගොඩ  බේස්ලයින් මාර්ගය හරහා පෑලියගොඩ දෙසට වේගයෙන් ගමන් කිරිමත් සමගම පොලිස් නිලධාරීන්ට එය මගහැරී  ඇති අතර පසුව  ලද තොරතුරකට අනුව  විනාඩි කිහිපයක් තුළදී මෝටර් රථය කන්ටේනර අංගනය තුළ සඟවා තිබියදී සොයා ගැනීමට ගැනීමට හැකි වී ඇත.

 

 



අදහස් (1)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පොලිස් වෙඩි මැද පලායයි

SISIRA Thursday, 31 August 2023 03:55 AM

මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් ගේ වෙඩි ප්‍රහාර මැද පෑලියගොඩ" මල්වත්තේ අමිල" නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හා තවත් පුද්ගලයකු සුඛෝපභෝගී මෝටර් රථයකින් පලා ගයේ නම් "එය මහා පරිමාණ වැටලීමක් වන්නේ කෙසේද ?" නිසි උපායන් සහ ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිදුකරනාවූ මහා පරිමාණ වැටලීම් වලදී කිසිවකුට පලායාමට නොහැකිය

:       0       16

ඔබේ අදහස් එවන්න

දියත

කරුත් මැතිවරණ සටනෙන් ඉවත්වෙයි
2024 ඔක්තෝබර් මස 13 2766 0

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන


වැස්ස බස්නාහිර පාසල් වහයි
2024 ඔක්තෝබර් මස 13 2946 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 5401 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 799 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1368 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 914 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26109 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 333 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 421 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1364 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site