IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මැතිසබයේ ’’බුෆේ’’ නවතියි

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, එහි සේවකයන්ට සහ පාර්ලිමේන්තුවට පැමිණෙන අමුත්තන්ට පෝෂණය සහිත අඩු වියදම් ආහාර වේලක් ලබාදීම කෙරෙහි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.

ආහාර බෙදාගෙන කෑමේ(බුෆේ) ක්‍රමය වෙනුවට අඩු වියදමකින්  සැකසුණු බත් පාර්සලයක් ලබාදීමේ හැකියාව ගැනද කතානායකවරයා කරුණූ සොයා බලා  ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් දැනගන්නට  ඇත.

කතානායකවරයා  මේ කාරණය කෙරෙහි අවධානය යොමු කර ඇත්තේ  රටේ  ආර්ථික තත්වය සහ පාර්ලිමේන්තුවේ ලබා දෙන ආහාර වේල සම්බන්ධයෙන් සමාජයෙන් මතුවී ඇති විවිධ චෝදනා   සැලකිල්ලට ගෙනය.

කතානායකවරයා මේ සම්බන්ධයෙන්  විවිධ පාර්ශ්වයන්ගෙන් දැනටමත් කරුණු විමසා ඇතැයිද  දැනගන්නට  ඇත.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 53 දෙනෙක් පාර්ලිමේන්තුවෙන් ලබා දෙන ආහාර වේල අත්හිටුවන්නැයි කතානායකවරයාට ලිපියක් බාර දෙමින් පසුගියදා ඉල්ලීමක් කළහ.

මේ අනුව එම මන්ත්‍රීවරුන්ගේ දිවා ආහාර වේල ඊට  පසු දින සිටම නතර කිරීමට පියවර ගත් කතානායකවරයා ඒ බව  පාර්ලිමේන්තුවටද දැනුම් දුන්නේය.

සෙසු මන්ත්‍රීවරුන්ට ලබා දෙන ආහාර වේල සම්බන්ධයෙන්  මීළඟ  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී( පක්ෂ නායක රැස්වීම)  තීරණයක් ගන්නා බව  කතානායකවරයා පැවසීය.

මේ අතර පාර්ලිමේන්තුව වැඩිම වියදමක් දරන්නේ  මන්ත්‍රීවරුන්ගේ සේවකයන්ගේ සහ අමුත්තන්ගේ ආහාරපාන සඳහා බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ.

ආහාරපාන සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුදල   රුපියල් කෝටි 12 ක් බව එහි  මූල්‍ය අංශය පවසයි.

එසේම පාර්ලිමේන්තුවේ පානීය ජලය සඳහා වාර්ෂිකව වැය කෙරෙන  මුදල ලක්ෂ 90 ක් බව ගණන් බලා ඇත.

මීට අමතරව පාර්ලිමේන්තුවේ විදුලිය වෙනුවෙන් වාර්ෂිකව රුපියල් කෝටි අටක්ද  දුරකතන  සඳහා රුපියල් කෝටි 1.4 ක්ද  වැය කරන බව සඳහන් වේ.



අදහස් (26)

මැතිසබයේ ’’බුෆේ’’ නවතියි

පුරවැසියා.... Saturday, 28 May 2022 10:41 AM

කතානායකතුමා, හොඳ තීරණයක්... මේවාට ජනතාවගේ බදුමුදල් වැය නොකොට ආහාර පාන සඳහා වැයවන මුලු මුදලම ඔවුන්ගෙන් සාමාන්‍ය ක්‍රමයට අයකළ යුතුයි. අධික වියදමක් දරා ආහාරපාන ඉතා අඩු මුදලකට ලබාදීම රටේ බදු ගෙවනු ලබන ජනතාවගේ කෝපයට ලක්වනු ඇත...!

:       19       25

Kumara Saturday, 28 May 2022 11:06 AM

මේවට හෙන වැදිලා මදි.. මිසයිල වලින් ගහලා දාන්න ඕනේ...

:       19       12

Perera Saturday, 28 May 2022 11:20 AM

අනේ ඉතින් මේ අසරණයින්ට සහන දෙන්න ඕනේ.. නේන්නම්.. රටේ මිනිස්සු හොඳට කාලා, බීලා සැපට ඉන්නකොට.

:       15       12

ravin Saturday, 28 May 2022 11:41 AM

බලාගෙන යද්දී අපි අපිටමයිනේ ගහගෙන තියෙන්නේ. බලාගෙන ගියාම පිනට කෑම මහජන සේවයේ කොටසක්ලු...

:       2       24

nimalSaturday, 28 May 2022 01:31 PM

කෝටි 22කට වැඩි මුදලක් වසරකට වියදම...

:       5       8

Rata Perata Saturday, 28 May 2022 11:55 AM

බොරු සෝබන... ඕක කරන්න ඔච්චර කතා කරකර ඉන්න දෙයක් තියෙනවද? එක දවසින් තීරණය අරගෙන ක්‍රියාත්මක කරන එකනේ තියෙන්නේ. මේකෙන් පේනවා නේද කොච්චර වැඩබැරි රොත්තක්ද ඉන්නේ කියලා...!

:       9       46

අජිත් Saturday, 28 May 2022 12:17 PM

කෑමට විතරක් රුපියල් කෝටියක්... ඒ කියන්නේ ලක්ෂ 100ක්. අපේ අම්මෝ... අපි වගේ පොඩි මිනිස්සු 20,000කට මාසෙකට කන්න යන වියදම මේ අය 1000ක් විතර එකතුවෙලා කනවනේ...! හෙන ගහන්න එපැයි.

:       40       25

සමීරSaturday, 28 May 2022 02:40 PM

සෑම ප්‍රාජතාන්ත්‍රික රටක පාර්ලිමේන්තුවක මෙවැනි වියදම් පවතිනවා. ඒක අරුම පුදුම දෙයක් නෙවෙයි. අපි ඉල්ලා සිටිය යුත්තේ ඔවුන්ගෙන් ඊට සරිලන කාර්යය සහ පත්කර යැවූ වගකීම් නිසි ලෙස ඉටුවීමයි.

:       31       62

පිටරැටියා Saturday, 28 May 2022 03:23 PM

නමුත් ලංකාවේ වගේ ගසාකාලා බඩවඩා ගන්න හිතන අය නැතිව ඇති...

:       9       33

beuSunday, 29 May 2022 07:09 AM

ඔබතුමා කොයිරට ගැනද කියන්නේ..? රුහුණු, මායා සහ පිහිටි රටවල් වෙන්න ඇති. එක්සත් රාජධානියේ, පාර්ලිමේන්තුවේ කාටවත් නොමිලේ කෑම දෙන්නේ නෑ.

:       0       3

අපි බංකොලොත් වූ සැටි Saturday, 28 May 2022 12:26 PM

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මෙන් කුඩා ශාලාවක රැස්වෙන්න. අපි යටත් විජිත මානසිකත්වයෙන් පිම්බී සිටින හැටි අවබෝධ වීමට බ්‍රිතාන්‍යය වැනි රටක ඇමැති මණ්ඩලය ආදර්ශයට ගන්න. බ්‍රිතාන්‍යය වරෙක අපේ පාලකයා වී ඔවුන්ගේ පවුල්වල එවක ජීවත් වූ පිම්බුනු මානසිකත්වය අපේ සමහර ඇමැතිලාට සහ එම පවුල්වල සාමාජිකයින්ට ඇති නමුත් බ්‍රිතාන්‍යය ධනවත් හා දියුණු රටක් වුවද එම රටේ ඇමැතිවරුන්ට අපේ රටේ මැති ඇමතිලාට ලැබෙන වරප්‍රසාද නැත. අප රට බංකොලොත් වූ සැටි මෙයින්ම සිතාගත හැකියි...

:       32       45

Chinthaka Saturday, 28 May 2022 01:00 PM

කන්නයි පාර්ලිමේන්තු ඇවිත් තියෙන්නේ...!

:       3       31

de silva Saturday, 28 May 2022 01:12 PM

බත් පැකට් එකක් හොඳටම ප්‍රමාණවත්.. දවල්ට කන්න බත් ටිකක් නැතිව, බනිස් ගෙඩියක් කාලා ප්ලේන්ටියක් බොන දහස් ගණනක් ලංකාවේ ඉන්නවා.

:       1       20

Bamunuarachchi Saturday, 28 May 2022 01:20 PM

දැන් පවුල් පිටින් ඇවිත් ජනතා මුදලින් සප්පායම් වෙච්චි එක නැවතී ඇත.. හැබැයි කොන්ෆ්ලෙක් පාර්සල් කරලා දෙන්න බැහැ. ඔලු කඳට සවි වෙච්චි අයගේ බෙලි දැන් පෙනෙන්න පටන් ගනීවි...

:       1       12

මදන් Saturday, 28 May 2022 02:37 PM

ඉතින් ඔය කිසි ප්‍රශ්නයක් නෑනේ මන්ත්‍රීවරු ගණන අඩු කළා නම්? 225 ක් මොකටද පොඩි රටකට?

:       9       18

latha Saturday, 28 May 2022 03:17 PM

ඕක වහලා දාන්න.. සල්ලි අච්චු නොගහ ඉතුරු කරපු සල්ලි ගන්න.

:       3       10

BamunuarachchiSunday, 29 May 2022 07:42 AM

ජෙප්පෝ තුන්දෙනාගෙන් පටන් ගමු. ඔවුන් තමයි වසංගතේ. කොරෝනා තව හොඳයි...

:       274       2

ගමේ එකාලා Saturday, 28 May 2022 06:11 PM

කාලා ඇඟපත වඩා ගත්තු තරමට මොලේ වැඩිලා නැහැ. දන්නේ වැඩිපුර හොරකම්, වංචා, දූෂණ කරන්න විතරයි..

:       0       14

Champa Saturday, 28 May 2022 06:17 PM

ඔය කාලකණ්ණි 225ට කිසිම කෑම වේලක් මීට පස්සේ නොදිය යුතුයි. අපේ ලස්සන රට කෑවා. මෙහෙම කළාට ඔය හැමෝම වගකියන්න ඕනෑ. හෙණම ගහන්න ඕනේ. අපේ දරුවන්ට රටක් ඉතුරු කරලා දැන්වත් මකබෑවිලා යන්න.

:       0       11

Ravi Sunday, 29 May 2022 12:08 AM

පොඩි මුදලක්ද "කෝටි", අපි රුපියල් තිස්දාහක් ගන්න ගෙදරින් කෑම එක අරගෙන ගිහින් කන්නේ.., අපේ සල්ලි වලින් ලක්ෂ ගණන් පඩි අරං, අපේ සල්ලි වලින් කාලා, ලයිට් බිල්, තෙල් ඔක්කොම නිකං දීලත් මොනවද කරන්නේ? අපේ ලයිට් බිල් වැඩි කරන්න, තෙල් ටික වැඩි කරන්න.. මේ අය ඕනද? ඔය පාර්ලිමේන්තුවේ ඇමැතිලා, මන්ත්‍රීලා, අගමැති, ජනාධිපති මේ ඔක්කොම හැදිගෑවිලාම යන්න ඕනෑ... කාලි මෑණියනේ, ඒ අයව නැතිකරලාම දාන්න.

:       0       0

M.O.A.Careem Sunday, 29 May 2022 07:48 AM

එක් සාමාජිකයෙකුට එක වේලකට ටැක්ස් සහිතවම ගෙවන්නට කටයුතු කළ යුතුය.

:       0       1

Piyal Sunday, 29 May 2022 10:04 AM

කනවා, කනවා.., ඉවරයක් නෑ. කෑම ගැනමයි කතාව. පාර්ලිමේන්තුවේ ඉන්නේ මහා බඩජහරි කාලකන්නි ටිකක්. පාර්ලිමේන්තුවට එනකොට ගෙදරින් කෑම පාර්සලයක් අරන් එන්න කියන්න.

:       0       2

අනුර Sunday, 29 May 2022 02:57 PM

හොඳට කාලා කාලා ඉන්නේ දැන්..!

:       0       0

උපුල් අරැනජිත් Sunday, 29 May 2022 05:33 PM

ඉතාම හොඳ තීරණයක්...!

:       0       2

Kgkarunasena Tuesday, 31 May 2022 09:37 AM

ගොඩක් හොඳ අදහසක්. වියදම් සීමා කරමු.

:       0       0

hewa Wednesday, 01 June 2022 02:02 PM

රටම නැතිභංග වූ පසුව මෙම බොරු කතානායක වැඩ බොරු වැඩක්... තවත් ඡන්ද ගුණ්ඩු වැඩක්..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 958 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 2105 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1613 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1567 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1034 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 770 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25692 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18854 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 373 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site