(චාපා මධුභාෂීණී)
මැදිරිගිරිය අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල අසල දින ගණනාවක් තිස්සේ පෝලිමේ සිටි පිරිසක් ඉන්ධන නොලැබීම නිසා කලහකාරි ලෙස හැසිරෙමින් ඉන්ධනහලට ගල්මුල් ප්‍රහාර ඒල්ල කරද්දී ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලිස් නිලධාරීහු අහසට වෙඩි තැබූහ.
විරෝධතාකරුවන්ගේ ගල් ප්‍රහාරයෙන් ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට නවතා තිබූ වාහනවලට අලාභ හානී සිදු වූ අතර එක් අයකු තුවාල ලබා මැදිරිගිරිය මූලික රෝහලට ඇතුලත් කළ බව මැදිරිගිරිය පොලිසිය කියයි.
අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හලට පසුගිය 17 වන දින සවස පෙට්‍රල් ලීටර 13 200 ප්‍රමාණයක් ලැබී ඇති අතර මෙම ඉන්ධන තොගය ජනතාවට බෙදා දීමට ඉන්ධන පිරවුම්හල් සේවකයන් කටයුතු කර තිබුණි.
ඒහෙත් ඊයේ (18) උදෑසන මැදිරිගිරිය, හිගුරක්ගොඩ, මින්නේරිය සහ පොලොන්නරුව යන පොලිස් ස්ථානයන්ට අනුයුක්තව සේවය කරන පොලිස් නිළධාරීන් විශාල පිරිසක් සිය නිළ ඇදුමින් සැරසී ඉන්ධන ලබා ගැනීමට කටයුතු කිරීමත් සමග දින ගණනාවක් පොලිම්හි රැදී සිටි පිරිස නොසන්සුන්කාරීව හැසිරුනහ.
මෙම පොලිස් නිළදාරීන් සිය වාහනවලට ඉන්ධන ලබා ගැනීම පමණක් නොව බැරල්, බූලි වැනි දෑටද ඉන්ධන ලබා ගත් බව එම පිරිස් චෝදනා කළහ.
ඒ අවස්ථා ඉන්ධන පිරවුම්හල් ප්‍රකාශකයෙක් ජනතාව වෙත නිවේදනය කරමින් කියා සිටියේ ප්‍රමාණවත් පිරිදි ඉන්ධන පවතින හෙයින් නොසන්සුන් වන ලෙසයි.
ඉන්ධන සංචිත රාත්‍රී 8.00 පමණ අවසන් බව ඉන්ධන පිරවුම්හලෙන් දැනුම්දීමත් සමග පොල්මේ රැදී සිටි පිරිස ප්රකෝපකාරී විය. පසුව මෙම පිරිස ඔවුනට ඉන්ධන ලබා ගැනීමට නොහැකි වූයේ උදෑසන කාලයේ සිට රාජ්‍ය නිළදාරීන්ට ඉන්ධන ඉකුත්කිරීම හේතුවෙන් බව පවසමින් ඉන්ධනහලට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කළහ.
පසුව මෙය මැඩපැවැත්වීම සදහා පොලිසිය අහසට වෙඩි තැබීමක්ද සිදු කෙරුණී.
ඉන්ධන පිරවුම්හලට එල්ල කළ මෙම ප්‍රහාරය හේතුවෙන් පෙට්‍රල් ගෙන්වීම තාවකාලිකව නතර කළ බව ඉන්ධනහල් කළමනාකාරීත්වය දැනුම් දුන්නේය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැදිරිගිරිය ඉන්ධනහල අසල කලහකාරීන් එලවන්න අහසට වෙඩි
Thushari Tuesday, 19 July 2022 10:23 PM
රාජ්‍ය සේවක පොලිස් ඉන්ධන මංකොල්ලය වහා නැවැත්විය යුතුයි...!
sharm warn Wednesday, 20 July 2022 09:38 AM
දැන් මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ බිංදුවටම තැලිලා, පොඩිවෙලා ඉන්න මිනිස්සුන්ට එරෙහිව පමණයි. මිනිසුනි, මේ තමයි ඔබලා කපාගත්තු වල. මේකට වැරැදිකරුවන් ඔබලාම තමයි..