IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


මාධ්‍යවේදීන් සඳහා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනයක්

(ඩයනා උදයංගනී)

මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින් ‘ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය’ නමින් නව ආයතනයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මාධ්‍යවේදීන්ගේ අධ්‍යාපනික, වෘත්තීය දක්‍ෂතා නිපුණතා වර්ධනය කර ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූල මාධ්‍යකරණයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා මෙවැන්නක් පිහිටුවන බව ඇමතිවරයා සඳහන් කළේය.

ගණකාධිකරණ වෘත්තියේ යෙදෙන්නන්ට සුදුසුකම් සම්පූර්ණ කරගැනීමෙන් අනතුරුව  වරලත් ගණකාධිකාරී යනුවෙන් යෙදිය හැකි අතර, එක්සත් රාජධානියේ ඇති වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනයට අනුව පවතින ඉහළ ගුණාත්මක තත්වයට මෙරට මාධ්‍යවේදීන් පත්කිරීමට බලාපොරොත්තු වන බවත්, ජනමාධ්‍ය ක්‍ෂේත්‍රවල ප්‍රවීණයන් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු කමිටුවක් මෙම ආයතනය පිහිටුවීමට දළ් කෙටුම්පතක් සකස් කර ඇති බවත් ඇමතිවරයා කීවේය.

ඒ මත පදනම්ව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව හරහා පනත් කෙටුම්පතක් සැකසීමට බලාපොරොත්තු වන බව කී ඇමතිවරයා තම අමාත්‍යධූර කාලය තුළම මෙය පිහිටුවීමට බලාපොරොත්තු වන බව ද කීවේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.



අදහස් (4)

මාධ්‍යවේදීන් සඳහා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනයක්

විලියම් Tuesday, 16 August 2022 06:44 PM

අනිවාර්යයෙන්ම සමිතියක් පටන් ගන්න එක හොඳයි

:       1       0

sugath Wednesday, 17 August 2022 06:37 AM

හොඳ අදහසක්. ඔය වගේ රටේ දේශපාලකයින් සඳහාත් වරලත් වෘත්තිකයන්ගේ ආයතනයක් පිහිටුවනවා නම් තමා වඩා හොඳ.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 17 August 2022 07:21 AM

නිකං රැවටිලි දේවල් කිය කියා ඉන්නේ,කරුණාකර ලසන්ත වික්‍රමතුංග,එක්නැලිගොඩ ඝාතන සිද්ධි ගැන කිසියම් පියවරක් ගන්න.ඒවා මේ අයගේ ආණ්ඩු යුග වලදී සිදු නොවුණ විදිහට තමයි ඉන්නේ

:       0       1

Chinthana Wednesday, 17 August 2022 09:53 AM

වරලත් තත්ත්වය වෙනත් වෘත්තීන් සදහා වැදගත් වෙන්නේ රජය විසින් පනවන ලද නීති නිසාය. වරලත් ගණකාධිකාරි, වරලත් ඉංජිනේරු, වරලත් වාස්තු විද්‍යාඥ, යන තත්ත්වයන් සමහර ලිපි ලේකන අත්සන් කිරීම අනිවාර්ය වේ. සමහර රාජ්‍ය හා රජයේ අනුමැතිය අවශ්‍ය තනතුරුවලට වරලත් තත්ත්වය අවශ්‍ය වේ. මේ සියල්ල නීතිය මගින් ඇතිකල අවශ්‍යතා වේ. නමුත් වරලත් තත්ත්වය ලදවිට මාධ්‍ය වේදීන්ට ඇති වාසිය කුමක්ද. මාධ්‍ය වේදීන් අත්සන් කල යුතු ලිපි ලේකන තිබේද ඔවුන් රජයේ මාධ්‍යවලට බදවා ගැනීමේදී වරලත් වී සිටිය යුතුද.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 86 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 162 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 1918 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 383 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 1632 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 375 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 286 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 593 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1714 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site