(බිඟුන් මේනක ගමගේ)
හම්බන්තොට ලුණු ලේවායේ පැවැති සේවක උද්ඝෝෂණයක් වාර්තා කරමින් සිටි මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතාට කිසියම් පිරිසක් බැණ තර්ජනය කරනු ලැබීමේ සිදුවීම තරයේ හෙළා දකින්නේ යැයි ද ඒ සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද ඉල්ලමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මාධ්‍යවේදී රාහුල් සමන්ත මහතා සී.අයි.බී (1) 392/228 යන අංක යටතේ හම්බන්තොට මූලස්ථාන පොලීසියට පැමිණිලි කර ඇතැයි ද එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් මෙසේ තමන්ට පහර දීමට තැත් කළ බවට ඔහු එහි සටහන් කර ඇතැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
පැමිණිල්ල සටහන් කළ අවස්ථාවේදී පොලිසිය සිදුවීම ගොඩින් බේරාගන්නැයි තමන්ට පැවැසී යැයි රාහුල් සමන්ත මහතා ප්‍රකාශ කළ බව ද එහි සඳහන් වේ.
එමනිසා මාධ්‍යවේදීන්ගේ වෘත්තිය කටයුතු නිදහසේ කරගෙන යෑමට ඇති අයිතිය උල්ලංඝනය කිරීමක් හැටියට මෙම සිදුවීම සලකන්නේ යැයි ද සියලු මාධ්‍යවේදීන්ට නිදහසේ හා බාධාවකින් තොරව සිය වෘත්තිය කටයුතු කරගෙන යෑමට සහයෝගය දෙන්නැයි බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මාධ්‍යයට බාධා කිරීම ගැන නීතිය කඩිනම් කරන්න