IMG-LOGO

2024 ඔක්තෝබර් මස 19 වන සෙනසුරාදා


මීනගයා ඇතුළු දුම්රිය කීපයක් අවලංගුයි

( මහින්ද   නිශ්ශංක)

කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.

මේ අනුව අද උදේ කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ මීනගයා හා මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ මීනගයා දුම්රිය දෙක ඇතුළු දුම්රිය කීපයක් අවලංගු කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි

මෙයට අමතරව ගල් ඔය සිට ත්‍රීකුණාමලය දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය දෙකක් හා මහව සිට මඩකලපුව දක්වා ධාවනයවීමට තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය දෙකක් ද අවලංගු කිරීමට පියවර ගත් බව ද දෙපාර්තමේන්තුව පවසයි.

කොළොන්නාව තෙල් තොග ගබඩාවේ සිට මඩකලපුව දක්වා ධාවනය වූ මෙම ඉන්ධන දුම්රියේ දුම්රිය එන්ජිම, නියාමක මැදිරිය හා තෙල් ටැංකි හතරක් ද පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.

 



අදහස් (1)

මීනගයා ඇතුළු දුම්රිය කීපයක් අවලංගුයි

Nimal 1 Friday, 18 October 2024 05:02 PM

උදෑසන කොළඹ සිට මඩකලපුවටත්, මඩකලපුවේ සිට කොළඹටත් ධාවනය ආරම්භ වන්නේ උදය දේවි දුම්රියෙන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දරුවන් බාගෙට භාගයකට පාසල එපාවෙලා
2024 ඔක්තෝබර් මස 19 129 0

පළමු පන්තියට ඇතුළත් වන සිසුන්ගෙන් එක් ලක්ෂ විසි හත්දහස් පන්සීයකට ආසන්න ප්‍රමාණයක් අපොස උසස් පෙළ විභාගයට පෙර පාසල් හැර යන බව ලංකාවේ පාසල් සිසුන් පිළිබ


කටුනායක ඇඟළුම්හලේ සේවක සේවිකාවන් ලෙඩ වෙලා
2024 ඔක්තෝබර් මස 19 74 0

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ 11 අදියරේ පිහිටි ඇගලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් පිරිසක් අද සිය උදෑසන ආහාර ගැනීමෙන් පසුව රෝගී තත්වයකට ලක් වීම නිසා මී


ජංගම දුරකතනය පුපුරා ගිනි ගනී
2024 ඔක්තෝබර් මස 19 321 0

ජංගම දුරකථනයක බැටරිය ගලවා පරික්ෂා කරද්දී එය හදිසියේම පුපුරා යන අයුරු වෙලදසැලේ සවි කර තිබු ආරක්ෂිත කැමරාවේ සටහන් වි තිබුණි.


කොළඹ - මඩකළපු මාර්ගය යථා තත්වයට
2024 ඔක්තෝබර් මස 19 72 0

වන අලි රංචුවක් ගැටීමෙන් ඉන්ධන දුම්රියක් පීලි පැනීම හේතුවෙන් ඇනහිට තිබූ කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (19) දහවල් වනවිට යථා තත්ත්වයට පත්


කෝටි 25ක අයිස් කටුනායකදී මාට්ටු
2024 ඔක්තෝබර් මස 19 346 1

රුපියල් කෝටි විසි පහක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් , තේ කොළ අඩංගු පැකට් තුළ සගවා ගෙන රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්


ලංකාවේ බඩගින්න ගිය වසරේ කප් ගහලා
2024 ඔක්තෝබර් මස 19 340 0

ශ්‍රී ලංකාවේ නිසි පරිදි ප්‍රමාණවත් ආහාර නොලැබෙන පිරිස( ආහාර අනාරක්ෂිත පිරිස) පසුගිය වසරේ සැප්තැම්බර් මාසය වන විට සියයට 24කින් පමණ ඉහළ ගොස් ඇතැයි එක්සත්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 670 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 508 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site