(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් අවදානම යටතේ පාර්ලිමේන්තු රැස්වීම් ලබන සතියේදී පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට සවස 2.30ට පැවැත්වීමට නියමිතය.
මේ රැස්වීම පිළිබඳව සියලු පක්ෂ නායකයන්ට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.
පාර්ලිමේන්තු රැස්වීම් කොවිඩ් අවදානම හේතුවෙන් පසුගිය සතියේදී රැස්වුණේ ද දින දෙකක් පමණි.ඒ පසුගිය 4 සහ 5 යන දෙදිනයේදීය.
ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම්ද කොවිඩ් අවදානම හේතුවෙන් බොහෝ දුරට දින දෙකකට සීමා වනු ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති .
මේ අතර පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන්නේ නම් දැඩි සෞඛ්‍ය විධිවිධාන යටතේ එය කරන ලෙසට සෞඛ්‍ය අංශ ප්‍රධානීන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
කොවිඩ් ආසාදිත සේවකයෝ කීප දෙනෙක් පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පසුගිය දිනවල සොයා ගනු ලැබූහ.
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැතිසබේ රැස්වීම් ගැන හෙට තීන්දුවක් ගනී