(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු සංකීර්ණය පූර්ණ ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
එම පත්‍රිකාවට බොහෝ දුරට අද හෙටම අනුමැතිය ලැබෙනු ඇතැයි දැනගන්නට ඇත. පාර්ලිමේන්තුව පිහිටවූදා සිට මේ දක්වාම එහි පූර්ණ ප්රතිසංස්කරණයක් සිදුවී නැතැයි නිලධාරීහු පෙන්වා දෙති.
එසේ හෙයින් පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන වහල ඇතුළු ස්ථාන රැසක් දිරාපත්ව විනාශ වෙමින් තිබෙන බව ඔවුහු සඳහන් කරති. එසේම පාර්ලිමේන්තු සභා ගර්භයද ඉතා දීර්ඝ කාලයකින් ප්‍රතිසංස්කරණය කෙරී නැතැයි පැවසේ.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක
මේ රටේ දේශපාලඥයන් කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනය තමයි අනුර කුමාර මහතාගේ ජයග්‍රහණයට හේතු වුණේ,යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැව
ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු
මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්
පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං
ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මැතිසබය හදන පත්‍රිකාව කැබිනට්ටුවට
ජයනාත් Sunday, 07 July 2024 04:52 PM
ඔයිට නරකද ගමේ අහිංසක ළමයි ඉන්න පාසල් වල වහලවල් ටිකවත් හදනවනම් ඔය සල්ලි වලින් .
Asela Sunday, 07 July 2024 05:04 PM
තවත් ගැහිල්ලකට අර අඳිනවා...
පුෂ්පා Sunday, 07 July 2024 05:19 PM
මම ඉන්න රට මුදල් වලින් ඉතා පෝසත් රටක්... නමුත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉතා කුඩායි. පැහැදිලිවම මෙම පාර්ලිමේන්තු ගොඩනැගිලි පද්ධතිය අපේ රටට විශාල බරක්... වඩා සුදුසු විශාල මුදලක් වැය කිරීමට පළමුව කොළඹට නුදුරු වෙනත් ගොඩනැගිල්ලක් තිබේදැයි සොයා බැලීමයි. මෙම ගොඩනැගිල්ල විශාල ජනතාවක් පරිහරණය කරන කටයුත්තකට දුන්නා නම් ඉතා අගනේයි. රෝහලක්, විශ්ව විද්‍යාලයක් හෝ ආදායම උපදවිය හැකි හෝටලයක් වැනි දෙයකට. තරහා නොගෙන මේ කියන දේ ගැන සිතන්න...
පිටරටවැසියා Sunday, 07 July 2024 06:21 PM
රට වනසපු හොරු - තක්කඩි ලගින, වරප්‍රසාදවලට මුවා වෙමින් රටේ ජනතාවට ගොං, තගරි පාට් දමන තැනක් ඔතන. පැයක, හමාරක රස්විමකටත් රුපියල් කෝටියක් ජනතා බදුමුදල් ගිලින සුදු අලියෙක්. ඒක හින්ද තවත් ජනතා බදුමුදල් ගිලිමින් ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවට නැවත දියවන්නාව නැමති වගුරුබිම බවට පත්කරන්න ...
රමේෂ් Sunday, 07 July 2024 07:42 PM
225 සුද්ද කරන්න.ඊට පසුව ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරන්න.... මොකද හරක්ට ඉන්න මේවා හදලා අපරාධයක් කරන්නේ.මුංව වැලිකඩ ගාල් කරන්න ඕන...
චන්දිම Monday, 08 July 2024 11:30 AM
මේක ජාතියට මහා බරක්. දවසක් රැස්වෙන්න කෝටියක් යනවා. මේ රටට දරන්න බැහැ. රටේ නායකයට නම් වගේ වගක් නැහැ. පොඩි දේටත් ඕක කැඳවනවා. මිනිස්සුන්ට තමයි වැදී බණ කියන්නේ මොකකටවත් වෙන සල්ලි නැහැ කියලා. රටේ සංවර්ධනය කෙසේ වෙතත් මේ වගේ කෙහෙම්මල් වලට සල්ලි වියදම් වෙන විදියට තමයි හැමදේම වෙන්නේ.