IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මධ්‍යම පළාතේ පාසල්වලට විශේෂ චක්‍රලේඛයක්

( ෂේන් සෙනෙවිරත්න )

මධ්‍යම පළාතේ සියලු පාසල් සංවිධානය කරනු ලබන උත්සව හතකට පමණක් සීමා කරන ලෙස දන්වමින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක මේනක හේරත් මහතා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කොට තිබේ .

මධ්‍යම පළාත් සභාවට අයත් පාසල් සහ ජාතික පාසල් වලට මෙම චක්‍රලේඛය නිකුත් කොට ඇත්තේ විවිධ උත්සව සංවිධානය කරමින් ඇතැම් පාසල් මගින් දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරන බවට ලද පැමිණිලි සැලකිල්ලට ගනිමිණි .

එම චක්‍රලේඛයට අනුව පළමු වාරයේදී උත්සව තුනක් ද දෙවන හා තෙවන වාරවලදී උත්සව හතරක් ද පැවැත්වීමට අවසර හිමිවන අතර ඊට අමතරව කිසියම් උත්සවයක් පවත්වන්නේ නම් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙන් අවසර ගත යුතුව ඇත .

පළමු වාරයේදී ළමුන් ඇතුළත් කර ගැනීමේ උත්සවය, නිදහස් උත්සවය සහ නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය පැවැත්වීමට අවසර හිමිවන අතර දෙවන හා තෙවන වාරවලදී අධ්‍යාපන චාරිකාව, කලා උළෙල, වර්ණ ප්‍රධානෝත්සවය හා වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැත්වීමට අවසර හිමි වනු ඇත .

සංගීත සංදර්ශන, ගුරු උපහාර ඇතුළු විවිධ සැමරුම් උත්සව සංවිධානය කරමින් විදුහල්පතිවරුන් ඇතුළු විවිධ කණ්ඩායම් සීමාවකින් තොරව දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරන බවට ලද පැමිණිලි වලට අනුව එම චක්‍රලේඛය නිකුත් කොට තිබේ .



අදහස් (2)

මධ්‍යම පළාතේ පාසල්වලට විශේෂ චක්‍රලේඛයක්

Devi Sunday, 21 January 2024 05:09 PM

සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු මේ නිලධාරියා වගේ වැඩ කරන්න ඕන. එම පාසල් සිසුන්ගේ පෞද්ගලික උපකාරක පන්ති නතර කිරීමටද ඔහුට හැකි විය. ඔබ දක්ෂයි. අධ්‍යාපන ඇමතිකමවත් අඩුම තරමේ ලේකම්කමවත් ගන්න බැරිද. පාසල්වල සිදුවන සියලුම අක්‍රමිකතා නවතා දැමීමට ඔබට හැකිවනු ඇතැයි මට විශ්වාසයි.

:       0       0

Ranga gamage Sunday, 21 January 2024 06:17 PM

හැටන් කලාපයේ එක් පාසලක රාත්‍රී ක්‍රීඩා උත්සවයක් පැවත්වීමට යැයි කියා බලහත්කරයෙන් මෙන් මුදල් එකතු කරමින් සිටී. (රු. 5000/=), ආර්ථික අපහසුතා නිසා හෝ දෙමාපියන්ට මුදල් දීමට නොහැකි උවහොත් විදුහල්පතිවරයා හා ඇතැම් ගුරුවරුන් දරුවන්ගෙන් සෘජුව පලි ගනී. ගියවර අත්දැකීම් අනුව එය එසේය...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 213 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1247 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2436 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 109 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2696 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 6983 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1054 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site