(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ තරංග ගුණරත්න)
“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල තත්වයක් බැවින් අභියාචනාධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කරන්නැයි දන්වමින් පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා හා ඔහුගේ රියදුරු මුදා හැරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද නියෝග කළේය.
අධිකරණය යනු මහජනතාවගේ බලයෙන් පිහිටුවනු ලැබු ආයතනයක් බව ද කවුරුන් හෝ ඊට අභියෝග කරන්නේ නම් එය මහජන බලයට හා මහජන විශ්වාසය පළුදු කරන්නක් බව ද මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙහිදී කියා සිටියේය.
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදිරීපිට සිදුවු වෙඩි තැබීමෙන් පොලිස් සැරයන්වරවකු ජීවිතක්ෂයට පත්වු අතර ඊට කුමන්ත්‍රණය කිරීම යටතේ පොලීස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා දින 21 ක් රිමාන්ඩ් භාරයේ තබා ඉකුත් 10 වැනි දින ඇප ලබා දුන්නේය.
එහීදී ඔහු ඇප ලබා ගැනීමෙන් පසු අධිකරණ භූමියේ සිට මෝටර් රථයක නැගී යාම හේතුවෙන් අධිකරණ නියෝග කඩ කර අධිකරණයට අපහාස කොට ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් පසුගියදා අධිකරණයට කරුණු වාර්තා කලේය.
එහිදී සැකකාර දේශබන්ධු තෙන්නකෝන් මහතාට හා ඔහුගේ මෝටර් රථයේ රියදුරුට අද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසී නිකුත් කෙරීණි.
ඒ අනුව දේශබන්ධු තෙනානකෝන් මහතා හා රියදුරු වන රොෂාන් ලක්ෂිත කරුණාරත්න යන අය අද උදෑසන 9.00 ට පමණ මාතර අධීකරණය ඉදිරිපිටට මෝටර් රථයෙන් පැමිණ ශරීර පරික්ෂාව සිදු කර සාමාන්‍ය පරිදි ඇතුළු වී අධිකරණ ශාලාවේ බංකුවක සවස 2.15 පමණ වන තෙක් අසුන් ගෙන සිටියේය.
ඉන් පසුව පැමිණිල්ල වෙනුවෙන් කරූණු ඉදිරිපත් කිරීමට රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැමීණී අතර නඩුව කැදවු අවස්ථාවේ දී මෙසේ කීය.
“පසුගිය 10 වැනිදා ඔබතුමා මෙම අධිකරණයේ දී ඇප සම්බන්ධව නියෝගයක් නිකුත් කළා.ඒ වෙලාවේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ අද ඇවිත් නැහැ. ඔහු එදින මෙම ප්‍රධාන සැකකරුට අධිකරණයෙන් එලියට යද්දී විශේෂ ආරක්ෂාවක් ඉල්ලා සිටියා. ඒ වගේම වාහනයක් ගෙනල්ලා යන්න ඉල්ලුවා.එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ඔබතුමා නියෝගයක් ලබා දුන්නා.ඒ නියෝගය ලියපු පෑනේ තීන්ත වේලෙන්න කලින් මේ සැකකරුවන් ඒ නියෝගය උල්ලංඝනය කලා.
මම එදා ඔබ තුමා ඉදිරියේ ප්‍රකාශ කළ මෙම සිද්ධියේ ප්‍රකාශයක් දුන් මේ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන්ට ජීවිත තර්ජන ඇති බැවින් ආරක්ෂාවක් ඉල්ලා සිටින බව. එම නිසා මෙම ප්‍රධාන සැකකරු සිටිය යුත්තේ සමාජ ගත කර නොව රිමාන්ඩ් භාරයේ බව මම ප්‍රකාශ කළා.කෙසේ වෙතත් ඔහුට ඇප හිමි වුණා.ඒ ඇප නියෝගය ප්‍රතිශෝධනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
ශ්රී ලංකා රජයේ නියෝජිතයා ලෙස වතිකානයට ගිය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අද අවසන් ගෞරව දැක්වීය.
වව්නියාව, මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත්‍රික් මහ රෝහල් හතර උතුරු පළාත් සභාවේ සහ රජයයේ මුලිකත්වය යටතේ සැලසුමකට අනූව සංවර්ධනය කර ගුණාත්මක සෞ
ශ්රී ලංකාවේ චීන ජනරජ තානාපති කාර්යාලය මඟින් සංවිධානය කළ, ලෝක Thai chi දිනය සැමරුම අද (26) නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ දී පැවැත්විණි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මාතරින් දේශබන්දුට දුන් නියෝගය
fairoos Saturday, 26 April 2025 11:32 AM
සාක්ෂි නැතිකරන්න පුළුවන් ඇතුලේම හිටියා නම් හොඳයි.