(ඩයනා උදයංගනී)
පළාත් පාලන මැතිවරණයට වෙන් කර ඇති මුදල් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදීමට මුදල් අමාත්‍යාංශ හා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා දින 7ක් තුළ කටයුතු නොකළොත් විපක්‍ෂයේ සියලු පක්‍ෂ ඔහුට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පරිදි මැතිවරණ කොමිෂන් සභාවට මුදල් නොදුන්නොත් උසාවියට අපහාසයක් කළා සේ සළකා එතුමාට එරෙහිව අදාල පියවර ගන්නා ලෙස විපක්‍ෂයේ සියලු පක්‍ෂ එක්ව අධිකරණයෙන් ඉල්ලා සිටින බව ද පීරිස් මහතා සඳහන් කළේය.
එමෙන්ම මේ තත්වය සම්බන්ධයෙන් ලබන සතියේ සිට ජාත්‍යන්තරය ද දැනුම්වත් කරන බව ඔහු පැවසීය.
ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ වන විට පළාත් පාලන ආයතනවල කාලය අවසන්ව ඇති අතර, මැතිවරණය සම්බන්ධයෙන් අවිනිශ්චිතභාවයක් ඇතිව තිබෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක නොවුවහොත් එය අනාගතයේ දී භයානක පූර්වාදර්ශයක් විය හැකි බව කී මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව හමස් පෙට්ටියට දැමීම මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් ලබන සතියේදී පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට කැඳවීමට රජය බලාපොරොත්තුවීම ද අනුමත කළ නොහැකි බව පැවසීය.
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මැතිවරණයට මුදල් නොදුන්නොත් විපක්ෂයේ පක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට