IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


මැතිසබයේ වලිය ගැන වාර්තාව කතානායකට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මැතිසබයේදී සහ  පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගිය අප්‍රේල් මස  21 වැනි දා සිදුවූ  ගුටි බැට හුවමාරු ඇතුළු නොහික්මුණු සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්  කෙරුණු කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා විසින්  කතානායක මහින්ද යාපා අභයවර්ධන මහතාට එම  කාර්යාලයේදී  අද  (6) පෙරවරුවේ බාරදෙනු ලැබීය.

මේ සිද්ධීන් පිළිබඳව සොයා බලා  ගත යුතු පියවර නිර්දේශ කිරීම සඳහා මෙම කමිටුව පත්කරනු ලැබුවේ කතානායකවරයා  විසිනි.

ඒ පසුගිය අප්‍රේල් මස 23 වැනිදාය.

මේ සිද්ධීන් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සලකා බැලූ කමිටුව ඉදිරියේදී මෙවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා ගත හැකි කෙටිකාලීන සහ දිගුකාලීන පියවර මෙම වාර්තාවෙන් යෝජනා කළ බව කමිටුවේ සභාපති ,නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය .

වාර්තාව භාරදීමේ අවස්ථාවට  එම කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළ අමාත්‍ය චමල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යන මහත්වරුද  කමිටුවේ ලේකම් වශයෙන් කටයුතු කළ පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ටිකිරි ජයතිලක මහතාද සහභාගි වූහ.

කෙහෙළිය රඹුක්වැල්ල, සුසිල් ප්‍රේමජයන්ත, ඉමිතියාස් බාකිර් මාකර්, රංජිත් මද්දුමබණ්ඩාර සහ එම්.ඒ සුමන්දිරන් යන මහත්වරුද මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළහ.



 



අදහස් (0)

මැතිසබයේ වලිය ගැන වාර්තාව කතානායකට

ඔබේ අදහස් එවන්න

දියත

රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 02 393 0

රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග


ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා
2024 නොවැම්බර් මස 02 1489 0

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ


කොටියාගල ජල ටැංකියට ජලය ගෙනයන ඇළේ මළ සිරුරක්
2024 නොවැම්බර් මස 02 1185 0

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප


ලොරියක් සහ වෑන් රියක් ගැටී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 02 437 0

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක


කොටුව - කන්කසන්තුරේ නගරාන්තර දුම්රියක් අද සිට
2024 නොවැම්බර් මස 02 1150 0

කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


පළාත් රැසක අද තද වැසි සහ සුළං
2024 නොවැම්බර් මස 02 436 0

දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1191 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 655 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site