(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
පැණි මුට්ටි ටොන් ගණන් බිව්වත් පැණි මුට්ටි හිසේ තබාගෙන ගොස් ගඟට නොව බෝක්කු යටට දැම්මත් කොරෝනා වයිරසය පාලනය කළ නොහැකි බවත් එය කළ හැක්කේ එන්නත්කරණය ඇතුළු විද්‍යාත්මක උත්තර සෙවීමකින් හෝ දේශීය වෛද්‍ය ක්‍රමයෙන් පමණක් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
මාතර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් සදහා වැලිගම ප්‍රාදේශීය සභාව මගින් නොමිලයේ ක්‍රියාත්මක කරන “සිප්දොර”අධ්‍යාපනික මාර්ග ගත වැඩසටහනට දින 100 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවැත්වු උත්සවයක දී ඒ මහතා ඒබව කීය.
මිත්‍යාමත වලින් කොරෝනා වයිරසය පැරදිය නොහැකි බව ද අමාත්‍යවරයා කීය.
ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අමාත්‍යවරයා දරුවන් හා ඔවුන්ගේ මාපියන් ආමන්ත්‍රණය කරන ලදි.
කොරෝනා වසංගතය නිසා රටේ ජනතාව බරපතල සෞඛ්‍ය තර්ජනයකට ලක්ව ඇති බවත් එය ජාතික ආර්ථිකයට මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනයට හා මානව සමාජයේ පැවැත්මට විශාල බාධාවක් එල්ල වී ඇති බවත් ඒ මහතා පැවසීය.
ඉන් දරුණුම බලපෑම එල්ල වී ඇත්තේ අධ්‍යාපනයට බවත් එම අභියෝගය නිවැරදි කිරීමද අපහසු කටයුත්තක් බව සදහන් කළේය.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘මිත්‍යාමතවලින් කොරෝනා පරද්දන්න බෑ‘‘
siripala Sunday, 22 August 2021 06:15 PM
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැනට වසරකට පෙර ප්‍රසිද්ධ වේදිකාවේ කියන ලද කතාව නැවත මතකයට නංවමින් මුට්ටි ටොන් ගණන් බිව්වත් පැණි මුට්ටි හිසේ තබාගෙන ගොස් ගඟට නොව බෝක්කු යටට දැම්මත් කොරෝනා වයිරසය පාලනය කළ නොහැකි බවත් එය කළ හැක්කේ එන්නත්කරණය ඇතුළු විද්‍යාත්මක උත්තර සෙවීමකින් හෝ දේශීය වෛද්‍ය ක්‍රමයෙන් පමණක් බවත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කියා සිටියි...
lalMonday, 23 August 2021 04:47 AM
පැණි_ මුට්ටි, නුල්, අලින්ට වදින මිනිසුන්, සාස්තර, තිරුපති. දේවාල, නැකැත් බලලා ඡන්ද තිබිම, අටපාස් නැති කද බඩ මතකත දේශපාලුවන්ට අකුරු උගත් දුවා දරුවන් ලවා ප්‍රසිද්ධියෙ දණගසා වැන්දවීම, මිනිමරු දේශපාළුනවන්ගේ නම් ගම් දමා රටේ පාරවල්, ගොඩනැගිලි රෝහල් නම්කිරිම වැනි දේවල් ඇතිතාක් මේ රට ගොඩයන්නේ නැත.
Prabha Sunday, 22 August 2021 06:35 PM
ඕක අපට කියන්න කළින් එදා කැබිනට් එකේ කියාගන්න හයියක් තිබුණේ නැද්ද?
Namal Sunday, 22 August 2021 06:55 PM
ඒක තමයි, ජෙප්පොයි, දොස්තරවරුයි, මුට්ටි දානකොට, පැණි ප්‍රොමෝට් කරන කොට වාසුදේව කට කැඩෙනකන් කිව්වා එන්නත් එක ගේමු කියල. ඕක හරියන්නේ නෑ කියල. ආණ්ඩුවට බලේ තිබ්බනම් ඕව ඔහොම වෙන්නේ නෑ.
Kcn Sunday, 22 August 2021 07:03 PM
පොඩ්ඩක් පවිත්‍ර ටයි ප්‍රසන්නටයි ගම්මන්පිලටයි ඔය කතාව කියල දෙනවද.. අනික් පැණි මුට්ටිකාරයො මට මතක් වෙන්නෙ නෑ
Bamunuarachchi Sunday, 22 August 2021 07:09 PM
ඩලස් මහත්තයෝ මිථ්‍යා මතවලින් කොරෝනා පමණක් නොවේ කිසිම ලෙඩක් පරද්දන්න සුවකරන්න බැහැ. නමුත් ලෙඩට බෙහෙත් නැති කාලේ මිනිස්සු තොවිල් කෙරුවා නේද? දැනුත් ලෙඩරෝග වලට තොවිල් කරන මිනිස්සු ඉන්න බව පාරේ දකින ප්‍රේත තටුවලින් බලා ගන්න පුළුවන්. එන්නත් නොතිබ්බ කාලේ තමයි මිනිස්සු මිථ්‍යා මත වල එල්ලුනේ. එන්නත සොයාගන්න බැරි වුණා නම් අලුත් කට්ටඩි කොට්ඨාශයක් ලංකාවේ බිහිවන්න ඉඩ තිබුණා. හැබැයි මහත්තයෝ නැකත් බැලීමත් මිථ්‍යාවක්. වැදගත් වැඩකට නැකතට ගෙයින් දොට්ට බැහැලා වෙලාවට වැඩේ කරගන්න බැරි වෙච්චි අවස්ථා තිබෙනවා. සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වය අවබෝධ කර ගැනීමට ගිහිගෙයින් නික්මුනේ නැකත් බලලා නොවෙයි. මේ සියල්ලම මිථ්‍යා මත.
කල්පනා Monday, 23 August 2021 06:51 AM
අවුරුදු හයක්ම දැඩිසේ දුක් විදින්න වුන නිසා සිද්ධාර්ථ රජතුමා නැකැත් නොබලා පිටත් වෙන්න ඇති කියලා කියන්න පුලුවන්
BamunuarachchiMonday, 23 August 2021 09:00 PM
ඔබ බෞද්ධයෙක්ද? කොහෙන්ද බුද්ධාගම ඉගෙන ගත්තේ? සිද්ධාර්ථ කියලා රජ කෙනෙක් හිටියේ නැහැ. අවුරුදු හයක් නොවෙයි කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවා. අවුරුදු ගණන් පාඩම කරලා ඉගෙනගෙන රස්සාවක් ලැබුණාම රස්සාවට යන්න නැකත් බලන්නේ ඇයි? දහසකුත් කරදර විඳලා ගේ හදන්න ලෝන් එක ලබාගෙන ගෙට මුල්ගල තියන්න නැකත් බලන්නේ ඇයි? ඕවා මිථ්‍යාමත.. අලුයම කෙළ පිඩක් සේ ඉවතලන්න. 5 වෙනි ශ්‍රේණියේ ළමයෙකුගේ දැනුම ඔයිට වඩා බොහොම වැඩියි.. පව් කියලා හිතෙනවා.
Sri Lanka Sunday, 22 August 2021 07:55 PM
ඔබතුමා එක පැත්තකින් දේශීය වෙදකමට ගහන ගමන් බටහිර ක්‍රමය අනුමත කරනවා. පැණි කියන්නේ සිංහල භාෂාවෙන් අවුරුදු ලක්ෂ ගණනක් ඉඳලා මිනිස්සු භාවිතා කරලා තියෙනවා..ඒකම සිරප් කියලා මැතකදී ඉඳලා බටහිර සමාගම් හදලා විකුණනවා.. අපිට සිංහලත්, ඉංග්‍රීසිත් බෑ... දන්නේ රටින් ගෙනැල්ලා විකුණන්න..රට හදන අයම දේශීය දේවල් විවේචනය කරනකොට තව මොනවද?
විජිත Sunday, 22 August 2021 08:24 PM
විශාලා මහනුවර තුන්බිය ඇතිවෙලා මිනිසුන් මැරිලා වලදාන්න බැරිව ඉන්න කොට මිනිසුන් එදා සිටි අන්‍යාගමික පුජකවරු පස්සේ ගියා. නමුත් පිහිටක් නැති වුණා. බුදු රජාණන් වහන්සේ හැමදාම මහා කරුණාවෙන් උදේ හවස බලනවා මම කාටද අද පිහිට වෙන්නේ කියලා. නමුත් බුදු රජාණන් වහන්සේ විශාලා මහනුවර තුන්බිය තුළ කිසිම කෙනෙකුට පිහිට වෙන්න ගියේ නෑ. ජනතා ඉල්ලිම, වුවමනාව නැතුව බුදු රජාණන් වහන්සේ පිහිට වෙන්න ගියානම් ඔවා මිත්‍යා මත කියලා තව තව පව් අකුසල් කර ගන්නවා.. එම නිසා බුදු රජාණන් වහන්සේ ජනතාව පිලිගන්න තැනට අසරණ වෙලා, තේරුම් අරන් අත්දැකීම් මත ආවම විශාල මහනුවරට වැඩම කර රතන සූත්‍රය දේශනා කර සත්‍ය ක්‍රියා කර තුන් බිය දුරු කලා. මේ වගේ අනුවණ ඇමති වරුන්ට එය තේරුම් ගන්න බැහැ.
විජිත Sunday, 22 August 2021 08:54 PM
හොරට නිදන අය අවදි කරන්න බෑ. හැබෑවටම නිදි අය කතා කල හැටියේ අවදි වෙනවා. බුදු රජාණන් වහන්සේ මිනිසුන් දාහකට වඩා මරපු අංගුලිමාලට , දහස් ගණනක් මිනිසුන් එක්ක හිටපු අම්බපාලිට පිහිට වුණා. ඒ අය වරද වරද ලෙස දැක්කා, ආයේ ඒ වරද නොකර බවට අධිෂ්ඨානය කලා, වරදට ප්‍රතිවිරුද්ධ දේ, කුසල් කලා. එම නිසා රහත් වුණා. නමුත් ජේතවනාරාමය අල්ලපු වැටේ සිටි බණ ඇසුණු, මිනිසුන් නොව ඌරන් මරපු ඌරු වැද්දට පිහිට වෙන්න ගියේ නෑ. බණ කීවේ නෑ. තම ගිහි කල මාමා වු සුප්ප බුද්දට, දෙව්දත් හාමුදුරුවන්ට.... බණ කියන්න පිහිට වෙන්න ගියේ නැහැ. ඒ ඇයි ඔවුන් හොරට නිදන අය. අවංක නෑ. වංකයි. වරද වරද ලෙස පිලිගන්න කැමති නැහැ. වරදින් එම නිසා මිදෙන්න බෑ. නිවැරදි දේ/කුසල් කරන්න යොමු වෙන්නේ නැහැ ඒ වරද වරද ලෙස නොපිලි ගන්න නිසා. බුදු දහම තියෙන්නේ අවංක බුද්ධිමත් (පින පව හොඳ නරක දත් ඒ අනුව පව් අකුසල් නොකරන හොඳ කුසල් කරන ) අයට.
විජිත Sunday, 22 August 2021 08:54 PM
හොරට නිදන අය අවදි කරන්න බෑ. හැබෑවටම නිදි අය කතා කල හැටියේ අවදි වෙනවා. බුදු රජාණන් වහන්සේ මිනිසුන් දාහකට වඩා මරපු අංගුලිමාලට , දහස් ගණනක් මිනිසුන් එක්ක හිටපු අම්බපාලිට පිහිට වුණා. ඒ අය වරද වරද ලෙස දැක්කා, ආයේ ඒ වරද නොකර බවට අධිෂ්ඨානය කලා, වරදට ප්‍රතිවිරුද්ධ දේ, කුසල් කලා. එම නිසා රහත් වුණා. නමුත් ජේතවනාරාමය අල්ලපු වැටේ සිටි බණ ඇසුණු, මිනිසුන් නොව ඌරන් මරපු ඌරු වැද්දට පිහිට වෙන්න ගියේ නෑ. බණ කීවේ නෑ. තම ගිහි කල මාමා වු සුප්ප බුද්දට, දෙව්දත් හාමුදුරුවන්ට.... බණ කියන්න පිහිට වෙන්න ගියේ නැහැ. ඒ ඇයි ඔවුන් හොරට නිදන අය. අවංක නෑ. වංකයි. වරද වරද ලෙස පිලිගන්න කැමති නැහැ. වරදින් එම නිසා මිදෙන්න බෑ. නිවැරදි දේ/කුසල් කරන්න යොමු වෙන්නේ නැහැ ඒ වරද වරද ලෙස නොපිලි ගන්න නිසා. බුදු දහම තියෙන්නේ අවංක බුද්ධිමත් (පින පව හොඳ නරක දත් ඒ අනුව පව් අකුසල් නොකරන හොඳ කුසල් කරන ) අයට.
විජිත Sunday, 22 August 2021 08:55 PM
හොරට නිදන අය අවදි කරන්න බෑ. හැබෑවටම නිදි අය කතා කල හැටියේ අවදි වෙනවා.
හරි රසවත් Sunday, 22 August 2021 09:10 PM
හරිම රසවත්. අර පැණි ප්‍රමෝට් කරපු නෝනාට මොනව හිතෙනව ඇත්ද? එතකොට ඒ වටේ හිටපු අය කෝ දැන්? ඔබතුමා කියයි, ‘අයියෝ ඕව මොනාද, මේ කට්ටිය ලැජ්ජාව කියන එකේ තේරුම දන්නෙත් නෑ කියල.
K Perera Sunday, 22 August 2021 09:11 PM
හැම වින්නැහියක්ම අපේ රටට වෙලා හමාරයි, දැන්ද මොලය පෑදුනේ.?
විපරමා Sunday, 22 August 2021 09:51 PM
ඔය ටික කියන්ඩ මෙච්වරකල් තෙපරබෑවේ අහවල් දේකටද ? සමහරු පැණිය කටේ හලා ගන්නකොට ,ගගට මුට්ටි දානකොට ,උඩින් ගිහින් පිරිත් පැන් ඉහන කොට බකන්නිලා ගෙනන උන්නේ?
de silva Sunday, 22 August 2021 09:53 PM
මුට්ටි ගඟේ දමපු කාලේ ඔය කට තිබුනේ ලොක් ඩවුන් වෙලාද ?
Perera Monday, 23 August 2021 01:54 AM
මෙහෙම දෙපිට කාට්ටු අයට ඡන්දේ දෙන්නේ කවුද.?
Jagath Monday, 23 August 2021 01:56 AM
දැන් තමයි තේරිලා තියෙන්නේ...
sujith hettiarachchi Monday, 23 August 2021 02:07 AM
පොහොට්ටුවට තේරුනේ දැන් තමයි, දැන් සැපද.?
Kumara Monday, 23 August 2021 02:38 AM
විමල් මහත්තයට අහුවුනොත්...
Nihal Monday, 23 August 2021 05:51 AM
එදා පැණි මුට්ටි සෙල්ලම් දානකොට කටේ පිට්ටු ද තිබුණේ. එදා කට ඇරලා මූණටම කියාගන්න කොන්දක් නැතුව දැන් පිළිකනු ගානේ කියවනවා.
මෝ Monday, 23 August 2021 08:18 AM
ඕවා කරන, කාලෙ තමුන්නැහෙ කොහෙද හිටියෙ.? කවුන්සිලේදි කට පියං ඉදලා දැන් පොර ටෝක් දෙන හැටි. දුන්න අමස්ත්යාංසෙ වැඩ කරල, පෙන්නුවනං.
Deepal Nirosh Monday, 23 August 2021 10:37 AM
ඇමතිතුමනි, කරුණාකර “මිථ්‍යාව“ හා “විද්‍යාව“ අතර විද්‍යාත්මක වෙනස අපට පැහැදිලි කර දෙනු මැනවි..! ඔබ වන් විද්‍යාත්මක අමාත්‍යවරයෙක් කැබිනට් මණ්ඩලයේ සිටීම අපහට සාඩම්බර දේශාභිමානයක්...
Nuwan Monday, 23 August 2021 12:23 PM
පාර්ලිමේන්තුවට පැනි ගෙනල්ලා පොවනකොට ඔහේ කොහෙද හිටියේ ?මිනිස්සු රවට්ටන්න දැන් බොරුවට බබා පාට් දානවා
swene Monday, 23 August 2021 02:56 PM
ඔය ටික කියන්න මාධ්‍ය ඇමති වෙන්නම ඕනෑද? කෙරවලපිටිය ගැන කැබිනට් පත්‍රිකාවේදී මොකුත් නොදන්න බව පැවසූ නිසා ජන මාධ්‍ය ඇමති හැටියට දැම්මා නේද? හොඳම දේ තමයි ජනපතිට අවශ්‍ය දේ දිගින් දිගටම ජනගත කොට ග්ලෝබල්ස් න්‍යායට අනුව, එම මතය විශ්ව සත්‍යයක් බවට පත් කරන එක. එතකොට ගොඩ. තව තව ඇමති කම්...
de silva Monday, 23 August 2021 05:56 PM
මුට්ටි දෙයි එන්නත් ගෙන්වීම පසෙකලා පැණි ප්‍රමෝට් කරනකොට මෙයාලත් ඒවාට හවුල් වුනා.