IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මාධ්‍යවේදී චමුදිත ඝාතන සැලැස්මක්?

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ඝාතනය කිරිමට ඩුබායි හි සිටන මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක්  සාකච්ඡා පවත්වා ඇති බවට විශ්වාසදායක අන්දමින් තමන්ට දැනගැනීමට ලැබුණු බව ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම  පැමිණිල්ලක් කළ බව පිළියන්දල පොලිසිය කියයි.

දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර මහතා ඒ බව සඳහන් කරමින් වීඩියෝවක් නිකුත් කර ඇති බව සිය පැමිණිල්ලේ දක්වා ඇති චමුදිත මහතා මෙරටින් පලා ගොස් ඩුබායි සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් ඉකුත් 21 වෙනිදින එම සාකච්ඡාව පවත්වා ඇති බවට තමන්ට දැනගන්නට ලැබුණු බව පැමිණිල්ලේ දක්වා ඇත.

"රාජපක්ෂලාගේ රෙදි හෝදන්නේ චමුදිතයා ඒ නිසා ඕකව ඉවරයක් කරලා දාන්න ඕන" යනුවෙන් එම සාකච්ඡාවේ මාතෘකාව වී තිබු බව එරට සිටින නාමල් කුමාරගේ ශ්‍රී ලාංකික තොරතුරුකාරියක එදිනම රාත්‍රී දුරකථනයෙන් දැනුම් දී ඇතැයි ද ඒ බව චමුදිතට දැනුම් දෙන ලෙසද එම තොරතුරුකාරිය විසින් නාමල් කුමාරට පවසා ඇතැයිද එම වීඩියෝ හරහා දැන ගැනීමට ලැබුණු බව චමුදිත කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ය.

ඒ සම්බන්ධයෙන් තොරතුරු අවශ්‍ය ඕනෑම මොහොතක මෙරට ආරක්ෂක අංශ වෙත ලබාදීමට නාමල් කුමාර සූදානමින් සිටින බවට ද චමුදිත සමරවික්‍රම මහතා කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

මේ සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් කීපදෙනකුටද දුරකථනයෙන් පැමිණිලි කර ඇත.

 



අදහස් (21)

මාධ්‍යවේදී චමුදිත ඝාතන සැලැස්මක්?

sachith Saturday, 24 August 2024 07:43 AM

තවත් විහිළුවක්... මේකෙ තියන නම් ටික දැක්කාම තේරෙනවා මේක නිකන්ම නාට්‍ය රංගනයක් විතරයි කියලා...

:       2       26

Gks Saturday, 24 August 2024 08:52 AM

ඒ පිටපත එච්චර සෙට් නෑ නේද? අර කලින් කරපු ගෙදරට අසූචි ගහගත්තු සීන් එක නම් මීට වඩා ටිකක් හොද මට්ටමේ තිබ්බා. පුතානෝගේ රෙදි හෝදන ගමන් රාජපක්ෂ මැදට ඇදලා ගත්තාම ගැලපීමක් ඇත්තේම නෑ කථාවේ. අනික පාතාලේ අයට වෙන වැඩ නැද්ද මේ චීත්ත අඳින ඕපාදූප පිස්සන්ට ගේම් දෙන්න...!

:       1       36

achini Saturday, 24 August 2024 09:46 AM

මේ නාමල් කුමාර කාලෙන් කාලෙට නාටක රඟනවා.

:       0       24

Rasi Saturday, 24 August 2024 09:48 AM

මේ දවස්වල හෝදන්නේ, සජිත්ගේ රෙදි...!

:       1       25

HemanthiSaturday, 24 August 2024 05:49 PM

ඇයි චමුදිතයා කතාකරන හැටියට එයාගේ ඇඳුනුත් පැය බාගෙන් බාගෙටවත් හෝදන්න වෙනවා ඇති... ඒවත් එක්ක තමයි අනෙක් ඒවා හෝදනවා ඇත්තේ...!

:       1       10

අරවින්ද මොනරවිල Saturday, 24 August 2024 10:01 AM

සමහර විට කෑස්බෑව ප්‍රාදේශීය සභාවේ මහජන සෞඛ්‍යය අංශයේ දඩාවතේ යන සුනඛයින් මර්දන කිරීමේ ඒකකයෙන්ද දන්නේ නැහැ තර්ජනය තියෙන්නේ..?

:       1       21

කුසල් Saturday, 24 August 2024 10:41 AM

වසරේ විහිළුව, මෙයා පුවත් මවලා ජනතා අනුකම්පාව ලබාගන්න හරී ආසයි...!

:       1       21

sena Saturday, 24 August 2024 10:41 AM

නාමල් කුමාර ආයෙත් කරලියට - චමුදිතට නාමල් කුමාර පිහිට පතන්න සිද්ද වුණා එහෙනම්.

:       8       22

සෙනෙවිරත්න Saturday, 24 August 2024 10:50 AM

වැරැදියි, පාතාලේ මහත්වරුනි, ⁣කුණු හෝදන්නේ සජිත්ගේ... ඒක මරන්න හේතුවක් නෙවෙයි, අවංකවම එහෙම කරන්න එපා, මොකද රස්සාව, අනිත් එක ඒවා කවුරුත් පිළිගන්නෙත් නැහැ. අපට නම් හිතෙන්නේ ඕක මිනිහාගේම අතේ රෝලක් කියලා, මොකද එන් පී පියට නගන අභූත, අවලාද නිසා මිනිහාගේ රේටිං බැහැලා, ඒක නග්ගා ගන්න එකම ක්‍රමය ඕකයි...!

:       28       24

Pradeep Kumara Saturday, 24 August 2024 12:39 PM

කතාවක් තියනවා "ගැරඬි මරලා පව් කර ගන්න එපා" කියලා. ඉතිං කාටද වුවමනා කරන්නේ මේ ගැරඬි මරන්න...

:       18       27

Rata Perata Saturday, 24 August 2024 12:47 PM

ඕකට පුදුම වෙන්න දෙයක් නෑ... කට නිසා. මාළුවා නහින්නෙත් කට හින්දා නේ... තවත් එක නාඩගමක්...

:       17       15

පිටිගල මිලානෝ Saturday, 24 August 2024 01:08 PM

චමුදිතයියේ… අපි ඉවරයි… ටැටූ කඩ නම් විවෘත කරන්න යන්න එපා…

:       2       24

නන්දන පනා- මිලානෝ Saturday, 24 August 2024 01:42 PM

දැනට දවස් හතක් තුන්වේලම කුකුල් චමින්දගෙන් බත් කැව්වම ප්‍රමාණවත්.

:       9       15

achini Saturday, 24 August 2024 02:37 PM

ආයෙත් නාටකයක්... මේක කපුටාගේ පිටපතක්ද?

:       2       8

Chamila Fernando Saturday, 24 August 2024 02:57 PM

ඡන්ද කාලෙට කරළියට එන නාට්‍ය තමයි.

:       1       9

වික්‍රම විද්‍රර Saturday, 24 August 2024 03:15 PM

මෙයා කරන්නේ ලොන්ඩරි වැඩක් නේද...? අනුන්ගේ කුණු අපුල්ලන...

:       1       14

prasad Saturday, 24 August 2024 03:49 PM

කවුද දඩාවතේ යන අය මරන්නේ...?

:       1       11

anaSaturday, 24 August 2024 08:42 PM

දැන් දඩාවතේ යන බල්ලෝ මරන්නේ නැහැ. ඔපරේෂන් එකක් කරනවා...

:       0       4

Migara Saturday, 24 August 2024 09:24 PM

දැන් ලංකාවේ බල්ලෝ මරන්නේ නැහැ...!

:       0       4

මංජුල Sunday, 25 August 2024 12:40 AM

කියන බොරුවලට කටුඉඔුලේ යවන්නේ හිටපු ජනාධිපතිතුමා තමයි එහෙම කිව්වේ...!

:       0       2

john Sunday, 25 August 2024 09:09 AM

අසුචි ගහන්න ඕනේ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 4 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 9 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 3257 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2459 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3050 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5888 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18705 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site