(අංජුල මහික වීරරත්න)
තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී හෙට (5) පෙරවරු 9ට මහත් අභිමානවත් අයුරින් පැවැත්වෙයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද (4) රාත්‍රියේ කටුනායක ගුවන්තොටින් ශ්‍රී ලංකාවට පැමිණෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වෙයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතු දමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්" යන සංකල්පය තහවුරු කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ සංචාරයේ නිරත වන බව ජනාධිපති කාර්යාලය පවසයි.
නිදහස් චතුරස්‍රයේ පැවැත්වෙන නිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය පරිශ්‍රයට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී ඉන්දු ලංකා ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය නිකුත් කිරීමේ අවස්ථාවට එක්වෙයි.
නරේන්ද්‍ර මෝදි මහතා අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ද්වීපාර්ශ්වික සාකච්ඡා වල නිරත වීමට සහ ද්වීපාර්ශ්වික නියෝජිතයන් අතර හමුවකට සහභාගී වීමට සැලසුම් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට ප
ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මහත් අභිමානවත් හරසර මධ්‍යයේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී ශ්‍රී ලංකාව වෙත පිළි
ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය එක්ස් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබේ.
ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමට මේ වන විට සියලු කටයුතු සූදානම්ව පවතී.
ඌරගස්මංහන්දිය බෙලිගස්වේල්ල ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර සිදු කළ වෙඩි තැබීමකින් 56 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියේය.
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
මෝදි පිළිගන්න රාජ්‍ය උත්සවය නිදහස් චතුරස්‍රයේ
ගුණරත්න Friday, 04 April 2025 06:55 PM
විජේවීර මිනීමරුවා අපායේ කැපිච්ච පණුවා වගේ දඟලනවා ඇති පක්‍ෂය දැන් ඉන්දියා අගමැති පිළිගන්න සැරසෙන එකට...!