IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මධ්‍යම පළාතේ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 2,142 ක්

(මොහොමඩ් ආසික්)

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල    වයස අවුරුදු පහට අඩු දරුවන් 2,142 ක් උග්‍ර මන්දපෝෂණ තත්වයෙන් පෙළෙන බව හඳුනා ගෙන ඇති බව  පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

2023 වසරට අදාළව මධ්‍යම පළාතේ පවතින මන්දපෝෂණ තත්වය සම්බන්ධයෙන් 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනිමේ පනත අනුව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් කරන ලද තොරතුරු ඉල්ලීමකට  ලබා දී ඇති තොරතුරුවල මේ බව සඳහන් වෙයි.

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන අවුරුදු පහට අඩු දරුවන් 2142 ක් පළාතේ සිටින අතර මධ්‍යම මට්ටමේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 15,920 ක් සහ ඌණ පෝෂිත දරුවන් 27,812 ක් හඳුනා ගෙන ඇති බවත් එම තොරතුරුවල සඳහන් වෙයි.

මහනුවර දිස්ත්‍රික්කයේ උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් 970 ක් මාතලේ දිස්ත්‍රික්කයේ 461 ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දරුවන් 711 ක්ද හඳුනා ගෙන තිබේ.

මධ්‍යම මට්ටමේ මන්ද පෝෂණයෙන් පෙළෙන  දරුවන් මහනුවර දිස්ත්‍රික්කයේ 7626 ක් මාතලේ දිස්ත්‍රික්කයේ 3716 ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ 4588 ක් වශයෙන් හඳුනාගෙන තිබේ. ඌණ පෝෂිත දරුවන් මහනුවර දිස්ත්‍රික්කයේ 11,044  ක් මාතලේ දිස්ත්‍රික්කයේ 4051 ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ 12,717 ක් වශයෙන් හඳුනා ගෙන තිබේ.

සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරි කොට්ඨාස මට්ටමින් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන්  76 ක් යටිනුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන්  68 ක් වශයෙන්   වන අතර මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන්  67 ක් සහ විල්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන්  61 ක් වශයෙන් වාර්තා වී තිබේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම මන්දපෝෂිත දරුවන් වාර්තා වී ඇත්තේ කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන්  89 ක් සහ  ළිඳුල  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන්  84 ක් වශයෙනි.

මෙම සංඛ්‍යා ල්ඛණ අනුව පෙනී  යන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දරුවන් තුල මන්දපෝෂණ තත්වයේ වැඩි වීමක පෙන්නුම් කරන බවයි.

 



අදහස් (4)

මධ්‍යම පළාතේ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 2,142 ක්

sachith Monday, 29 July 2024 11:08 AM

මේ දිස්ත්‍රික්ක වල මැති ඇමැතිලා කී දෙනෙක් නම් රට බේරගන්න, රැකගන්න ඉන්නවාද? ඒ වුණාට තමන්ගේ දිස්ත්‍රික්කයේ ළමයි ටිකට හරියට කන්න දෙන්න සැලසුමක් නෑ.

:       0       1

fairoos Monday, 29 July 2024 11:41 AM

තව සැරයක් ඉන්න අයටම චන්දෙ දෙමු

:       2       2

udara Monday, 29 July 2024 11:42 AM

ඔය තියෙන්නේ හොදටම කරලා...

:       2       2

ලසන්ත Monday, 29 July 2024 03:10 PM

මේක විෂම චක්‍රයක්...! ඉදිරි අනාගතයේ දී ජනගහනයේ රෝගී, බුද්ධියෙන් හීන, දුර්වල ජන ප්‍රතිශතය ඉහළයාවි. එවැනි ප්‍රජාවක් බලය යොදවලා, අන්දවලා, පාගලා, රවටලා පාලනය කරන්න ලෙහෙසියි. නැවත නැවත බලයට එන්නත් ලෙහෙසියි. ඒ නිසා මේ තත්වය වැඩි වැඩියෙන් දියුණු කරගෙන පවත්වාගෙන යමු නේද?

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 631 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 301 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 280 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2380 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 112 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1565 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32715 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23865 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site