IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


මැතිසබය උණුසුම් කළ පැන්ඩෝරා පේපර්ස්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

හිටපු ජනපතිවරුන් අගමැතිවරුන් රජවරුන් හා රාජ්‍ය  නිලධාරීන් 300 දෙනකුගේ කළු සල්ලි පිළිබඳව තොරතුරු හෙලිදරව්වූ පැන්ඩෝරා පේපර්ස්  සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න කිරීම් නිසා මැතිසබේ උණුසුම් තත්ත්වයක් අද ඇතිවිය.

ශ්‍රී ලාංකික පුද්ගලයකුගේ විදේශ ගිණුමක ඇමරිකානු ඩොලර් මිලියන 163ක්  තිබී හමුවී ඇති බවත් මේ සිද්ධිය ඒ ගැන පරීක්ෂණ පවත්වන්නැයි ඉල්ලා සිටින බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

මේ ගැන පරීක්ෂණ පැවැත්වීමට පැමිණිලි අවශ්‍ය නැති බවත් හෙතෙම කීවේය

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවසුවේ මෙම ගිණුම සම්බන්ධයෙන් රාජපක්ෂ යන නමක්ද සඳහන් වන බවත් අපේ රටේ නායකයන්ට  සමාන නමක් ඇති විට  ඒ ගැන ලැජ්ජාවක් ඇතිවන බවත්ය.

මේ මුදල් ඇති අයගේ වත්කම කොපමණද  කියනවා නම්  දිනකට  රුපියල් ලක්ෂයක් වියදම් කළ හොත් ඔවුනට  අවුරුදු නව සීයක් ජීවත් විය හැකි බවද  ඔහු පැවසුවේය.

නිරූපමා රාජපක්ෂ රාජපක්ෂ පවුලේ ඥාතිවරියක බවත් මල්වානේ ඉඩමේ කටයුතු  සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කටයුතු කළේද නිරූපමා රාජපක්ෂ ගේ ස්වාමියාවන  තිරු නඩේෂන් බවත්  තුෂාර ඉඳුනිල්  මහතා කීවේය.අ

ඒ අනුව අපට සමීකරණයක් ගොඩනැගෙන බවත්   නිරූපමා රාජපක්ෂ සමානයි, මහින්ද නිරූපමා රාජපක්ෂ සමානයි ගෝඨාභය,නිරූපමා රාජපක්ෂ සමානයි  නාමල් රාජපක්ෂ,  නිරූපමා රාජපක්ෂ සමානයි බැසිල් රාජපක්ෂ  එම සමීකරණය බවත්  පැවසුවේය.

මෙය  අපේ රටට බරපතළ මඩ පැල්ලමක් බවද මන්ත්‍රීවරයා පැවසීය.

මේ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් බාධා එල්ලවීම නිසා සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

මේ  චෝදනාව ගැන පාකිස්තානයේ ඉම්රාන් ඛාන් මහතා   පරීක්ෂණ ආරම්භ කළ බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි ශ්‍රී ලංකා  රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසුවේය.

මෙහිදී අදහස් දැක්වූ  රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ 2015 දී මෙන් රාජපක්ෂ පවුලට  මඩ ගැසීමේ සුපුරුදු ව්‍යාපාරය නැවතත්  ආරම්භ කර ඇති බවයි.

මේ සියලු දේවල් ඔප්පු කරගත හැකි දේවල් නොවන බවත්  මේවා කිසිදු පදනමක් නොමැති චෝදනා බවත්  ඔහු කීවේය.

පාලිමේන්තුව මඩ ගැසීමට භාවිතා කිරීම වැරදි  යයිද  රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

එදා පැනමා පේපර්ස්වල තිබුණු සල්ලි කාගේ ඒවාදැයි මෙහිදී ප්‍රශ්න කළ සේමසිංහ මහතා    ෆේස්බුක් වල තියෙන බොරු අල්ලගෙන මෙතන කෑගැසීම පලක් නොවන බවද  පැවසීය.

මේ අවස්ථාවේදී හර්ෂ ද සිල්වා සහ  ශෙහාන් සේමසිංහ අතර උණුසුම් කතාබහක් ඇති විය.

මෙහිදී රංජිත් මද්දුමබණ්ඩාර මහතා" ඔබේ ඇඟේ විදිහට මොළේ  තිබුණ නම්  මෙහෙම කතා කරන එකක් නැහැ "යැයි පැවසුවේය.

මේ අවස්ථාවේදී ශෙහාන් සේමසිංහ රාජ්‍ය ඇමැතිවරයා රන්ජිත් මද්දුම බණ්ඩාරට බැන වදිනු දක්නට  ලැබිණ.

පැන්ඩෝරා  ප්‍රශ්නය  සම්බන්ධයෙන්  චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාද   කතා කළේය.

මෙහිදී  චමින්ද විජේසිරි ගේ ඒ කතාවට  ප්‍රතිචාර දැක්වූ නාමල් රාජපක්ෂ ඇමැතිවරයා  පැවසුවේ කතානායකවරයාගෙන් අවසරයක් ලබාගතහොත් ඊට  තමා ඕනෑම මොහොතක පිළිතුරු දීමට සූදානම් බවයි. 



අදහස් (12)

මැතිසබය උණුසුම් කළ පැන්ඩෝරා පේපර්ස්

sampath Tuesday, 05 October 2021 08:26 PM

අපේ රටට මේ වගේ සල්ලි තියෙන මිනිස්සු ඉන්න එක ගැන සතුටු වෙන්න පුළුවන්. නමුත් අවුරුදු 900ක් ජිවත් වෙන්න බැරි නිසා මෙවන් ටිකක් ජනතාවට නැති බැරි මිනිස්සුන්ට දුන්නනම් නරකද?

:       10       13

PereraWednesday, 06 October 2021 12:15 AM

එහෙම දීලා කොහොමද, එතකොට පරම්පරාව ජීවත් වෙන්නේ කොහොමද.?

:       0       2

ලමයWednesday, 06 October 2021 06:05 AM

කොහොමද මනුස්සයො මේවාට සතුටු වෙන්නෙ , මෙවැනි සල්ලි කන්දරාවක් පිට රටට හොරට ඇදල තියෙන හින්ද තමයි මේ රට අද බන්කොලොත් වෙලා තියෙන්නෙ.

:       0       3

[email protected]Wednesday, 06 October 2021 08:36 AM

ඒක වෙනම කතාවක්.. නමුත් ඒ මිනිසුන්ගේ දක්ෂකම් වලින් ඉපයූ මුදල් අදාල රටවලට ගෙවිය යුතු බදු ගෙවලයි ඒ රටවල බැංකුවල තැන්පත් කර තිබෙන්නේ. මේ ඉන්න ජෙප්පෝ රැල ඒ මුදල් කළු සල්ලි කියා නූගත් ජනතාව රැවටීම කනගාටුවට කරුනක්.

:       7       1

BamunuarachchiWednesday, 06 October 2021 08:40 AM

ජෙප්පෝ ලැබෙන පඩිය පක්ෂෙට දීලා සවිස්ටර්ලන්තේ ඉන්න ළමයින්ගේ වියදමට සුවිස් ෆ්‍රෑන්ක් යවන්නේ කොහොමද කියන එක හිතෙන්නේ මට විතරක්ද?

:       6       2

Demuni Uduwara Wednesday, 06 October 2021 04:39 AM

සියලුම රාජපක්ෂලා වහාම ඉල්ලා අස්විය යුතුයි!

:       0       3

දාස Wednesday, 06 October 2021 06:12 AM

අපේ රටේ වගේ නෙමෙයි. මේ පුවත් පැන්ඩෝරා බොක්ස් එකට දාන්න ඉස්සෙල්ල ඒ අය නිරුපමා රාජපක්ෂ අමතල තියෙනව. මේ සම්බන්ද විස්තර දැන ගන්න, ඇය එම කරුනු වලට උත්තර දීම මඟ ඇරල තියෙනව. ඒ සම්බන්ධව ඔවුන් නිවේදනයක් නිකුත් කරල තියෙනව.පකිස්තානෙ ඉම්රන් කාන් අගමැති කල විදියට මෙහෙත් පරික්ෂණයක් ආරම්භ කරන්න.හැබැයි සට්ටැම්බියෙක් දාලා යට ගහන්න එපා.

:       0       3

ගජමිතුරු Wednesday, 06 October 2021 06:42 AM

රෙදි සේදීමට දක්ෂයා කෙහෙලිය කිව්වට එයාටත් වඩා දක්ෂයෙක් ඉන්න බව පෙනුනා

:       0       3

Bamunuarachchi Wednesday, 06 October 2021 09:02 AM

ඒෂියා සයිට් කියන සන්විදානය කියන්නේ තිරුකුමාරැ නඩේසන් කියන පුද්ගලයාගේ 2011 වත්කම ඩොලර් මිලියන 180 කියලා. ඒ එයාගේ ගේදොර, හරකාබාන, යාන් වාහන, ඇතුළු සියලුම සම්පත්වල වටිනාකමයි. මුදල් හැටියට තිබෙන්නේ දන්නා හැටියට ඩොලර් මිලියන 18 ලු. ඒ මුදල් ඒ රටවල බැංකුවල තැන්පත් කරලා තිබෙන්නේ අදාළ බදු මුදල් ඒ රටවලට ගෙවලා. පැන්ඩෝරා කතා කොරන්නේ තිරුකුමාරැ නඩේසන් කියන පුද්ගලයාගේ වත්කම් මිසක් නිරුපමා රාජපක්ෂගේ වත්කමක් නොවෙයි.

:       6       2

Akila Wednesday, 06 October 2021 09:32 AM

ලංකවේ ඩොලර් නැති එක ඉතින් පුදුම වෙන්න දෙයක් ද ?

:       0       3

fairoos Wednesday, 06 October 2021 12:34 PM

එදා ජේ.වී.පී කියනකොට බොරු මඩ කිව්වා .බයියෝ නම් කියයි රාජපක්ෂලා හොරු නේ කියලා

:       0       5

BamunuarachchiWednesday, 06 October 2021 03:19 PM

පඃ ගම්මිරිස් හොයා ගත්තානම් යන්න. අර රෙදිටික සිරි සිරි බෑග් එකේ දාගෙන උතුරෙන් පැන්න ගොයියා කුරුඳුවත්තේ ගෙවල් ගත්තේ කොහොමද කියලා හොයන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2401 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 582 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1157 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 6060 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 818 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 5080 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 301 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site