IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මුදවන ලද රබර් කිරි - ෂීට් ගේන්න අවසර

(අංජුල මහික වීරරත්න)

තාවකාලික ආනයන හා අපනයන යෝජනා ක්‍රමය යටතේ මුදවන ලද රබර් කිරි සහ රබර් ෂීට් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ  නිෂ්පාදන කටයුතු සිදු කරනු ලබන ඝන ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලා සඳහා තාක්ෂණික පිරිවිතර  රබර් මෙට්‍රික්ටොන් 60,240ක පමණ වූ වාර්ෂික ඉල්ලුමක් ඇති අතර, රට තුළ පවතින උග්‍ර ඔට්ටපාලු හිඟය හේතුවෙන් දේශීය නිෂ්පාදකයන්ට එම ඉල්ලුම සපුරාලිය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි රජය පවසයි.

ඒ අනුව රබර් සංවර්ධන දෙපාර්‌තමේන්තුවේ ලියාපදිංචි වූ සහ ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ අනුමැතිය ලැබූ ශ්‍රී ලාංකික තාක්ෂණික පිරිවිතර රබර් නිෂ්පාදන ආයතන සඳහා අවශ්‍ය මුදවන ලද රබර් කිරි සහ මුදවන ලද රබර් කිරි වලින් අඹරා සාදන ලද Sheets අපනයන කාර්යයන් සදහා තාවකාලිකව ආනයනය කිරීමේ යෝජනා ක්‍රමය (TIEP) යටතේ ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම පිණිස කෘෂිකර්‌ම සහ වැවිලි කර්‌මාන්ත අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කෙරිණි.



අදහස් (7)

මුදවන ලද රබර් කිරි - ෂීට් ගේන්න අවසර

සෙනෙවිරත්න Wednesday, 24 July 2024 01:59 PM

එතකොට රබර් වලට හරි මිලක් නැහැ කියලා නාහෙන් අඬන්නේ බොරුවටද? ඔට්ට පාලු වෙනුුවට හොඳ රබර් ගන්නකෝ... මේක රජය නොමග යැවීමක් දැයි සැකයි...

:       1       13

fairoos Wednesday, 24 July 2024 02:14 PM

කමිෂන් එක කීයද දන්නේ නැහැ?

:       1       14

Charura Wednesday, 24 July 2024 02:30 PM

මෙම තීරණය නිසා ඉදිරියේදී රබර් මිල පහළ යෑමක් බලාපොරොත්තු විය හැකි බැවින් රබර් ගොවීන්ට දීර්ඝ කාලීනව සිදුවන පාඩුව සඳහා අමාත්‍යවරයා වගකිව යුතුයි. කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස ගොවීන් ආරක්ෂා කරගැනීමට කටයුතු කළ යුතු වුවත් මේ මොහොතේ එය සිදු වී නොමැත. විශාල සමාගම් මේ මොහොතේ වැඩි වශයෙන් රබර් ආනයනය කර ගබඩා කර ගනු ඇත. ඉදිරියේදී රබර් ගොවි උද්ඝෝෂණ දැක ගත හැකි වනු ඇත...

:       3       14

sunil Wednesday, 24 July 2024 03:31 PM

රබර් කිරි කාර්මිකයාගේ ආදයම හොඳටම බැහැපු වෙලාවේ මේවා කරන්නේ ඔලුවේ අමාරුවක් නිසාද?

:       0       12

ranjith Wednesday, 24 July 2024 03:44 PM

ලෝකෙට ණයවෙලා රට විනාශ කරනවා... ඔක්කොම රටින් ගේන තැනට රට පත්කරලා බොරු පුරසාරම් දොඩවනවා.

:       0       12

P. de. silva - North America Wednesday, 24 July 2024 04:19 PM

ලැජ්ජයි අපේ රබර් වතු වලට මොකද වෙන්නේ. පුංචි දවස්වල ඉස්කෝලේ යන කාලේ අපි ඉගෙන ගත්තේ පොල්, තේ සහ රබර්. ඒවා සුළඟත් එක්ක ගියා. ආණ්ඩුවේ දේශපාලකයෝ ඔක්කොම විනාශ කරලා .දැන් වෙන රටවලින් ගෙන්වන්න වෙලා. දුකයි දුකයි දුකයි .

:       0       14

nanda Wednesday, 24 July 2024 08:50 PM

දශක ගණනක් රට බංකොලොත් කරපු මුන් සේරම තවත් හිටියොත් ඉන්න හිටින්න රටක් නැති වෙනවා

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1413 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 1893 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 465 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3052 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2471 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1807 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34713 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site