IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


මෛත්‍රී පොටකට සැරසෙයි

(ඩයනා උදයංගනී)

තමන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසු‍වේ නිදහස් පක්ෂ මූලස්ථානයේ දීඅද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වී ජයගත හැකි බව තමන් විශ්වාස කරන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය

තමන්ට එරෙහිව කුමන කුමන්ත්‍රණ කළත් බියනොවන බවත්, තමා කිසිදේකින් පස්සට යන මිනිසෙක් නොවන බවත් ඔහු පැවසීය.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ත කතෝලික ජනතාවගෙන් සමාව අයැද සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

තම  පාලන කාලයේ රටේ එවැනි සිද්ධියක් වීම පිළිබඳව මෙන්ම මෙම ප්‍රහාරයෙන් මියගිය සහ ආබාධිත තත්වයට පත්ව එකතැන්ව සිටින ජනතාව වෙනුවෙනුත් තමා සමාව ඉල්ලා සිටින බව කී හිටපු ජනාධිපතිවරයා තමන්ට නියම වූ දඩ මුදල කෙසේ හෝ ගෙවීමට කටයුතු කරමින් සිටින බවද සඳහන් කළේය.



අදහස් (24)

මෛත්‍රී පොටකට සැරසෙයි

Hira Tuesday, 31 January 2023 12:13 PM

මේ මිනිස්සු මැරුණම භුතයෙක් වෙලා පාර්ලිමෙන්තුවේ පුටුවක් යට හරි හැංගිලා ඉන්නවා බල ලෝබයෙන් .මේවා දාලා යන්න හිත දෙන්නේ නැත්තේ හම්බවෙන අධික සැප නිසා නොවේද?මේ ක්‍රමයනම් අනිවාර්යයෙන්ම වෙනස් කල යුතුම වෙනවා .නැතිනම් මහල්ලෝ රජ කරන දැක්මක් නැති රටක් විතරමයි ඉතුරු වෙන්නේ

:       0       14

යෝගා Tuesday, 31 January 2023 12:28 PM

මෙයා හිතාගෙන ඉන්නෙ මේ රටේ මිනිස්සු මැරිලා ඉපදුණු අය කියලද..? ඔය හීනෙ මහඋළු ගෙදර ඉඳන් තමයි බලන්න වෙන්නේ

:       0       77

senaTuesday, 31 January 2023 06:09 PM

මෙයා දන්නවා දිනන්න බැහැ කියලා.මෙයා ඉල්ලුවොත් අවාසිවන අපේක්ෂකයෙක් ඉන්නවානේ .එතකොට එයාගෙන් ගානක් කපා ගන්න පුළුවන් චන්දෙ ඉල්ලන්නේ නැතුව ඉන්න

:       0       9

siripala Tuesday, 31 January 2023 06:16 PM

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තව අවස්තාවක් දෙමු. ඔහු සජිත්ව අගමැති කරගෙන රටට දියුණු කරනු ඇත. මොවුන් දෙදෙනා බලයට පැමිණිය හොත් පුරවැසියන්ගේ සියලු බලාපොරොත්තු ඉටුවනු ඇත.

:       15       1

fairoos Tuesday, 31 January 2023 12:30 PM

අනේ හිටං ඔයාට චන්ද දෙන්ඩ ජනතවට මොංගල් නැහැ..නිකං විහිලු සපයන්ඩ එා

:       1       64

මරිසිපාල Tuesday, 31 January 2023 12:35 PM

ජනාධිපති පත්කල නිළධාරින් ඔවුන්ගේ වගකීම හරියට නොකල නිසා පත්කල බලධාරියාට තිබෙන වගවීම අනුව දඩයක් නියම වුනා ඉතින් ඒක ගෙවන්න වුනාම සිදුවන පාඩුව පියවාගන්න ක්‍රමයක් ලෙසට ආයෙත් ජනාධිපති වුනොත් පුළුවන් කියලා හිතෙන්න ඇති .ජයවේවා !!!

:       0       55

APerera Tuesday, 31 January 2023 12:47 PM

අර කව්ද දුවෙක් පොතක් ලිව්වෙ, අපේ තාත්තා ධූර කාලෙං පස්සෙ පොලොන්නරුවට ගිහිං ගොයිතැං බතක් කරගෙන freely ඉන්නවා කියපු my3 ගොයියද මේ......????

:       0       62

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 31 January 2023 01:21 PM

මොහු කට මැත දෙඩෙව්වාට කිහිපවරක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ කෙනෙක්.ග්‍රාමසේවක කමට හෝ සුදුසු නැහැ.

:       0       9

මහසෙන් Tuesday, 31 January 2023 01:31 PM

හරියට හරි.අතහරින්න එපා වැඩේ.

:       0       13

Pd goonawardena Tuesday, 31 January 2023 01:51 PM

අපි මේ දෙන්න බලාගෙන ඉන්නෙ.......මඩු වලිගෙකුත් තියේ...

:       0       28

kamal Tuesday, 31 January 2023 02:06 PM

මේ හිටන් උන්නැහේ ඉතාම හොඳට දන්නවා ලංකාවේ චන්දෙ දෙන උන් ගැන. ඒක නිසා තමයි තමන්ට දිනන්න පුළුවන් කියලා විස්වාසේ තියෙන්නේ. ඕන කරන්නේ පුන්නක්කු දිය කරන්න බාල්දි කීපයක් හොයා ගන්න එක විතරයි. ඉතුරු ටික ඉබේම කෙරෙයි.

:       0       16

Senarath Tuesday, 31 January 2023 02:21 PM

පොන්සේක මහත්තය හරියටම කිව්ව පර්ලිමෙන්තුවෙදි "කට අල්ලගෙන පිටකොටුවෙ බොගහ ලග ඉන්න ඔනෙ මිනිස්සු පාර්ලිමෙන්තු ආවම රටට ඔහොම වෙනව" කියල.

:       1       18

Nandana Tuesday, 31 January 2023 02:51 PM

මම හිතුවා වැරදියි .මම හිතන් හිටියේ මූ හරකෙක් කියලා.බලපුවාම මී හරකෙක්

:       0       20

jagath Tuesday, 31 January 2023 03:13 PM

මුගෙත් අතක්පයක් කඩල මුගෙන් සමාව ඉල්ලන්න ඔනෙ.

:       0       19

වීරවිජේ Tuesday, 31 January 2023 03:16 PM

සමාවත් දීලා ජනපතිත් කරන්නලු. මං හිතන්නෙ ඔලුව හොද නැති එකෙ හොදම එක.. හරිනං දෙන්න ඔන දඩුවම තමයි අර අරාබියෙ වගෙ ක්‍රේන් එකක ඒල්ලලා ගල් ගහලා....

:       0       20

siri Tuesday, 31 January 2023 03:30 PM

දඩේ ගෙවන්න අවශ්‍ය මුදල් හොයාගන්නත් එපායැ නේද අබිලිං ? සුළු පටු ගානක්ද ?

:       0       14

විජිත් Tuesday, 31 January 2023 03:47 PM

මිනි මරලා , සමාව ඉල්ලනවා ...පුදුම සතෙක්. යමෙක් යමෙකුගෙන් "සමාව " ඉල්ලන්නේ ඔහු වරදක් කලබව පිළිගන්නා නිසයි.ඒ අනුව " සිරා " තමයි පාස්කු ප්‍රහාරය කරලා මිනිස්සු 300 කට වැඩි ගණනක් මරපු මිනීමරුවා.මිනිමරුවක් ජනාධිපතිවරණයකට ඉදිරිපත්වෙනවා කියලා ඇහුවාම ලෝකයම අපේ රටගැන කොහොම මොනවා හිතයිද ? සිරෝ, චන්දෙ ඉල්ලන්න මිගමුව පැත්තේ ආවොත්නම් ඔය ඇඳගෙන ඉන්න සරමත් නැතිව සරමෙන් වහගෙන ඉන්න එකත් නැතිව තමයි යන්න වෙන්නේ.

:       0       22

Prabha Tuesday, 31 January 2023 04:10 PM

පුලුවන්නම් පොළොන්නරුවේ ජයන්තිපුර මරණාධාර සමිතියේ සභාපති වෙලා පෙන්නන්න

:       0       19

Budhdhi Anshe Wednesday, 01 February 2023 12:11 AM

පාස්කු ප්‍රහාරය සංවිධානය කරේ ගෝඨාභය රාජපක්ෂට බලයට ගෙන්න සහ දේශබන්දු තෙන්නකොන්ව පොලිස්පති කරන්නයි. කමාන්ඩෝ රෙජිමේන්තුවේ දක්ෂ බෝම්බ නිෂ්ක්‍රිය සහ නිශ්පාදන විශේෂඥයෙකු වූ විශ්‍රාමික මේජර් නිස්සංක සේනාධිපති විසින් ගහපු ප්නලෑනට සම්බන්ධ උන් අතරින් දේශබන්දු තෙන්නකෝන්, වැඩබලන DIG රොහාන් ප්‍රේමරත්න (තුප්පහි රොහාන්) හා සුරේෂ් සලේ ප්‍රධාන සංවිධායකයෙකුත් වේ. සහරාන්ට කියා ඇත්තේ අපි පොඩි බෝම්බ ටිකක් දෙන්නම් ගිහින් කියන තැන්වල තියලා එලියට එන්න අපි එළියේ වැන් එකක ඉඳලා රිමෝට් එකෙන් පුපුරවනවා කියලයි. මේක අපි නවසීලන්ත මුස්ලිම් ප්‍රහාරවලට සම්බන්ධ කරමු කියාත් කියා ඇත. බයවෙන්න එපා කවුරුත් මැරෙන්නේ නැහැ පොඩි සුළු තුවාල විතරක් ඇතිවෙයි කියලා. නිස්සංකා සේනාධිපති විසින් නිෂ්පාදනය කරන බෝම්බ දේශබන්දු තෙන්නකෝන් විසින් ප්‍රවාහන පහසුකම් ලබාදී තිබුනා. දින කිහිපයකට පෙර සයින්දිමරුදු වල මෝටර්සයිකල් බෝම්බයද මොවුන්ගේම ප්ලෑන් එකක්. පාස්කු ප්‍රහාරයේදී අන්තිම මොහොතේදී මොවුන්ට දීලා තියෙන්නේ අධි බලැති බෝම්බ කට්ටල. මාර්ග CCTV දර්ශන පවා පොලිසියෙන් අතුරුදහන් වෙලා තිබුනා. එළියේ වෑන් එකේ ඉඳලා ඔවුන් සමගම පුපුරවලා ඇරියා. සහරාන්ගේ බිරිඳ

:       3       0

Jayalath Wednesday, 01 February 2023 12:18 AM

මේ මිනිහට චන්දෙ දෙන පිස්සො ලංකාවේ නෑ

:       0       4

පොලොන් නරුමය Wednesday, 01 February 2023 01:54 AM

පොළොවේ පයගහලා ඉන්න කෙනෙක්, ගැමියෙක්, ගොවියෙක්, මිනිස්සුන්ගේ ප්‍රශ්න හඳුනන මිනිහෙක් විදියට ඔබතුමාට රටේ මිනිස්සු කැමතියි. ඒ නිසා පළපුරුදු දේශපාලකයෙක් විදියට මේ රට වට්ටලා තියෙන වලෙන් ගොඩගන්න පුළුවන් ශක්තියක් ඔබතුමාට තියෙනවා කියලා විශ්වසකරනවා. ඒ නිසා ඔබතුමාට පැහැදිලිව ජයග්‍රහණයක්‌ ලැබෙනවා නියතයි...

:       10       0

AbaranWednesday, 01 February 2023 10:42 AM

මාව හිනැස්සුවාට බොහෝම ස්තුතියි...

:       0       9

Samson Wednesday, 01 February 2023 07:13 AM

ලංකාවේ ඉන්න බයියන්ට දැන් ඉතිහාසය අමතක වෙලා ඇති. මේ මැරයන් දිනන්නත් පුලුවන්. මුන්ට බර සල්ලියක් හම්බවුනා පාස්කු ඇටෑක් එක සඟවන්න. ඔය දඩය ගෙවල පරම්පරාවකට ඒ සල්ලි ඇති.

:       0       3

අන්හෙට්ටි Thursday, 02 February 2023 10:29 AM

ඇත්ත දේ තමයි මේ 60 පැනපු අය අනේ පින් සිද්ද වෙයි. ගෙදර ඉන්න. ඕ ගොල්ලෝ කරපු පති කම් ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 914 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 412 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 579 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 1467 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 864 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 4946 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 600 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site