(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට එහි ප්‍රධානීන්ගෙන් සිදුවන්නේ යැයි කියන හිරිහැර සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ සම්බන්ධයෙන් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මුජිබර් රහුමාන් මහතා මෙසේද පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හැටියට මම මේ කාරණය ගැන ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. මේ පාර්ලිමේන්තුවේ වැඩ කරන සේවිකාවන්ට වෙන ලිංගික හිරිහැර පිළිබඳව පසුගිය සති කිහිපයේ ජන මාධ්‍ය වල පළ වුණා. මම හිතනවා මේ සම්බන්ධයෙන් ප්‍රධාන ලේකම්වරිය යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. සමහර අය වැඩ තහනම් කරලා තියෙනවා. සමහර අය විශ්‍රාම ගන්වලා තියෙනවා.
ඒ වගේම ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වැඩ කරන කාන්තාවන්ට නිතර නිතර විවිධ හිරිහැර කරන්න එතන ඉන්න බලධාරීන් කටයුතු කරනවා කියන පැමිණිල්ල වාර්තා වෙලා තියෙනවා. මම හිතන්නේ මේ පිළිබඳව පැමිණිලි රාශියක් ලැබිලා තියෙනවා.මේ ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. වහාම මේ ගැන ක්‍රියාමාර්ග ගන්න. පාර්ලිමේන්තුවේ කාට හරි ලිංගික අතවර අඩන්තේට්ටම් සිද්ධ වෙනවා නම් අපිටත් ඒක බලපානවා. මේ පිළිබඳව පරීක්ෂා කරලා වහාම ක්‍රියාමාර්ගයක් ගන්න
කතානායක ජගත් වික්‍රමරත්න මහතා
මේ සම්බන්ධයෙන් තවමත් අපිට කවුරුත් දැනුම් දීමක් කරල නෑ. අපි ඒ ගැන පරීක්ෂණයක් කරන්නම්.
මුජිබර් රහුමාන් මහතා;
මාධ්‍ය වල තොරතුරු වාර්තා වෙලා තියෙනවා.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මැතිසබේ “කුකුලන්” ගැන කතානායකට පැමිණිල්ලක්
රංගනාත් Tuesday, 07 January 2025 04:23 PM
මීට කලිනුත් පාර්ලිමේන්තුවේ ඔහොම කේස් වාර්තා වුණා නේද? විපක්ෂෙටත් එල්ලෙන්න කොහේ හරි පිදුරු ගහක් තිබ්බත් ඇති වගේ.
Nilmini Tuesday, 07 January 2025 05:30 PM
මේ කරනවා ඇත්තේ පාර්ලිමේන්තුව එහි සේවය කරන අයගේ පුද්ගලික බූදලයක් කර ගැනීමට කරන උප්පරවැට්ටියක්ද කියලා හිතෙනවා. මොකද එහෙම දෙයක් කලාම පාර්ලිමේන්තුවේ පාරම්පරික උරුමක්කාර පොල්මක්කාරයින්ට තමන්ගෙ දරු මුනුබුරන්ට නෑයින්ට රැකියා දෙන්න බැරිවෙනවා. මෑතකදී නිළධාරි ගැනීමට විරෝධයක් ඇතිවුනානේද. කොටින්ම කිව්වොත් ඔය කරන්නේ පාර්ලිමේන්තුවේ රැකියා ඉල්ලීම් වලට අනියමින් බියගැන්වීම්ද කියලා හිතෙනවා
sam Wednesday, 08 January 2025 03:14 AM
බලන්න ඒ හිරිහැර කරන එවුන් පොහොට්ටුවේද කියලා. දන්නවනේ, පොහොට්ටු ලොක්කා ඕවාට අති දක්ෂයා කියලා.