(සුජිත් හේවාජුලිගේ)
විවිධ අරමුණු වෙනුවෙන් පසුගිය කාලයේදී පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවලින්දී ඇති නිර්දේශ 200 කට වැඩි සංඛ්‍යාවක් මෙතෙක් ක්‍රියාත්මකවී නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වන්හි කටයුතු වෙනුවෙන් පසුගිය කාලයේදී මුදල් විශාල ප්‍රමාණයක් වැය කර ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
විවිධ අරමුණු වෙනුවෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභා විස්සත් තිහත් අතර සංඛ්‍යාවක් කතානායකවරයා විසින් පසුගිය කාලයේදී පත් කෙරිණ.
මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් කමිටුව) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව) මෑත භාගයේදීදී ඇති නිර්දේශ 300කට ආසන්න සංඛ්‍යාවක්ද නිසියාකාරව ක්‍රියාත්මකව නැතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ විශේෂයෙන් රුපියල් කෝටි 1600 කට වැඩි මුදලක් රටට අහිමි කළ සීනි බදු වංචාව සම්බන්ධයෙන් කෝපා කමිටුව නිර්දේශ ගණනාවක්දී ඇතත් ඒවාද ක්‍රියාත්මකවී නැති බවයි.
කෝප්, කෝපා කමිටු දෙන නිර්දේශ බොහොමයක් ක්‍රියාත්මක නොවන බව පැවසූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මේ ආකාරයට කමිටු පත් කිරීමෙන් පලක් නොවන බවද ප්‍රකාශ කළේය.
මෙම කමිටු දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව වහා යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
විවිධ කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභා කිහිපයක් පසුගිය මාස කීපයේදීද කතානායකවරයා විසින් පත් කෙරිණ.
පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන් වී ඇත
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම
අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මැතිසබා විශේෂ කමිටු දුන් නියෝග 200ක් විසිකරලා
Rata Perata Sunday, 22 October 2023 01:54 PM
මේවා ගැන අහන්නත් දෙයක්ද?