(රංජිත් කරුණාවිර)
“අද බලයට පත් වෙලා ඉන්න ජනාධිපතිට බලයට පත් වෙන්න අවස්ථාව උදා වුණේ ඔය අරගලය හින්දා. වසන්ත මුදලිගේ කියන තරුණයා ආදිවාසී පරම්පරාවේ කාන්තාවක්ගේ කුසින් වැදූ , මේ ගමේ ඉපදිච්ච තරුණයෙක්. මම කියන්නේ ඒ තරුණයෝ වැරදක් කරලා තියෙනවා නම් දඩුවම් කරන. හැබැයි ඒ තරුණයෝ මාස ගණන් රඳවා ගනිමින් ශාරීරික පීඩාවලට වඩා මානසික පීඩනයක් හදවතට වේදනා ගෙන දෙන ආකාරයෙන් රදවාගෙන දඩුවම් කළ යුතු නැතැයි ආදිවාසී නායක විශ්ව කිර්ති වන්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්, පැවැසීය.
ඒ තරුණයා ඇතුළු අරගලයට එකතු වෙච්ච සමස්ථ පිරිස කථා කරලා තියෙන්නේ ඒ ඒ අයගේ පෞද්ගලික උමවනාවන් නෙවෙයි. ඒ අය කථා කළේ මේ මුළු රටේම අවශ්‍යතාවයයි. එම කථා කිරිම තුළ තමයි අද බලයට පත් වෙලා ඉන්න ජනාධිපතිට වුණත් බලයට පත් වෙන්න අවස්ථාව ලැබුණේ මේ අය. අත් අඩංගුවට ගෙන තියෙන්නේ මේ රටේ වසර 30ක් තිබ්බ යුද්දෙට දාලා තිබ්බ නීති පාවිච්චි කරලා. හැබැයි මේ අයගේ අතේ තිබිලා ගිණි අවියක් හෝ අත් බෝම්බයක් හොයාගෙන නෑ.
වැරද්දක් කර තියෙනවා නම් කඩිනමින් දඩුවම් දෙන්න. රදවාගෙන තබාගැනීම කිසි තේරුමක් නෑ කියලයි මම කියන්නේ.
“පසුගිය කාලයේ මේ රටේ ලොකු වෙනසකට ලක් වුණා. මම දැකපු විදියට ඒ කාලේ ඒ අය කථා කරේ මේ රටේ ජීවත් වෙන සෑම පුරවැසියකුම අත් විදින ගුටළු පිළිබදවයි. ඒ කටයුත්තේදී අපේ ගමේ ඉපදිච්ච, අපේ පරම්පරාවේ කැකුළියකුගේ කුසින් බිහිවෙච්ච දරුවකුත් මේ තැනට මුලිකත්වය ගෙන සම්බන්ධවෙලා තියෙනවා. ඒ කාලේ හැමෝම කථා කලේ ඒ අයට සිදු කරන දේ හොදයි. හැමෝම ඒකට උදව් කරන්න ඕන කියලා. සමහර වේලාවල්වලදී රටේ ප්‍රධාන පිරිස් පවා ඒ අවස්ථාවන්වලට සම්බන්ධ වෙලා උදව් කෙරුවා. ඒවා දකිද්දී මමත් හිතාගත්තා රටේ සියළු දෙනාටම ඒකෙන් යහපතක් වෙයි කියලා.
බලාගෙන යනකොට දැන් ඒකෙන් ලොකු අසාධාරණයක් සිද්ධ වෙලා. මෙම අරගලයට එදා දවසේ හොදයි කියලා හිතාගෙන කථා කරපු අය අද වෙන කොට අනිත් පැත්තට ගිහිල්ලා.
වසන්ත මුදලිගේ කියන තරුණයා මේ ගමේ ඉපදිච්ච තරුණයෙක්. මට ආරංචි වෙනවා සමාජයේ එකක එක කථා. ආදිවාසී මිනිස්සු කියන්නේ අර තැනටත් මේ තැනටත් කථා කරන මිනිස්සු, හැම එකක්ම අවුල් කරන මිනිස්සු කියලා කථාවෙනවා කියලා එකක එක කථා.
හැබැයි මම හිතනවා, ආදිවාසී නෙවෙයි මොන එකා වුණත් සාධාරණයකට කථා කරනවානම් ඒක තමයි සාධාරණය.
ආදිවාසී නායක විශ්ව කිර්ති වන්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්, දඹාන කොටබකිනිය ගම්මාණයේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී මේ බව පැවැසීය.
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුදලිගේ වෙනුවෙන් වන්නියලා ඇත්තෝ කතා කරයි
de silva Tuesday, 13 September 2022 02:23 PM
මෙන්න නියම නායකයෙක්... පගාවලට නැවෙන්නේ නැති, ඇත්ත කෙළින් කතා කරන නායකයෙක්... කතෝලිකයින්ට කාදිනල්තුමා ඉන්නවා. ආදිවාසීන්ට වන්නියලැ ඇත්තෝ ඉන්නවා. සිංහල බෞද්ධ අපිට කවුද ඉන්නේ..?
SL Tuesday, 13 September 2022 02:42 PM
අම්මෝ රනිල්ගේ අලුත් කැබිනට් එකෙන් වසන්ත ඉල්ලු සියලුම් දේවල් රටට දීල තියෙනවා. ඇමතිලා..රාජ්‍ය ඇමතිලා ,උන්ට ඉන්ධන ලීටර 2250 ,ටැලිපෝන් 3 , වාහන 3 තව මොනවද වන්නියල ඇත්තෝ කියන්නේ. වසන්ත මුදලිගේ ඉන්න ඕනේ හිරේ, කප්පම් ඉල්ලලා අධිකරනේයේ වරදකරු වුනු ප්‍රසන්න රණතුංග ඉන්න ඕනේ රජමාලිගවක රනිල් තමයි අපේ සාධාරණ රජා
යෝගා Tuesday, 13 September 2022 02:42 PM
වැද්දෙක් වීමත් වරප්‍රසාදයක් කියලද කියන්නේ. අනේ කාලේ වනේ වාසේ කිව්වලු. මේ ලොක්කෝ, ඔය කැකුලට කියාපන් අහිංසක විශ්ව විද්‍යාල ලමයින්ට පාඩුවේ ඉගෙන ගන්න දෙන්න කියල
nimalWednesday, 14 September 2022 07:11 AM
වැරැද්දක් කර තියෙනවා නම් කඩිනමින් දඬුවම් දෙන්න. රඳවාගෙන තබාගැනීම කිසි තේරුමක් නොමැති බවත් සත්‍ය වේ. එමනිසා ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නාවූ නීතීඥවරුන් මේ පිළිබඳව ගරු අධිකරණයට දන්වා සිටිය යුතුවේ. වසන්ත මුදලිගේ රැඩිකල් දේශපාලනයෙන් ඉවත්ව ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රියාවන් වෙත පැමිණිය යුතුවේ.
මැක්ස් Tuesday, 13 September 2022 03:22 PM
වන්නිලෑ ඇත්තන්ගෙ මුණුපුරා උනත් දැැනුවත්ව හෝ නොදැනුවත්ව පාවච්චි උනා අැමරිකානු තානාපතිනිය ඇතුලු පරාදේසක්කාර නඩේට. රීජිම් චේන්ජ් සෙල්ලමට. සිංහල බොදු විාරා්ධී කැරැල්ලට. දැන් ඉතිං විදවන්න.
fairoosTuesday, 13 September 2022 04:40 PM
ජාතිවාදයෙන් රට කරපු නන්දසේනට වෙච්චි දේමයි ඔබටත්... රටට කරපු මේ අපරාධයට හෙණ වදිනවා.
BamunuarachchiWednesday, 14 September 2022 06:00 PM
රට ජාතිවාදයෙන් බේරාගන්න තිබෙන එකම ක්‍රමය සිංහල ජාතිවාදයයි. සිංහලයා ජාතිවාදී නොවුණොත් සිංහල අපිට රටක් නැත. මම නොම්මර එකේ සිංහල ජාතිවාදියෙක්. ඝෝඨාභය ජාතිවාදී කළේත් අපි. දැන් රටේ හජ්ජියාර් ස්ටෝස් නැහැ...
Priyankara Tuesday, 13 September 2022 06:16 PM
ඇත්ත. ජෙප්පන්ටයි පෙරටුගාමීන්ටටයිඅහුවෙලා උන් වෙනුවෙන් කඩේ යනවා අවුරුදු 9ක් වි: විද්‍යාලයේ කාරිය කරන්නෙ නැතුව තරුණ පරම්පරාව නොමගට යවනවා.
පිටිගල මිලානෝTuesday, 13 September 2022 06:38 PM
එතකොට සිංහල බෞද්ධ කියන්නේ මයිනාටයි, කපුටාටයි හිතේ හැටියට හොරකම් කරන්න දීලා බලාගෙන ඉන්න එකද?
බද්රානිTuesday, 13 September 2022 08:15 PM
අනේ මේ යන්න හලෝ... මැක්ස් මෙතන නිකම් ගොන් කතා කියන්නේ නැතිව. මේ කොහෙවත් ඉන්න අය ගැන ඒ තරම් වදවෙන්න ඇමරිකන් කාරයින්ට ඇති පිස්සුවක් නැහැ. ඇමරිකන් කාරයින්ගෙන් හිඟමනේ යද්දී කෝ ඔය කයිවාරු? මැදපෙරදිග ගිහින් බැලමෙහෙවරකම් කරද්දී කෝ ඔය ලොකුකම්..? මේ ලංකාවේ ඉන්නවා බහුතර මෝඩ අමනෝඥයින් රැලක්.. ඒ නිසා තමයි මේ රට දියුණු නොවෙන්නේ... මොනවා කළත් වගතුවකුත් නැහැ ඔවුන්ට... වන්නිලා ඇත්තොත් දන්නවා ඇතිනේ මේ වර්ගයේ සිංහලයින් කියන්නේ කාපු පතේ පහරන ජාතියක් වග. යනතැන විනාශයි. ඒකට මොකද, මොවුන්ගේ රජාලා ඇමරිකන් පුරවැසියෝ...!
sena Tuesday, 13 September 2022 05:29 PM
වසන්ත මුදලිගේට කල යුතුව තිබෙනුයේ ප්‍රජතන්ට්‍රවාදී දේශපාලනයට පැමිණීම වේ. ඔහු අනාගතයේදී දිනයක දඹාන පැමිණ ආදිවාසී නායක විශ්ව කිර්ති වන්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ගේ , දඹාන කොටබකිනිය ගම්මාණය තුල අරගලයක් කළහොත් වන්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ගේ සම්ප්‍රදායික ක්‍රම, සතුන් දඩයම් කිරීම, පොරොවක් රැගෙන යාමේ සිට වන්නියේ සියලු දෙනාගේ ජිවනක්රමය වෙනස් කර නුතන ලෝකය සමග එක්ව කට යුතු කල යුතුබව පවසමින් අරගක්ලයක් කල හොත් කුමක් සිදුවේද ? ආදිවාසී නායක විශ්ව කිර්ති වන්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් එවිට ගන්න තීරණය කුමක්ද ?
podi mole Tuesday, 13 September 2022 06:26 PM
අරගලය නීති විරොදි නම් අරගලය හෙතුවෙන් සිදුවූ සියලු ක්රියාදාමයන්ම නීති විරෝදි විය යුතුය. එසෙනම් රනිල් වික්‍රමසිංහ ජනාදිපති වීමද නීතිවිරෝදි විය යුතුය.
Bamunuarachchi Tuesday, 13 September 2022 08:02 PM
ඒ වැදි කොල්ලාට රට දඩයම් යුගයට රට ගෙනියන්න දෙන්න බැහැ. ඔය ගම පොජ්ජෙන් කැකුලියක් කර කාර බන්දලා දීල කෙටේරි පොජ්ජකුයි දුනු ඊතල පොජ්ජකුයි දුන්නොතින් දඩයමක් කොරා ගෙන ඉඳි.
Lelwala Wednesday, 14 September 2022 08:16 AM
මේ අය රැහෙන් පිටට යන්න නොදි ගහකවත් බැඳලා ආරක්ෂා කරගෙන කැලේම තියාගත්තා නම් හොඳයි. විශ්ව විද්‍යාලවල ළමුන්ට නිදහසේ ඉගෙන ගන්න ඉඩඇරලා...