(සුජිත් හේවාජුලිගේ )
මූල්‍ය අක්‍රමිකතා කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හඳුනාගත් ආයතන 12ක් ගැන විගණන පරීක්ෂණ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කළ වාර්තාවේ මේ පිළිබඳව පැහැදිලිව සඳහන් වී ඇති බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව ආයතන හයක් සම්බන්ධයෙන් මේ වනවිට කරන ලද විගණන විමර්ශනය යටතේ රුපියල් කෝටි 318 මුදලක් අමතර බදු ලෙස රජයට අය කරගැනීමට හැකිව ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.
ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය
රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද
ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල
ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මුදල් වංචා කළ ආයතන 12 ක් ගැන විමර්ශනයක්
Amal Monday, 05 February 2024 02:19 PM
රටේ ජනතාවගේ බදු මුදල් නාස්තිකරමින් කරන විගණන පරීක්ෂණ වලින් ලැබෙන ප්‍රතිඵලය කුමක්ද ? ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ විගණනයට ඇස් පනාපිටම වෙච්ච දේ ???
Lankabarana Tuesday, 06 February 2024 08:29 AM
අමල් හරි කොහොම හරි විගණන විමසීමේදී අනාවරණය වෙන පාඩු හානි සහ දූෂණ ගැන කටයුතු කරන්න අධිකරණයක් පිහිටෙව්වොත් හා එම තීන්දු අභියාචනා නොවිමසා ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙළක් සැකසුවොත් රටේ හොරකම් මැරකම් වංචා දූෂණ නැතිකරන්න පුළුවන් වේවි කියලා හිතෙනවා කුමන හෝ පක්ෂයක් තමන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එහෙම කරනවා කියලා පොරොන්දු වෙනවා ඔවුන් ඉහලින්ම ජයග්‍රහණය කලයුතුය
චන්දන Monday, 05 February 2024 03:49 PM
ඔය විගණන පරීක්ෂණ කරලා ප්‍රතිඵල නෙලාගත් එක ආයතනයක් නම් කරන්න පුළුවන්ද...?
Hafeel Monday, 05 February 2024 04:08 PM
රටේ මුදල්, වංචා ගැන මහා ලොකුවට කතා කරන මෙයා, එදා නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වෙලා, එදාම නැවත එම ධුරයට තරඟ කරලා රටේ මුදල් නාස්ති කිරීම ගැන මෙයා වග කියන්න ඕනේ. අනුන්ට චෝදනා එල්ල කරන්න තමන් නිවැරැදිද බලන්න...