IMG-LOGO

2025 ජනවාරි මස 12 වන ඉරිදා


මධ්‍යම අධිවේගයේ පළමු අධියරට යළි ටෙන්ඩර් කැඳවන්නැයි ඉල්ලයි

(නාමිණි විජේදාස)

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ බොහෝ කාලයක් ප්‍රමාද වී තිබෙන පළමු අදියර සඳහා 2015-16 වසරේදී චීනයේ එම්.සී.සී සමාගමට ලබාදී ඇති සෘජු කොන්ත්‍රාත්තුව අවලංගු කරමින් විවෘත සහ විනිවිදභාවයෙන් යුතු ලංසු තැබීමේ ක්‍රියාවලියක් යටතේ නව ටෙන්ඩරයක් කැඳවන ලෙස මෙරට විශාලතම ඉදිකිරීම් සමාගම් පහක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා ඇත.

ඇක්සස් ඉංජිනියරින් සමාගම, මාගා ඉංජිනියරින් සමාගම, අයි.සී.සී සමාගම, කේ.ඩී.ඒ වීරසිංහ සමාගම සහ එන්.ඊ.එම් ඉදිකිරීම් සමාගම යන සමාගම් වලින් සැදුම්ලත් ලංකා යටිතල පහසුකම් සංවර්ධන සම්මේලනය මෙම ඉල්ලීම ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබිණි.

චීනයේ එම්.සී.සී සමාගමට පිරිනමා ඇති කොන්ත්‍රාත්තුව මිලෙන් අධික බවත් දේශීය සමාගම්වලට තරඟකාරී මිලකට ඊට වඩා අඩු කාලයකින් ව්‍යාපෘතිය නිම කිරීමට හැකියාව තිබෙන බවත් එම සම්මේලනයේ මතය වී ඇත.

මධ්‍යම අධිවේගයේ පළමු කොටස සඳහා කිලෝ මීටරයක් සඳහා ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 33 ක මුදලක් චීනයේ එම්.සී.සී සමාගම අයකර ඇති නමුත් දෙවන කොටස සඳහා දේශීය කොන්ත්‍රාත්කරුවන් අයකර ඈත්තේ කිලෝ මීටරයකට ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 18 ක් පමණක් බව පෙන්වා දෙමින් ඉතිරි වැඩ කොටස දේශීය කොන්ත්‍රාත්කරුවන්ට පිරිනමන්නේ නම් ඊට වඩා අඩු පිරිවැයකින් පළමු අදියර නිම කිරීමට හැකියාව තිබෙන බව එම සමාගම් පෙන්වාදී තිබේ.

චීනයේ එම්.සී.සී සමාගමට මධ්‍යම අධිවේගයේ පළමු අදියරේ ඉතිරිව ඇති වැඩ ආරම්භ කිරීම සඳහා රුපියල් බිලියන 7.5 ක මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති මොහොතක ලංකා යටිතල පහසුකම් සංවර්ධන සම්මේලනය ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇත.

චීන එක්සිම් බැංකුව ව්‍යපෘතිය සඳහා ලබාදුන් ණය මුදල මුදා හැරීම අත්හිටුවිමත් සමග ව්‍යපෘතිය අතරමග නැවතුණු අතර ඒ හේතුවෙන් අධිවේගී මාර්ගයේ ඇතැම් කොටස් කඩා වැටීමටද ලක්විය.

නව රජය අදාළ මුදා හැරීමට පසුගිය 18 වැනිදා තීරණය කළත් එය මහ ජනතාවට ප්‍රසිද්ධ නොකළේය. ජනාධිපතිවරණය පැවැත්වීමට දින කීපයකට පෙර රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීරණයක් තහවුරු කිරීම පමණක් නව රජය සිදුකර තිබිණි.

 



අදහස් (1)

මධ්‍යම අධිවේගයේ පළමු අධියරට යළි ටෙන්ඩර් කැඳවන්නැයි ඉල්ලයි

Kumar Sunday, 12 January 2025 08:42 PM

ලංකාවේ ආයතනයකට කොන්ත්‍රාත්තුව දුන්නොත් සියලුම වැඩ කෙරෙන්නේ ලාංකික සේවකයින් අතින් නේද? විදේශීය සමාගමකට දුන්නොත් එවැනි දෙයක් සිදුවන්නේ නැත. ලාංකිකයින්ට ආර්ථික අතින් යහපත සිදුවන වග කියන්න ඕනෑ නැහැනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

බසයෙන් පැන්න සැකකරු වසර 15කට පසු අල්ලයි
2025 ජනවාරි මස 12 188 0

මැගසින් බන්ධනාගාරයේ සිට කැස්බෑව අධිකරණය වෙත රැගෙන එමින් සිටියදී බස් රථයේ තට්ටුවේ යකඩ තහඩුවක් ගලවා ධාවනය වෙමින් තිබූ බස් රථයෙන් කිලෝමීටර් 6 පමණ දුරක් ය


මධ්‍යම අධිවේගයේ පළමු අධියරට යළි ටෙන්ඩර් කැඳවන්නැයි ඉල්ලයි
2025 ජනවාරි මස 12 803 1

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ බොහෝ කාලයක් ප්‍රමාද වී තිබෙන පළමු අදියර සඳහා 2015-16 වසරේදී චීනයේ එම්.සී.සී සමාගමට ලබාදී ඇති සෘජු කොන්ත්‍රාත්තුව අවලංගු ක


බරපතළ මූල්‍ය අපරාධ විමර්ශනය කොට්ඨාසය සී.අයි.ඩි යටතට
2025 ජනවාරි මස 12 328 0

බරපතළ මූල්‍ය අපරාධ විමර්ශනය කිරීම සඳහා 2015 යහපාලන රජය සමයේ පිහිටුවා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ විසුරුවා හරින ලද පොලිස් මූල්‍ය අපරා


කථක් නර්තනාචාරිණියට ඉන්දියාවේ දී සම්මානයක්
2025 ජනවාරි මස 12 6 0

ඉන්දියාවේ හෙලන් ගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද්හි පැවති 6 වැනි සිගිඩී තරුණ හා විශිෂ්ටයන්ගේ සම්මාන උළෙලේදී මෙරට ප්‍රවීණ කථක් නර්තනාචාරිණියක වන ශ්‍රී ලං


අපුරේ මහ වැව් 9ක් වාන් දමයි
2025 ජනවාරි මස 12 547 0

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම ජලාශ 14 න් ජලාශ 09 ක්ම වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව


දුම්රිය මහා අනතුරක් අනූ නවයෙන් බේරෙයි
2025 ජනවාරි මස 12 2310 4

උඩරට දුම්රිය මාර්ගයේ පැරකුම්පුර අබේවෙල දුම්රිය ස්ථාන අතර යකඩ පීල්ලක් දෙකට කැඩී යාමෙන් එම අවස්ථාවේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1001 ද


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 149 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 533 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 281 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site