IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මාතරට කඩිනම් සහන දෙන්න නියෝග

(අංජුල මහික වීරරත්න)

අධික වර්ෂාව සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතා සොයා බලා ඔවුන්ට  සහන සැලසීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාතර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එම ජනතාවට අවශ්‍ය පිසූ ආහාර,  ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය පහසුකම් නොඅඩුව සපයා දෙන ලෙසත් එම කටයුතුවලදී ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගන්නා ලෙසත් ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දෙනු ලැබීය.

එසේම ඉදිරියේ දී ගංවතුර තත්ත්වය ඉහළ යාමක් සිදුවුව හොත් එම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පෙර සූදානමකින් කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා අදාළ අංශ වෙත දැනුම් දුන්නේය.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්  අනෙකුත් දිස්ත්‍රික්කවල ද ඇති විය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.

ගංවතුර, තද සුළං, පස් කඳු කඩා වැටීම්, තද වැසි, ගල් පෙරලීම් හා ගස් කඩාවැටීම් හේතුවෙන්  මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ක පවුල් 2350ක පුද්ගලයන් 9448දෙනෙක් පමණ පීඩාවට පත්ව සිටිති. 
අර්ධ හානි සිදු වූ නිවාස ගණන 399ක් වන අතර වෙනත් දේපළ හානි 37කි. 

මාලිම්බඩ, අකුරැස්ස, කඹුරුපිටිය, තිහගොඩ යන ප්‍රදේශවල ස්ථාපනය කළ ප්‍රජා ආහාර සැකසීමේ මධ්‍යස්ථානවලදී ඔවුන් වෙනුවෙන් පිසූ ආහාර සපයාදීම සිදු කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.

පවුල් 6967ක් පුද්ගලයන් 25,553ක් ගංවතුරින් කොටු වී සිටින අතර ඔවුන් වෙත පිසූ ආහාර ලබා දීම යුද හමුදාව විසින් සිදු කරන බව රජය පවසයි. 

මේ අතර ගංවතුරින් වැඩිම පීඩාවකට පත්වූ මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව වෙනුවෙන් විශේෂ සහන වැඩපිළිවෙළක් ද යුද හමුදාව විසින් ක්‍රියාත්මක කර ඇතැයි ද  61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජානක රණසිංහ, මාතර ප්‍රදේශය භාර බල සේනාංකාධිපති කර්නල් රොෂාන් කන්නංගර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුද හමුදා බල ඇණි දෙකක් එම සහන සේවා සිදු කරන බවද රජය කියයි. 

පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සඳහා අගුල් 06ක් හා මෝටර් බෝට්ටු 03ක් යොදවා තිබෙන අතර හදිසි ආපදා තත්ත්වයකදී එම ජනතාව මුදා ගැනීම වෙනුවෙන් විශේෂ හමුදා රථ ස්ථානගත කර තිබේ. 

මාතර දිස්ත්‍රික්කයේ හදිසි ආපදා තත්ත්වයන් සහ ඊට අදාළ තොරතුරු දැනුම් දීම සඳහා මේජර් ජෙනරල් ජානක රණසිංහ (0766907042), කර්නල් රොෂාන් කන්නංගර (0766907146) සම්බන්ධ කර ගන්නා ලෙස රජය ඉල්ලීමක් කරයි.



අදහස් (3)

මාතරට කඩිනම් සහන දෙන්න නියෝග

චන්දන Thursday, 05 October 2023 05:55 PM

ජනාධිපති කිව්වෙ නැත්නම් ඒව කෙරෙන්නෙ නැත්ද. ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය මෙයා කියනකම් බලං හිටියද? නර නාටක කියන්නෙ මේවට..

:       0       0

Rata Perata Thursday, 05 October 2023 06:28 PM

ඔය වගේ නියෝගයක් දීපන්කො අර වත්කම් බැරකම් ප්‍රකාශ කලේ නැති දේශපාලුවන්ට .රට බංකොලොත් කියලා නිල වශයෙන් කියලා ලැජ්ජා නැතුව බකන් නිලාගෙන ඉන්නවා.මෙහෙම උන්ටත් නායකයෝ කියන්න තරම් පෙන්දෝ ලංකාවේ ඉන්නවනේ

:       0       0

Nihal Thursday, 05 October 2023 10:28 PM

අසරණ වුණු අවස්ථාවක්, සුනාමිය වේලාවේ වගේ අපේ ගෙවල් සුද්ද කරන්න එපා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1484 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 39 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 36 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 40 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය
2024 ඔක්තෝබර් මස 11 136 0

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 78 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39975 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25933 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 215 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1294 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site