IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මධුර විතාන බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට එයි

 

( රේඛා තරංගනී ෆොන්සේකා සහ ළහිරු හර්ෂණ)

පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරයෙකු වන නීතිඥ මදුර විතානගේ මහතා සිය මංගල පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම සඳහා ඔහුගේ නිවසේ සිට දියවන්නා ඔය තරණය කර පාර්ලිමේන්තුවට  අද (20)බෝට්ටුවෙන් ගමන් කළේය.
 
කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරඟ කළ ඒ මහතා මනාප 70, 205 ලබා පොදුජන පෙරමුණ පක්ෂය යටතේ ජයගත් අතර නවක මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ මංගල සැසියකට බෝට්ටුවෙන් පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වේ.
 
අනාගතයේ මාර්ග තදබදයට හා පරිසර දුෂණයට තිත තැබීමට පුර්වාදර්ශයක් ලෙස මෙම ක්‍රියාව සිදු කළ බව ඒ මහතා පිටත්ව යමින් පැවසීය.



අදහස් (21)

මධුර විතාන බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට එයි

Kamal Koyrala Thursday, 20 August 2020 09:33 AM

හොඳ පූර්වාදර්ශයක්.. එනමුත් හැමෝටම දියවන්නාව අවට ගෙවල් නැහැනේ... හැමිල්ටන් ඇළ, කොළඹ ඇළමාර්ග වැඩිදියුණු කළා නම් හොඳයි.

:       2       145

ගල්කටස් Thursday, 20 August 2020 09:52 AM

පරණ අය යවලා අලුත් අය ගෙනත් වගේ... ඔය වගෙ විගඩම් බලන්නද මෙයාලා යැව්වේ?

:       480       1603

K PereraThursday, 20 August 2020 10:59 AM

දැන් පටන්ගත්තා විතරයිනේ... ඉස්සරහට තවතව විගඩම් ජනතාවට බලාගන්න පුළුවන් වෙයි.

:       76       270

LalThursday, 20 August 2020 11:11 AM

ඔන්න ඔහොම දේවල් අපේ රටේ අලුත් දෙයක්..., අලුත් අදහසක්, සම්ප්‍රදායික නොවන දෙයක් දිහා බලන හැටි... ඉතින් රටක් හැදෙයිද?

:       85       287

sampath Thursday, 20 August 2020 11:02 AM

බෝට්ටුවෙන් යන්නයන වියදම බස්එකේ යනවට වඩා වැඩියි. මන්ත්‍රීවරු, ඇමැතිවරු පොදු ප්‍රවාහන සේවා... භාවිතා කළ යුතුයි. එතකොට ඇත්ත දැනිලා මේක හරියට හදයි...

:       13       158

a.b.SrilaMonday, 24 August 2020 11:34 AM

පරණ අය වගේමයි. කවදා මේ සංදර්ශන කාරයින් ඉවර වෙයිද මන්දා.. මාර්ග තදබදයට මේවා මේ ලෝකේ විසඳුම් නෙවෙයි. පොදු ප්‍රවාහනේ තියන අවශ්‍යතාව මේ සංදර්ශනවලින් සම්පූර්ණ කරන බෑ.

:       0       0

Champa Thursday, 20 August 2020 12:42 PM

හැමදාම බෝට්ටුවෙන් එනවද? අද විතරද?

:       0       34

Akila Thursday, 20 August 2020 01:01 PM

මෙයා ගැන මුළු අවුරුදු 5ටම අපිට අහන්න ලැබෙන්නේ ඕක විතරයි..

:       5       54

pradeepa Thursday, 20 August 2020 01:06 PM

මතක තියාගන්න සිරිසේන හිටපු ජනපතිතුමත් පළමු එකට අත්සන් කළේ රුපියල් 10 පෑනකින්...

:       0       166

Anuruddha Thursday, 20 August 2020 01:08 PM

මෙයා මෝටර් බෝට්ටුවෙන් ආවාම කොහොමද පරිසර හානිය නැතිවෙන්නේ? බස් එකෙන් හෝ ත්‍රීවීලර් එකෙන් ආවානම් පරිසර හානිය අඩුයි.

:       0       106

සමන්Friday, 21 August 2020 04:33 AM

එහෙම එනකොට කවුරු හරි පැහැරගෙන ගියොත්, විපක්ෂයේ කෙනෙක් පහර දුන්නොත්? මන්ත්‍රී කෙනෙක්ට ආරක්ෂාව තියෙන්න ඕනේ අනෙක් අයට වඩා... ලංකාව කියන්නේ තාම දියුණුවෙමින් පවතින රටක්. ඇමරිකාවේ වුණත් සෙනට් සහා කොංග්‍රස් සභිකයින් පොදු ප්‍රවාහන සේවයේ යන්නේ නෑ.

:       20       0

chandima Thursday, 20 August 2020 01:12 PM

ළඟදීම ඩියුටි ෆ්‍රී බෝට්ටුත් දෙන්න වෙයි වගේ නේද?

:       0       110

nimal Thursday, 20 August 2020 03:02 PM

මේ වගේ අනුවණ මිනිස්සු...

:       136       151

Hafeel Thursday, 20 August 2020 03:24 PM

ඒ වුණාට අපේ රාජපක්ෂලා පාපැදියෙන් ආවේ... මතක නැද්ද?

:       1       64

Ranjith Friday, 21 August 2020 12:39 AM

ආරම්භයේ හැටියට නම් තවත් සැණකෙළි කාරයෙක් වගේ. එ්ත් බහුතරය තේරුම් අරගෙනත් වගේ...

:       0       29

oscar Friday, 21 August 2020 02:47 AM

මාර වැඩේ... මරු පාර නේද දැන් ඉඳලාම...!!!

:       0       4

lakvidu Friday, 21 August 2020 04:02 AM

පාර්ලිමන්ට් ජෝක්ස් අංක 3

:       0       30

kamal Friday, 21 August 2020 06:15 AM

ඇයි ලොක්කා කරනවා වගේම හෙළිකොප්ටරයෙන් බැස්සා නම් වාහන තදබදයක් නැහැනේ..

:       0       37

bongo Friday, 21 August 2020 06:41 AM

මොකද මේ බෝට්ටුවකින් ආවා කියලා මුළු රටම මෙයාව වර්ණනා කරගෙන අත්පුඩිගහන්නේ...? දන්නෙත් නැහැ. අඳුරන්නෙත් නැහැ. කරපු දේකුත් නැහැ. ‘‘දූපත් මානසික රෝගීන්‘‘

:       6       203

BamunuarachchiFriday, 21 August 2020 12:02 PM

මේවාට කියන්නේ ෂෝ කියලා...

:       46       103

mahesh jayawickrama Saturday, 22 August 2020 03:11 AM

දැන් මෙතුමාගේ මේ මහඟු පූර්වාදර්ශයට වියදම කීයක් වගේ ගියාද? රට්ටු හිනස්සන වැඩ කරන්න එපා තුමෝ... අපි දැන් මේ නාටක අවුරුදු 5න් 5ට නරඹලාම එපාවෙලා ඉන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1069 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6622 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3630 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 306 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1531 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1638 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28664 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23609 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site