(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාතික සභාව පිහිටුවීමේ යෝජනාව ඉදිරිපත් නොවීම සැලකිල්ලට ගෙන කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් දිනට නියමිත කටයුතු නවතා පාර්ලිමේන්තුව ලබන 20 වැනිදා දක්වා කල් තබනු ලැබීය.
මේ අනුව අද පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි විසි හතරකට සීමා විය.
පාර්ලිමේන්තුව අද උදේ 9:30 ට රැස්වූ නමුත් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භයේ සිටියේ දහයකටත් වඩා අඩු සංඛ්‍යාවකි.
විපක්ෂය පැත්තෙන් සිටියේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පමණි.
කතානායකවරයාගේ මව අද අභාවප්‍රාප්තවී ඇති අතර ඒ ආරංචිය කතානායකවරයාට දැනගන්නට ලැබී ඇත්තේද සභාවේ කටයුතු පැවැත්වෙමින් තිබියදීය.
පාර්ලිමේන්තුවේදී අද පැවැත්වීමට නියමිතව තිබුණේ ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් නිට්ටඹුවේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා වෙනුවෙන්වූ ශෝක යෝජනා විවාදයයි.
කෙසේ වෙතත් ඉන්ධන ප්රශ්නය හේතුවෙන් අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන්ට එම විවාදය දැක බලා ගැනීම සඳහා අද පැමිණීමට නොහැකි වන බව පාර්ලිමේන්තු නිලධාරීන්ට කලින්ම දන්වා තිබිණ.
දැනට ගණන් බලා ඇති අන්දමට පාර්ලිමේන්තුව දිනක් රැස්වීම වෙනුවෙන් වැයවන මුදල රුපියල් ලක්ෂ 80 කට වැඩිය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැතිසබය කලින්ම නවතියි
Prabha Friday, 09 September 2022 06:21 PM
ඒකට කමක් නෑ. දවල්ට කාලාම යන්න..