IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


මැතිසබේ ලිංගික හිරිහැර සොයන්න විශේෂ කමිටුවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

 

මැතිසබයේ  තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට සිදුවන්නේ යැයි කියන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ  චමින්ද කුලරත්න මහතා විසින් කමිටුවක් පත් කරනු ලැබ ඇත.

පාර්ලිමේන්තුවේ පරිපාලන කටයුතු බාර අධ්‍යක්ෂිකා ඉන්දිරා  දිසානායක මහත්මිය මෙම කමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කරන්නීය

කමිටුව පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසු එම දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ගෙන් ඊයේ  (08) ප්‍රශ්න කර කට උත්තර සටහන් කරගෙන ඇති බව  එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

විමර්ශනවලදී  සේවිකාවක තමාට ලිංගික වශයෙන් අඩන්තේට්ටම් සිදුවූ බවට පැහැදිලිවම කරුණු අනාවරණය කර ඇතැයි   එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් පවත්වන ලෙස සේවකයෝ  පිරිසක් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමටද  සූදානම් වෙති.

මේ අතර පාර්ලිමේන්තුවේ ගෘහ පාලන  දෙපාර්තමේන්තුවේ ඇතැම්  රූමත් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් හිටපු විනිසුරු කුසලා සරෝජනී  වීරවර්ධන  මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු   විමර්ශනයද  අවසන් කර එහි වාර්තාව බාරදී ඇතැයි වාර්තා වේ.

එම කමිටුව ඉදිරිපත් කර ඇති නිර්දේශ අනුව පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් මේ සති අන්තයේදී එම සිද්ධියට චෝදනා ලැබූ ප්‍රධානියා ඇතුළු තිදෙනා සම්බන්ධයෙන් සුදුසු ක්‍රියා මාර්ගයක් ගැනෙනු ඇත.

එම ලිංගික හිරිහැර සිද්ධිය සම්බන්ධයෙන්  ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ  ප්‍රධානියා ඇතුළු  තිදෙනා  වැඩ තහනම් කරනු ලැබ සිටිති.



අදහස් (3)

මැතිසබේ ලිංගික හිරිහැර සොයන්න විශේෂ කමිටුවක්

ජිල්බු Thursday, 09 January 2025 01:05 PM

මමත් කැමතී කමිටුවට එන්න ප්‍රායෝගික වැඩ මුලු තියලා පුහුණුව දෙනවානම්.

:       3       12

Pushpakumara Thursday, 09 January 2025 04:55 PM

පාර්ලිමේන්තුවෙන් බැහැර කණ්ඩාමක් මූලික විමර්ශනය සදහා පත්කිරීම තමයි වඩාත්ම සුදුසු වෙන්නෙ .අභ්‍යන්තරයෙන් පත්කලොත් සුලුවෙන් හෝ පක්ෂෂග්‍රාහීව කටයුතු කරන්න ඉඩක් ඇති කියල සැකයකුත් ඇතිවෙනවා

:       0       0

ravin Thursday, 09 January 2025 05:45 PM

ඕනෑම ස්ථානයක දියුණුවක් අවශ්‍යනම් එතන නීතියේ ආධිපත්‍ය හා විනය පැවතිය යුතුවේ."

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජීඑස්පී ප්ලස් ගැන අද තීරණයක්
2025 අප්‍රේල් මස 30 18 0

ජීඑස්පී ප්ලස් පිළිබඳව කරුණු සොයා බැලීමට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පැවැත්වේ.


විදුලි සෝපානය කඩා වැටී තරුණයා මරුට
2025 අප්‍රේල් මස 30 137 0

ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට ගොඩනැගිල්ලෙ පිහිටි විදුලි සෝපානයක් කඩා වැටීමෙන් එහි සුපිරි සාප්පු සංකීර්ණයක සේවය කළ තරුණයකු ඊයේ ( 29) බරපතල තුවාල ලබා ගාල


හෙට විශේෂ ආරක්ෂාවක්
2025 අප්‍රේල් මස 30 146 0

ලෝක කම්කරු දිනයනිමිත්තෙන් හෙට (1) විශේෂ පොලිස් ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.


අද සිට ජන්ද කාඩ් ළගම තැපැල් කාර්යාලයෙන්
2025 අප්‍රේල් මස 30 53 0

තැපැල් මගින් නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට අද (30) සිට තමන්ට ලිපි බෙදීම සිදුකරන තැපැල් කාර්යාලයෙන් හෝ උප තැපැල් කාර්යාලය


තැනින් තැනට සවස් කාලයේදී වැසි
2025 අප්‍රේල් මස 30 61 0

දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මහජන සෞඛ්‍ය පරීක්ෂඛ අල්ලස් දැලේ
2025 අප්‍රේල් මස 30 672 1

රුපියල් 6000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 156 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 41 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1076 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site