IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


මැතිසබේ ගුටි බැට සෙවූ කමිටුවේ වාර්තාව කතානායකට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සහ සමගි ජන බලවේගයේ  මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ  රෝහණ  බණ්ඩාර යන මහත්වරුන්  අතර සිදු වූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක   අජිත් රාජපක්ෂ මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (14) බාරදෙනු ලැබීය.

මෙම ගුටිබැට හුවමාරුව සිදු වී තිබුණේ  පසුගිය ඔක්තෝබර් මස 20 වැනිදාය.

එම සිද්ධියෙන් පසු ඒ පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහා මෙම කමිටුව පත් කරනු ලැබුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසිනි.

අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ  රාජ්‍ය ඇමතිනී  සීතා අරඹේපොල ,මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ,     ගයන්ත කරුණාතිලක,  ඉම්තියාස් බාකීර් මාකාර්,  නීතිඥ තලතා අතුකෝරල  එම කමිටුවට පත් කෙරුණු සෙසු සාමාජිකයෝ වෙති.

එම සිද්ධිය පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහා කමිටුව සිවුවතාවක් රැස්විය.

සිද්ධිය සම්බන්ධයෙන් නම සඳහන් වූ රාජ්‍ය අමාත්‍යවරිය සහ මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් කමිටුව පසුගියදා කරුණු විමසීය.

එම තිදෙනාට අමතරව සිද්ධිය ඇසින් දුටු පියල් නිශාන්ත රාජ්‍ය  අමාත්‍යවරයාගෙන්ද කමිටුව ප්‍රකාශ සටහන් කර ගත්තේය.

කමිටු වාර්තාව බාර දීමේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතාද සහභාගී විය.

එම සිද්ධියේදී රාජ්‍ය අමාත්‍යවරිය සහ මන්ත්‍රීවරුන් දෙදෙනා පාර්ලිමේන්තුවේ ගෞරවයට හානියක් කර ඇති බව  මූලික පරීක්ෂණවලදී තොරතුරු හෙළි වී යැයි නියෝජ්‍ය කතානායක  අජිත් රාජපක්ෂ මහතා  මෙයට පෙර නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

කමිටු  වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව කතානායකවරයා  සුදුසු තීරණයක් ගනු ඇතැයි පාර්ලිමේන්තුවේ  නිලධාරියෙක් පැවසීය.



අදහස් (0)

මැතිසබේ ගුටි බැට සෙවූ කමිටුවේ වාර්තාව කතානායකට

ඔබේ අදහස් එවන්න

දියත

ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 09 83 0

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්


පාප් වහන්සේගෙන් ජනපතිට සුබ පැතුම්
2024 ඔක්තෝබර් මස 09 159 0

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


ආරුක්කු පාලම උඩ ඉන්දු - ලංකා සලරුවක්
2024 ඔක්තෝබර් මස 09 86 0

ඇල්ල දෙමෝදර අතර පිහිටි ආරුක්කු නවය පාලම මත ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා පටයක රෑගත කිරීම ඊයේ(09)වැනි දින සිට ආරම්භ විය.


නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීම අත්හිටුවයි
2024 ඔක්තෝබර් මස 09 681 1

ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට පැවරීමේ සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හ


හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 528 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1902 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39592 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25767 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site