IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


මැතිසබයේ නොමනා හැසිරීම් ගැන සොයන්න කමිටුවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

පාර්ලිමේන්තුවේ පසුගිය දිනවල ඇතිවූ නොහික්මුණු සිද්ධීන් ගැන  සොයා බලා ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා  නියෝජ්‍ය කතානායක  රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු  ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ  මන්ත්‍රීවරුන් එකොළොස් දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (8) පත්කරනු ලැබීය.

මෙම කමිටුවේ සෙසු  සාමාජිකයන් ලෙස පත්කරනු ලැබ සිටින්නේ  අමාත්‍යවරුන්වන චමල් රාජපක්ෂ , ආචාර්ය  බන්දුල ගුණවර්ධන සහ  වාසුදේව නානායක්කාර,  රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන  ගයන්ත කරුණාතිලක,රවුෆ් හකීම්,විජිත හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා,  ආර්.එම්  රංජිත් මද්දුම බණ්ඩාර  එම්ඒ සුමන්තිරන්  යන මහත්වරු වෙති.

මෙම කමිටුව පත් කිරීම පිළිබඳව  කතානායකවරයා  පාර්ලිමේන්තුවටද අද (8) පෙරවරුවේ දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තු සභා ගර්භයේ සහ  ඉන් පිටත පරිශ්‍රයේ  පසුගිය 3 සහ  4  දිනවල   සිදුවූ  නොහික්මුණු සිද්ධීන් සම්බන්ධයෙන් කරුණු සොයා බලා ඒවාට ගත ගත යුතු පියවර කවරේද යන්න තීරණය කිරීම සඳහා සහ  ඉදිරියේදී එවැනි සිද්ධීන් ඇතිවීම වැළැක්වීම  සඳහා ගත යුතු ක්‍රියාමාර්ග  නිර්දේශ කිරීමට  හැකිවන පරිදි   මෙම කමිටුව පත් කර ඇතැයිද  කතානායකවරයා මෙහිදී සඳහන් කළේ‍ය.

මෙම කමිටුව එම සිද්ධීන් පිළිබඳව පුළුල්ව  විමර්ශනය කිරීමෙන් පසු කතානායකවරයාට  ඉතාම කෙටි කලකින්   ඒ පිළිබඳ වාර්තාවක් බාරදීමට  නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.



අදහස් (3)

මැතිසබයේ නොමනා හැසිරීම් ගැන සොයන්න කමිටුවක්

kamal Wednesday, 08 December 2021 01:06 PM

නොමනා හැසිරීම ගැන හොඳ ඵලපුරුද්දක් තියෙන කෙනෙක් හොයාගන්න වෙයි සභාපති කමට...

:       0       3

ajith Wednesday, 08 December 2021 04:13 PM

මහජන මුදලින් යැපෙන නූගතුන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද..?

:       0       2

ගමේ එකාලා Wednesday, 08 December 2021 05:30 PM

පත්කරන කමිටු අන්තිමට අකුල ගන්න තමයි සිද්ද වෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 0 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


හරීන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 0 0

මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගීන් ම


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 64 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 168 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


අදත් තැනින් තැන වැස්ස
2024 නොවැම්බර් මස 20 81 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1976 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 405 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1901 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site