(කාංචන කුමාර ආරියදාස)
මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මධ්‍යම පළාතේ සියලු පාසල්වල අ.පො.ස සාමාන්‍ය පෙළ සිසුන්ට ලබාදෙන පෙරහුරු පරීක්ෂණ විභාගයේ 8 දින සදුදා පැවැත්වීමට නියමිත ගණිතය ප්‍රශ්න පත්‍රය මීට දින කිහිපයකට ඉහත දී පාසල් ළමුන් අතට පත්ව ඇතැයි දෙමාපියෝ පවසති.
සෑම වසරකම පළාත් සභා මට්ටමෙන් විභාග පෙරහුරු ප්‍රශ්න පත්‍රය පාසල් මට්ටමින් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන ආකාරයටම පැවැත්වීම සඳහා රජය විශාල මුදලක් වියදම් කරයි.
පාසලේම සෞඛ්‍යාරක්ෂිතව විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය වටපිටාව සූදානම් කර තිබියදී මධ්‍යම පළාත තුල ඇති පාසල් බොහොමයකට, විභාගය පැවැත්වීමට පෙර ගණිතය,ඉංග්‍රීසි, බුද්ධ ධර්මය සඳහා වන ප්‍රශ්න පත්‍ර සියල්ලම දරුවන් අතර පත්ව ඇති බවත්, දරුවන් නිවෙස් වල සිට ඒ සියලු විභාග ප්‍රශ්න පත්‍ර උත්තර සපයා ගෙන පසු දා විභාගයට පාසල් යන බවත් දෙමව්පියෝ බරපතළ ලෙස චෝදනා කරති.
මේ වන විටත් දරුවන්ගේ ජංගම දුරකථනවල මධ්‍යම පළාත අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වන්නට ඇති 08 දින පැවැත්වීමට නියමිත ගණිතය ප්‍රශ්න පත්‍රය සැරිසරන බව පෙන්වා දෙන දෙමව්පියෝ මෙවැනි විභාගයක් පැවැත්වීම සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන බලධාරීන්ට නිසි වගකීමක් නැද්දැයි ප්‍රශ්න කර සිටිති.
පළාතේ විදුහල්පතිවරුන් කිහිපදෙනෙකුගෙන් මේ පිළිබඳව විමසීමේදී විදුහල්පතිවරුන් කියා සිටියේ ප්‍රශ්න පත්‍ර කට්ටල තම පාසල්වලට ලැබීමට පෙර සිටම පළාත් සභාවට අයත් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන පිට වී ඇති බවට තමන්ට දැනගන්නට ඇති බව ය. ගුරුවරු ද මෙම ප්‍රශ්න පත්‍ර දරුවන් අතට පත්වීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලෙන් පසුවෙති.
මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතා කියා සිටියේ එවැන්නක් තමා නොදන්නා බවය.කෙසේවෙතත් වයිරසය හේතුවෙන් විද්‍යාලවලට මෙම ප්‍රශ්න පත්‍ර යැවීම නිසා මෙය සිදුවුනේ දැයි සොයා බලන බව ඒ මහතා සඳහන් කළේය.
පසුගියදා වතුකරයේ පාසල් වර්ජනයක් පැවති බවත් ඇතැම් විට එම වර්ජනය නිසා ප්‍රශ්න පත්‍ර පිටතට ගියේ ද යන්න ප්‍රශ්නයක් පවතින බවද ඒ මහතා පැවසීය. ප්‍රශ්න පත්තර දරුවන් අතර පත් වූයේ කෙසේද යන්න තමා කඩිනමින් සොයා බලන බවත් මේ පිළිබඳ ව තමා ව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය ස්තූතිවන්ත වන බවද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක වරයා සඳහන් කළේය.
භාවිතා කළ ටයර් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක නොසිතු ලෙස පිටුපස ටයරටක් ගැලවි යාමේන් කොට්ටුකච්චිය ආසන්නයෙදී එය පෙරළි ගොස් ටයර් තොගය අසල කුඹුරකට විසි
ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් මුළු මහනුවර නගරයම එකම කසළ ගොඩක් බවට පත්වූයේ යැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ම
මෙවර අපොස උසස් පෙළ විභාගයේදී (2024) සිසු සිසුවියෝ 9,457 ක් විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ද (27) පැවසීය.
ලබන නොවැම්බර්-දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.
ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මධ්‍යම පළාතේ සාපෙළ පෙරහුරු ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර සිසුන්ට ලැබිලා
Roshan shammika Friday, 03 March 2023 05:42 PM
ස්තුතියි ඒකට...!
නිල්මිණි සමරසිංහ Saturday, 25 March 2023 10:50 AM
ඉතා හොඳයි...