(අංජුල මහීක වීරරත්න)
පාර්ලිමේන්තුවේ විනය ආරක්ෂා කිරීම සඳහා නව නීති පද්ධතියක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ.
පසුගිය දින 52 තුළ පාර්ලිමේන්තුවේ ඇති වූ අවාසනාවන්ත සිද්ධි පිලිබඳව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මතුවන එවැනි තත්වයක් ඇති නොවීම සඳහා වග බලා ගැනීම පිණිස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉහත තීරණයට එළැඹ ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් පැවැසීය.
විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ විනය රැකීමට ගත යුතු නීති ප‍්‍රතිපාදන රජයේ අනුමැතිය සහිත යෝජනාවක් ලෙස ගෙන ඒමටද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුවේ විනය රැකීමට ගත යුතු උපරිම ක‍්‍රියාමාර්ග පිලිබඳව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කතානායක කරූ ජයසූරිය සහ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි යන මහත්වරුන් සමඟද පෞද්ගලිකව සාකච්ඡා කර ඇත.
බි‍්‍රතානය පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය සහිත රටවල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ විනය ආරක්ෂා කිරීමට නීතියෙන් ගෙන ඇති පියවර ගැන අධ්‍යයනය කොට වාර්තාවක් දෙන ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට උපදෙස් ලබා දී ඇති අතර රටට ආදර්ශයක් වන ලෙස පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කිරීමත් ඒ වෙනුවෙන් ගත යුතු පියවර පිලිබඳවත් අග‍්‍රාමාත්‍යවරයා ඉදිරි දිනක පාර්ලිමේන්තුවේදි විශේෂ ප‍්‍රකාශයනක් කිරීමට නියමිතව ඇතැයි අග‍්‍රාමාතය කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු ලංකාදිපයට පැවැසීය.
වැඩ ඇල්ලීමේ සහ ආහාර අනුභව කිරීමේ නැකත උදාවිය. පෙරවරු 06.44 ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනු
අලුයම 04.04 ට ලිප් ගිනි මෙලවීමේ නැකත උදා විය. තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා කිරිබතක් ද කැවිලි වර්ගයක්ද කිරි සහ විලඳ ද ප
දේශපාලනික පරිවර්තනයක් සාක්ෂාත් කෙරෙන ජාතික වැඩපිළිවෙල සාර්ථක කර ගනිමින් රටත්, ජනතාවත් දිනවීම පිණිස එළැඹෙන අලුත් අවුරුද්දේ තවත් සවිමත්ව, සහෝදරත්වයෙ
ජනතා සිහිනය යථාවක් කරගැනීමට නව වසරේ දී තව තවත් වීර්‍යෙන් යුතුව සද්-අධිෂ්ඨානයෙන් යුතුව කැප වෙමු යැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා නව අවුරුදු ස
ලක් වාසීන්ට මෙන්ම ලංකාදීප පාඨක ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවායි ලංකාදීප වෙබ් අඩවිය සුභ ප්‍රාර්ථනා කරන්නෙමු
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
මැතිසබේ විනය ආරක්ෂා කරන්න නව නීති පද්ධතියක්