IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මත්ද්‍රව්‍ය සමඟ ව්‍යාපාරිකයකු ඇතුළු 05 ක් අත්අඩංගුවට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ඩබ්ලියු. හියුබට් ප්‍රනාන්දු)

උතුරේ යාපනය හා ආශ්‍රිත පෙදෙස්වලින්  මීගමුව නගරයට  කේරල ගංජා, අයිස් හා හොරොයින් ආදි  මත්ද්‍රව්‍ය තොග වශයෙන්  ගෙනවිත් බෙදාහැරීමේ නිරතව සිටි බව කියන කෝටිපති ව්‍යාපාරිකයකු හා ඔහුගේ සහායකයන් 5 දෙනෙකු රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා මත් ද්‍රව්‍ය ‍තොගයක් සමඟ 4 සිකුරාදා  අත්අඩංගුවට ගත් බව මීගමුව පොලිස් අධිකාරි කාර්යාලය කියයි.
 
කේරල ගංජා කිලෝග්‍රෑම් 42 ක්, අයිස් ග්‍රෑම් හතරක් සහ හෙරොයින් ග්‍රෑම් 5 ක් සමග මෙසේ අත්අඩංගුවට ගෙන ඇති කෝටිපති ව්‍යාපාරිකයා මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ දිවා රාත්‍රි හෝටල් ගණනාවක් පවත්වාගෙන යන පුද්ගලයෙක් බව පොලිසිය කියයි.
 
අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවන්  මිගමුව පෙරියමුල්ල, යාපනයේ තොන්ඩමනාරු කොන්ඩාවිල් දකුණ,  ජාඇල උතුරු බටගම,  හැදල මටාගොඩ,    දුන්කන්නාව,  සහ ලුණු විල කිරිමැටියානේ පදිංචිකරුවන්ය.
 
සැකකාර ව්‍යාපාරිකයා මත් ද්‍රව්‍ය තොග වශයෙන් ගෙනවිත් කොළඹ, කුරුණෑගල, මීගමුව, හලාවත, ගම්පහ, මාදම්පේ, ජාඇල ආදි පෙදෙස්වල බෙදාහැර ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත. 

යාපනයේ සිට මීගමුවට ගංජා ප්‍රවාහනය කිරීම සදහා යොදාගනු ලැබූ  කැබ් රථයක් සහ මීගමුවේ සිට මත්ද්‍රව්‍ය බෙදාහැරිමට යොදා ගැනුනු ලොරියක් ද ‍පොලිසිය බාරයට ගෙන ඇත.
 
කේරල ගංජා සදහා ලැබෙන ඉල්ලීම්වලට  අනුව ව්‍යාපාරිකයා  යාපනයට ඇණවුම් ලබාදෙන බවත් ඒ අනුව    යාපනයේ සිට මිගමුව දක්වා මත්ද්‍රව්‍ය තොග ප්‍රවාහනය කර ඇති බවද මූලික පරීක්ෂණවලදී හෙලිවී ඇත.  ‍අත්අඩංගුවට ගැණුන කැබ් රථයේ පිටුපස විශේෂයෙන් සකස්කළ රහසිගත කුටියක අසුරා ගංජා ප්‍රවාහනය කර ඇතැයිද අනාවරණය වී ඇත.
 
යාපනයෙන් ගෙනෙ මත්ද්‍රව්‍ය දළුපොත සිරකදවුර පාරේ පිහිටි නිවසක් වෙත ගෙන ඒමෙන් පසු එහිදී බෙදාහැර ඇතැයි හෙලිවී ඇත.
ව්‍යාපරිකයා මෙම  දෙමහල් නිවස කුලී පදනම මත ලබාගෙන භාවිතා කර ඇතැයිද පොලිසිය කියයි.

එම නිවසේ සැගවී සිටි පොලිස් නිලධාරීන්ට   මත්ද්‍රව්‍ය මිලට ගැනීමට පැමිණි සැකකරුවන් තිදෙනෙක් හා ඒවා ගෙන යාමට  ලොරිරථයද    අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. 

සැකකාර කෝටිපති  ව්‍යාපාරිකයා මත්ද්‍රව්‍ය ජාවාරම මගින් උපයාගත් දේපල පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව මුදල්  විසුද්ධි කිරීමේ පනතේ ප්‍රතිපාදන යටතේ එසේ ලබාගෙන ඇති  සියලු දේපල රාජසන්තක කිරීමට කටයුතු කරන බව පොලිසිය සදහන් කරයි.
සැකකරුවන් රැදවුම් නියෝග යටතේ රදවාගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට පොලිසිය පියවර ගෙන ඇත.
 



අදහස් (1)

මත්ද්‍රව්‍ය සමඟ ව්‍යාපාරිකයකු ඇතුළු 05 ක් අත්අඩංගුවට

siri Sunday, 06 September 2020 08:36 AM

කුඩු භාවිතා කරන අය දැන් කියනවා ‘‘ අල්ලන්නේ විකුණන පොඩි අය විතරයි. මහා පරිමාණයෙන් කුඩු ගෙන්වන අයට අත තියන්නේ නැහැ. ඒ නිසා රට පුරාම කුඩු ඕනෑ තරම් තියෙනවා‘‘ කියලා. කාටද මේ තනි අයිතියක් අරගෙන දෙන්න හදන්නේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 279 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 523 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 391 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1080 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 619 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 2779 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 662 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1886 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site