IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මැදිරිගිරියට අලි පැන අලි ජරමරයක්

(චාපා මධුභාෂිණී)

සෝමාවතිය රක්ෂිතයේ ඇතකු සහ අලි රංචුවක අලි සිවුදෙනකු මැදිරිගිරිය වටදාගෙය රක්ෂිතයේ කුඩා ප්‍රදේශයක දින 5ක් තිස්සෙ රැඳී සිටිමින් මැදිරිගිරිය නගරය අවට ගම්මානවලට රාත්‍රියේ සහ දිවා කාලයේ කඩා වැදීම නිසා ප්‍රදේශවාසීහු භීතියට පත්ව සිටිති.

මෙම අලි රංචුව ඊයේ දහවල් කාලයේ කඩා වැදීම හේතුවෙන් පාසල් හයක පමණ සිසු සිසුවියෝද දැඩි ලෙස භීතියට පත් වූහ.

මණ්ඩලගිරිය, නවනගරය, ජී.පී.එස්. හන්දිය, 5 ඇළ යන ගම්මානවල පිරිසක් මේ හේතුවෙන් දැඩි භීතියට පත්ව සිටිති.

වල් අලින්ට බියවීම නිසා කිසිවකුත් සිය නිවෙස්වලින් පිටතට නොයන අතර, අවට මාර්ග රැසක් පාළුවට ගොස් ඇති අයුරු දැකගත හැකිවිය.

වටදාගෙය රක්ෂිතයේ සිට ගම්මානයට අලි කඩා වැදී වගා කර ඇති සියලු බෝග විනාශ කර දමන බවට ගම්මු චෝදනා කරති.

මණ්ඩලගිරිය මහා විද්‍යාලය අවට ඊයේ දහවල් අලි තිදෙනකු සැරිසැරීම නිසා පාසල් දරුවන් ඉතා ආරක්ෂිත ලෙස මවුපියට බාරදීමට කටයුතු කළ බව පාසල් ආරංචි මාර්ග කියයි.

අලි අවදානම පිළිබඳව දැනගත් පාසල් පාලනාධිකාරිය ඒ සම්බන්ධයෙන් මව්පියන්ට කෙටි පණිවිඩ මගින් දැනුම් දී ඉතා ආරක්ෂිත ලෙස දරුවන් මවුපියන්ට බාරදීමට කටයුතු කළ අතර, පාසල් වෑන් රථය පාසල තුළට රැගෙන විත් ආරක්ෂිත ලෙස දරුවන් පිටත් කර යවා ඇත.

ගම්වාසීන් දැඩි ලෙස භීතියට පත්ව කලබලකාරී ලෙස දුව යන අයුරු දැකගත හැකි විය.

මණ්ඩලගිරිය මහා විද්‍යාලය, නවනගරය මහින්ද ජාතික පාසල, කොහොඹදමන කනිටු විදුහල, බිසෝ බණ්ඩාරපුර ප්‍රාථමිකය, පැරකුම්පුර ප්‍රාථමිකය සහ මැදිරිගිරිය ජාතික පාසලට මෙම ප්‍රදේශවල සිට ගමන් ගන්නා දරුවන්ගේ ජීවිත මේ නිසා දැඩි අවදානමකට ලක්ව ඇත.

අලු‍යම් කාලයේ පාසල් යෑම ඔවුන්ගේ ජීවිතවලට දැඩි අවදානමක් බවට පත්ව තිබේ.

මෙම වල් අලි රංචුව සෝමාවතිය රක්ෂිතයට පලවා හැරීමට කටයුතු නොකරන්නේ නම් දහවල් කාලයේ පවා වනජීවියට අලි එළවීමට සිදුවන බව ගම්වැසියෝ කියති.

මින් පෙර කිසිදු කාලයක මෙම ප්‍රදේශයට වල් අලි තර්ජනයක් නොවූ අතර, බිසෝපුර නව සංවර්ධන කලාපයක් කිරීම සඳහා සෝමාවතී රක්ෂිතයේ අක්කර 5000ක පමණ රක්ෂිතයක් විනාශ කර ජනතාවට ඉඩම් ලබා දීමට කටයුතු කිරීමත් සමග වල් අලින්ට සිය වාස භූමි අහිමි වීමෙන් ඔවුන් ගම්වදින බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති .

මේ හේතුවෙන් මිනිස් ජීවිත පමණක් නොව වල් අලි ජීවිතද අහිමි වූ බව ඔවුහු කියති.

මේ පිළිබඳව නවනගරය වනජීවී නිලධාරියකුගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ අලි ගම්වැදී සිටීම හේතුවෙන් ඔවුන් පලවා හැරීමට තමන් ඇතුළු අනෙකුත් නිලධාරින් කටයුතු කළ බවත් ගම්වාසීන් කලබලයට පත්ව පාරවල් දිගේ රංචු වශයෙන් දුව යෑමත් සමග ඔවුන්ට එම කටයුත්ත කර ගැනීමට අපහසු බවයි.

තවද දහවල් කාලයේ වල් අලි එළවීම තරමක් අපහසු බවත් රාත්‍රී කාලයේ මෙම රංචුව එලවීමට කටයුතු කරන බවත්. මෙම සතුන් වටදාගෙය රක්ෂිතයෙන් එළියට දැමීමට කටයුතු කරන බවත් එය කොතරම් දුරට සාර්ථකවේද යන්න කිව නොහැකි බවත් ඔහු කීවේය.



අදහස් (0)

මැදිරිගිරියට අලි පැන අලි ජරමරයක්

ඔබේ අදහස් එවන්න

දියත

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 964 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1577 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 344 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1427 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 481 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1212 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39638 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25784 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site