IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මන්කිපොක්ස් ගැන සෞඛ්‍යසේවා ආයතනවලට චක්‍ර ලේඛයක්

(නිමල කොඩිතුවක්කු)

ගුවන්තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි එම්පොක්ස් හෙවත් මන්කිපොක්ස් රෝගීන් හඳුනා ගැනීම සඳහා මුළු රටම ආවරණය වන පරිදි ආවේක්ශණ පද්ධතිය වඩා ශක්තිමත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මන්කිපොක්ස් රෝගීන් වාර්තා වුවහොත් ඔවුන් වෙන් කර ප්‍රතිකාර කිරීම සඳහා පහසුකම් කොළඹ බෝවන රෝග විද්‍යායතනය තුළ ස්ථාපිත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කරයි.

එමෙන්ම කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය සතුව මන්කිපොක්ස් රෝගින් හඳුනාගැනීමේ රසායනාගාර පහසුකම් පවතින බවත් ඔහු පවසයි.

මෙම රෝගයට වඩා හොඳින් සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය මග පෙන්වීම සෞඛ්‍ය සේවා ආයතන සඳහා ලබා දී ඇති බවත් මේ සම්බන්ධව උපදෙස් ඇතුළත් චක්‍ර ලේඛයක් සියලුම සෞඛ්‍ය සේවා ආයතන සඳහා ලබා දීමට කටයුතු කළ බවත් ලේකම්වරයා සඳහන් කරයි.

මන්කිපොක්ස් රෝගය ඵපොක්ස් වෛරසය නිසා ඇති වන බවත්, අසාදිත පුද්ගලයෙකුගේ දේහ තරල, තුවාල ස්පර්ශ වීමෙන් සහ, දිගු කාලයක් පුරා ශ්වසන බිදිතිවලට නිරාවරණය වීමෙන් ඵපොක්ස් රෝගය පැතිර යන නිසා, මෙම රෝගය පැතිරීමේ අවධානම අඩු මට්ටමක පවති.

තවද අසාදිත පුද්ගලයෙකු භාවිතා කරන ලද ඇඳ ඇතිරිලි හෝ ඇඳුම් මගින්ද රෝගය පැතිරීමේ හැකියාවක්ද පවතින බව මහීපාල මහතා සඳහන් කරයි.

උණ, සමෙහි බිබිලි මතු වීම සහ වසා ගැටිති ඉදිමීම මන්කිපොක්ස් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස හදුනාගෙන ඇත.

රෝගය මේ වනවිට අපිකානු අප්‍රිකානු කළාපීය රටවල වේගයෙන් පැතිර ගොස් ඇති අතර මින් 500කට අධික පිරිසක් ද මියගොස් තිබේ.



අදහස් (0)

මන්කිපොක්ස් ගැන සෞඛ්‍යසේවා ආයතනවලට චක්‍ර ලේඛයක්

ඔබේ අදහස් එවන්න

දියත

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 243 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 267 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 6877 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2851 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3533 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6027 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19195 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 94 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 284 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site