(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මැතිවරණ නීති සංශෝධනය සඳහා කරුණු සොයා බැලීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ
සාමාජිකයන් ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ රාවුෆ් හකීම් යන මහත්වරුද අලුතින් පත් කරනු ලැබ සිටිති.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙම තීරණය පාර්ලිමේන්තුවට අද (22) උදේ දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 101 හි විධිවිධාන සහ පාර්ලිමේන්තුව විසින් 2021 සැප්තැම්බර් 21 දින සම්මත කරන ලද යෝජනාව අනුව මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණය සඳහා මේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත් කරනු ලැබ ඇත.
මෙම කාරක සභාව දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන නියෝජිතයින් රැසකගේ අදහස් දැනට ලබාගෙන ඇති අතර එහි අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ලබන නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතය.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැතිවරණ නීති හදන මැති සබා කමිටුවට බැසිල් -හකීම්
අබිලින් Wednesday, 22 September 2021 12:29 PM
ද්විත්ව පුරවැසියකු රටේ පාලනය සම්බන්ධයෙන් නීති සැලසුම් කිරීමට ගැනීම සුදුසුයිද?
chandana Wednesday, 22 September 2021 12:56 PM
12% ක් තිබ්බ එක 5% කරලා වලිගය විසින් බල්ලාව නටවන තත්වයට පත් කරපු වරද නම් මෙහෙම නම් නිවැරැදි කරන්න බැරි වෙයි. කඩුව තියෙන්නේ කොස් කොටන්න නෙවෙයි. අපරාදෙ 2/3 බලය...
ganegoda Wednesday, 22 September 2021 12:57 PM
දැන් ‘‘ශරියා‘‘ නීතියෙන්ද මැතිවරණයට එන්නේ...?
සුරලොව ඇත්තෝ Wednesday, 22 September 2021 02:10 PM
එහෙම වෙයි කියල හිතෙනවා
BamunuarachchiFriday, 24 September 2021 07:44 AM
ඇයි මොකක්ද පරශ්නය? හකීම් පත්කළ නිසාද? ලෝකෙට පෙවන්න ඕනේ අපි ජාතිවාදී නැහැයි කියලා ඒ නිසයි සුළු ජාතිකයෙක් ගත්තේ. ඔබට ඒ පැත්ත පෙනෙන්නේ නැද්ද? එහෙම හිතන්න තරම් බුද්ධියක් තිබෙන්න ඔනේ. ඕවා පොලිට්‍රික්ස්.
kapila Wednesday, 22 September 2021 01:48 PM
මැතිවරණ භීෂණය, හොර ඡන්ද මංකොල්ලය වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම් නැවත එන ලකුණු පහළ වී ඇත. අපේ අවාසනාවකට මහින්ද දේශප්‍රිය මැතිතුමා විශ්‍රාම ගොස් ඇත. දැන් කොමිසමේ ඉන්න අයට කොන්දක් තිබේදැයි අප නොදනිමු. කෙසේවෙතත් රට යන්නේ අගතියට බව නම් පැහැදිලියි. ඡන්ද මැෂිම යළිත් ක්‍රියාත්මක වනු ඇත..
Warnakulasuriya Shirantha Wednesday, 22 September 2021 01:49 PM
අහෝ සිංහල බෞද්ධ ආණ්ඩුව..!!!
BamunuarachchiFriday, 24 September 2021 07:42 AM
ඇයි මොකක්ද ප්‍රශ්නය? ලෝකෙට පෙවන්න ඕනේ අපි ජාතිවාදී නැහැයි කියලා ඒ නිසයි සුළු ජාතිකයෙක් ගත්තේ. ඔබට ඒ පැත්ත පෙනෙන්නේ නැද්ද? එහෙම හිතන්න තරම් බුද්ධියක් තිබෙන්න ඔනේ.