IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


‘මැතිසබයේ පොත්- සීඩී නිසා ලොකු පරිසර විනාශයක් සිදුවෙනවා‘

( සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මැති සබයේ ගොඩගැසෙන පොත්වලින් සහ සී.ඞී තැටිවලින් විශාල පරිසර විනාශයක් සිදු වන්නේ යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී අද (9) පැවැසීය .

ඔහු මෙසේ පැවසුවේ මැතිසබයේ ගොඩගැසී ඇතැයි පැවසෙන පොත් සහ සීඞී තැටි සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් මන්ත්‍රි බුද්ධික පතිරණ මහතා යොමුකළ ප්‍රශ්නයකට අදාළව අදහස් ඉදිරිපත් කරමිනි.

මහින්ද අමරවීර මහතා එහිදී මෙසේද කීවේය.

"බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා මේ සභාවේ ගොඩ ගැහිලා තියෙන පොත් ගොඩවල් ගැන කතා කළා. ඊයේ පොත් ටිකක්  අයින් කළා . දිනපතාම මේ වගේ පොත් ගොඩක් පාර්ලිමේන්තුවට ගේනවා.ඒ වගේම සී.ඩී ගේනවා.මේක මහා පරිසර විනාශයක්.හැම මේසයකම ලැප්ටොප් තියෙනවා.පාර්ලිමේන්තුවේ තියෙන වාර්තා අපිට වෙනත් ක්‍රමයකට ලබාදෙන්න සලස්වන්න.මම කතානායකතුමාගෙන් ඉල්ලනවා."

"මේ වැඩේ කළොත්  විශාල  පරිසර විනාශයක්  නතර  කරගන්න පුළුවන්.මම හිතන්නේ නෑ ඒකට මෙතන ඉන්න කවුරුන් හෝ විරුද්ධ වෙයි කියලා . පරිසර ඇමැතිවරයා විදියට මම කතානායකතුමා හමුවී ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා ."

 

 



අදහස් (1)

‘මැතිසබයේ පොත්- සීඩී නිසා ලොකු පරිසර විනාශයක් සිදුවෙනවා‘

sharm warn Friday, 09 July 2021 05:09 PM

අපෝ ඔය මොන එකක්ද? ඔතන ඉන්න 225 සහ ඒ අයගේ පවුල් පරපුරවල් එක්කහු වෙලා කරන සමාජ ආර්ථික මෙකී, නොකී හැම එකේම විනාශය එක්ක ගත්තාම...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 253 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 124 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 194 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 742 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 997 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1205 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1198 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site