(නුවන්කුමාර)
තම මිතුරියගේ ඒ ටී එම් කාඩ්පත සොරකම් කර මුදල් ලබාගත් ඇගළුම් සේවිකාවක් සැකපිට අද ( 20 ) දහවල් අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලීසිය කියයි.
තඹුත්තේගම ඇගළුම් කම්හලක සේවය සදහා පැමිණි තරුණියන් දෙදෙනෙකු ඉතාකෙටි කලකින් මිතුරියන් භවට පත්වි ඇති බවත් ඔවුන් දෙදෙනා ඔවුනොවුන්ගේ පෞද්ගලික තොරතුරු පවා හුවමාරු කර ඇති බවත් පොලීසිය සදහන් කළේය.
මිතුරිය ආහාර ගැනීම සදහා පිටතට ගිය අවශ්ථාවේදී ඇයගේ අත් බෑගයේ තිබු ඒටිඑම් කාඩ්පත සොරකම් කර මුදල් ලබාගෙන තඹුත්තේගම පිහිටි රණ්භාණ්ඩ අළෙවි සැළකින් රන් මුදු දෙකක් සාදා ගැනීම සදහා රුපියල් 36000ක අත්කාරමක් ද ගෙවා ඇති බව පොලීසිය මෙතෙක් කළ පරික්ෂණවලින් අනාවරණය කරගෙන ඇති බව පොලීසිය පැවසීය.
තම පොලීසියට පැමිණිල්ල ලැබි පැය භාගයක කාලයක් ඇතුළත අදාල ආයතනවල සීසිටිවි කැමරා පරික්ෂාකොට සැකකාරිය අත්අඩංගුවට ගැනීමට හැකිවු බව පොලීසිය සදහන් කළේය.
සැකකාරිය අද (20 ) තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. තඹුත්තේගම වැඩ බලන මුලස්ථාන පොලිස් පරික්ෂක ආර්.එම්.ජේ.රත්නමළල මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථනාධිපති පො.ප.විමලසේන මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ පවත්වයි.
ජාතික ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලලිමේන්තු පැමිණි ඇතැම් මන්ත්‍රීවරුන් තමා නොහඳුනන බව අමාත්‍ය ලාල් කාන්ත මහතා පැවසීය.
මියන්මාරය යළිත් වරක් ප්‍රබල භූමිකම්පාවකින් කැලැඹිණි. මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.6 ක් ලෙසටය.
පසුගිය මාස තුනක කාලයේදී වෙඩි තැබීම් තිහක් සිදුවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
ශ්රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ 2000වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා අධ්‍යයන නිවාඩු ලබා විදේශගතවී ඇති නිලධාරීන් දහතුන් දෙනෙකුගෙන් බැඳුම්කර කඩවීම හේතුවෙන්
දක්ෂිණ අධිවේගී මාර්ගය ඇතුළු අධිවේග මාර්ගවලින් පසුගිය දින දෙකේදී (11සහ12) රුපියල් කෝටි 10 ඉක්මවූ ආදායමක් උපයාගෙන ඇතැයි අධිවේගී මාර්ග අධ්‍යක්ෂ පවසයි.
අස්වැසුම ලැබිය යුතුම සියයට පනහකට නොලැබෙන බව පවර්ටි ඇනලිස් ආයතනයෙන් කරන ලද සමීක්ෂණයකදී තොරතුරු අනාවරණයවී ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
මිතුරියගේ ඒ ටී එම් කාඩ්පතට විද්ද මිතුරිය අත්අඩංගුවට