(යොහාන් භාසුර)
‘කොවිඩ්’ වසංගතයෙන් අපහසුතාවට පත්ව සිටින පෞද්ගලික බස්රථ හිමියන්ට සහන සැළසීම සඳහා ප්‍රවාහන රජ්‍ය අමාත්‍යය ක්‍රියාත්මක කරන ‘සහන පැකේජය’ වැඩසටහනේ පළමු අදියර යටතේ මධ්‍යම පළාත් අන්තර් පළාත් බස් රථ සදහා වවුචර් ප්‍රදානය මහනුවර හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේදී මේ මස 24 වැනිදා පෙරවරු 11.00 ට පැවැත්වේ.
මෙම ‘සහන පැකේජය’ ඔස්සේ බස් රථයක් වෙනුවෙන් අමතර කොටස්, ටයර්, ලිහිසි තෙල් සහ බැටරි මිලදී ගැනීමේදී සහ රක්‍ෂණ සහතිකය ලබාගැනීමේදී වසරකට රුපියල් ලක්‍ෂයක පමණ වට්ටම් ලැබෙන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ සෘජු මැදිහත්වීමෙන් අදාල බස්, ටයර්, ලිහිසි තෙල්, සහ රක්‍ෂණ සමාගම් සමඟ සාකච්ඡා කර එම සහන ලබාදුන් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම මහතා පැවසීය.
සහන වවුචරය හිමි බස් රථ හිමියකුට ටයර් මාරුකිරීමේදී දැනට ලැබෙන ටට්ටමට අමතරව ටයර් එකකට රුපියල් 2000 පමණ වට්ටමක් ලැබීමෙන් ටයර් හය මාරුකිරීමේදී රුපියල් 12,000 ක පමණ වටටමක් ලැබෙන බවත් වරකට රුපියල් 4500 ක පමණ වට්ටමක් සමගින් ලිහිසි තෙල් වසරකට තෙවරක් මාරුකිරීමේ අවස්ථාව මෙහිදී ලැබෙන බවත් ශෂි වෙල්ගම මහතා කීය.
අමතර කොටස් මිලදී ගැනීමේදී ලේලන්ඩ් සහ ඩීමෝ යන සමාගම්වලින් දැනට ලබාදෙන වට්ටමට අමතරව සියයට 10 ත් 15 ත් අතර ටට්ටමක් ලබාදීමටත් රක්‍ෂණ ආයතන තුනක් වාර්ෂික රක්‍ෂණයේ දෙවැනි කොටස ගෙවීමේ කාලය මාස හයක් දක්වා දීර්ඝ කිරීමටත් එකඟ වී ඇතැයි ද වෙල්ගම මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත දිලුම් අමුණුගම මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන ඉදිරියේදී පළාත් මට්ටමින් සමස්ත දිවයින ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම අමාත්‍යංශයේ ලේකම් එස්.එම්.ඩී.එල්.ඩී. අල්විස් මහතා පැවසීය.
මහනුවර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අග්බෝපුර ප්‍රදේශයේදී බස් රථයක් කැබ් රථයක ගැටී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ මුහුණට මූණ ගැටීමෙන් සිදුවූ අනතුරකින්
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය අවුරුදු තෙදිනේ දිනකට රුපියල් කෝටි 600 කට ආසන්න ආදායමක් උපයා ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධ
රුපියල් හාර කෝටි පනස් ලක්ෂයක් වටිනා හෂීෂ් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඒවා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු සහ ඔවුන්ට ආධාර අන
අලුත් අවුරුදු තෙදිනේ අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් 134,498,800 මුදලක ආදායමක් ලැබී ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ( අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරන අං
ජී.එස්.පී. ප්ලස් බදු සහනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දූත කණ්ඩායමක් මේ මාසය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවස
රතිඥ්ඥා දල්වන විට ඇස් කන්නාඩි පළඳින ලෙස කොළඹ අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඉල්ලීමක් කරති.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
මධ්‍යම පළාත් බස් හිමියන්ට සහන පැකේජය