(ඩයනා උදයංගනී)
ගාලු මුවදොර පිටියේ විරෝධතා භූමියට ඉකුත් 9 වැනිදා එල්ල වූ මැර ප්‍රහාරයෙන් පසු කලහකාරී වූ පිරිස්, ගිනි තබා විනාශ කළ නිවෙස් අතර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පදිංචිව සිටි හුණුපිටියේ පිහිටි නිවස යළි ගොඩනැගීම එම ප්‍රදේශවාසීහු සහ ගම්පහ දිස්ත්‍රික්ක ජනතාව එක්ව අද (29) පෙරවරුවේ ආරම්භ කළහ.
මෙහිදී ඔහුගේ නිවස සම්පූර්ණයෙන්ම ගිනිබත් වූ අතර, මෙම ජනතාව ස්වේච්ඡාවෙන් මැදිහත්වී විනාශ වූ නිවස නැවත ගොඩනැගීම ආරම්භ කර ඇත.
නිවස යළි ගොඩනැගීමේ කටයුතු මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ ප්‍රදේශවාසීන් රැසකගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ අතර ඒ වෙනුවෙක් මූල්‍ය හා ශ්‍රම දැයකත්වය ලබාදීමට මෙන්ම අවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටියහ.
ප්‍රකෝපකාරී වූ පිරිස් විසින් දේශපාලනඥයන්ගේ සහ ආධාරකරුවන්ගේ නිවාස 100කට ආසන්න ප්‍රමාණයක් ගිනි තබා විනාශ කර තිබූ අතර එලෙස විනාශ වූ නිවසක් ජනතාව විසින්ම ඉදිරිපත් වී මෙලෙස යළි ගොඩනැගීම සිදු වන්නේ පළමුවරට බව ද වාර්තා වේ.
මෙම අවස්ථාවට එක්ව සිටි පිරිස් පැවසුවේ ප්‍රසන්න රණවීර මහතාගේ නිවස ගොඩනගමින් ප්‍රචණ්ඩ දේශපාලන සංස්කෘතිය කණපිට හැරවීම සඳහා සමාජයටත්, රටටත් පූර්වාදර්ශයක් සැපයීමට තමන් සූදානම් බවයි.
ප්‍රසන්න රණවීර මහතා ජනතාව සමග සමීපව කටයුතු කරන අයකු නිසා ජනතාවගේ සහයෝගයෙන් නිවස ගොඩනැගෙන බවද ඔවුහු පැවසූහ.
මහා සංඝරත්නය, ප්‍රාදේශීය දේශපාලනඥයන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මන්ත්‍රී ප්‍රසන්නගේ ගිනි ගත් ගේ හදන්න ජනතා සහාය
බණ්ඩාර Sunday, 29 May 2022 05:09 PM
මෝඩයින් තාම ඉන්නවනේ... මේ අය එක්ක කොහෙද රටක් හදන්නේ...?
යෝගා Sunday, 29 May 2022 06:26 PM
හුඟක් අය හිතාගෙන ඉන්නේ තමන් මහා බුද්ධිමතුන් කියලයි.
SamanSunday, 29 May 2022 08:59 PM
ජාතික රක්ෂණ භාරයට ප්‍රචණ්ඩ ක්‍රියා නිසා වී ඇති පාඩුව රුපියල් බිලියන 6ක්. බුද්ධිමතුන්ගේ අවධානය පිණිසයි...
ඉන්‍ද්‍රෙMonday, 30 May 2022 08:04 AM
රටේ ඉන්නේ මෝඩයින් තමයි. ඊටත් වඩා අය ආත්මාර්ථකාමියි. ඔවුන්ගේ පෞද්ගලික වාසියට ඔවුන් රටේම මිනිසුන්ගේ අයිතිය පාවාදෙනවා. ඔතැන ඉන්නේ රස්සා හිඟාකාපු අය සහ වාසි ගත්තු අය. ඔය වගේ අයගේ පැත්තට කතා කරන්නේ ඒ වගේ රට පාවාදෙන අයයි...
රට වැසියාMonday, 30 May 2022 09:44 AM
මේ ගේ හදන්න උදව්වට ආවේ පොදු ජනතාව නෙවෙයි, කොන්ත්‍රාත්වලින්, වැලි පර්මිට්, ගෑස් පර්මිට්, හොර අරක්කු කාරයින් ටික.. මේ මන්ත්‍රිතුමා තමයි මේ ප්‍රදේශයේ පාර හදන්න කොන්‍ත්‍රාත් ගන්නේ සහ ඒවා බෙදා දෙන්නේ...!!! - ආවේගශීලි වී අතීතය අමතක නොකරන්න.. මේ දේශපාලකයා පාර්ලිමේන්තුව හැසිරී ඇති ආකාරය අමතක නොකරන්න..
ලමය Sunday, 29 May 2022 05:27 PM
කප්පම් ගන්න ගේ අයිතිකාරයා මේ කට්ටියට උදව් දෙන්න ඇති, ගේ හදලා දෙන්න ආපු අය දැක්කාම ඒක හොඳට තේරෙනවා. මේ කප්පම් කාරයින්ගේ බයිලා...!
රංග Sunday, 29 May 2022 05:28 PM
මුලදී නම් මෙයාව පෙන්නන්න බැරුව හිටියේ, ඒත් මැති ඇමැති විදියට මිනිස්සුන්ට ගොඩක් වැඩකරපු කෙනෙක්...!
සෑම් Sunday, 29 May 2022 05:30 PM
මේ වගේ අය පාර්ලිමේන්තු ගෙනාපු නිසා තමයි රටට මේ මහා විනාශය සිද්ධ වුණේ...
නිහාල් Sunday, 29 May 2022 05:35 PM
ජනතා සහයෝගයෙන් හදනවා වගේ පිටතට පෙන්නුවාට ඇත්තටම කොහේ තියෙන සල්ලිවලින් හදනවාද කවුද දන්නේ?
MVH Sunday, 29 May 2022 05:42 PM
නියමයි.. විශිෂ්ඨයි.
සෙනෙවිරත්න Sunday, 29 May 2022 05:43 PM
කතානායකගේ පුටුවට වතුර හලලා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ වැදගත් මහත්තයෙක්. ඔය අයට තිබුණා නේද එදා ඒක වළක්වන්න? ගෝල්ෆේස් එකට ගහන්න ගියා නම් මේ අය ඒකත් හෙලාදැකිය යුතුයි...
සමිත Sunday, 29 May 2022 06:00 PM
මම මේ මනුස්සයාගේ ගෙදර ගිහිං තියෙනවා. සාමාන්‍ය මට්ටමේ ගෙයක් තිබ්බේ... ඇමති වුණා කියලා ලොකුකම් තිබ්බේත් නැහැ. හැමෝත් එක්කම කතාබහ කරලා පුළුවන් උදව්වක් කරපු කෙනෙක‍්... කොහොම වුණත් ගෙවල් ගිනි තියලා, දේපළ හානි කරන සංස්කෘතිය දැන්වත් නතර වෙන්න ඕනෑ. අද මේ ගිනිතැබීම් වලට හුරේ දාන අයටත් නැතිනම් කවදාහරි මේ වගේ අවස්ථා වලට මුහුණ දෙන්න වෙයි.
sweneSunday, 29 May 2022 06:57 PM
අපේ බොහෝ දේශපාලකයින් වෙස්සන්තරලා වගේ වැඩ කරනවා රජයේ ධනයෙන්, බලයෙන් සහ වරප්‍රසාදවලින්. අන්තිමට හරිම ජනප්‍රියයි..
සමිද්ද තිරසර Sunday, 29 May 2022 06:18 PM
මුළු ගමේම පාරවල්වලට අල්ලන කුට්ටි ගල් හදන්නේ මේ මන්ත්‍රී තමයි. පහුගිය දවසක කෝටි 3ක් පාස් කළා.. කැලණිය ප්‍රාදේශීය සභාව ගමේ පාරවල්වලට කුට්ටි ගල් අල්ලන්න කියලා.. ඒකෙන් තමයි ඉතින් ඉස්සරහට ඔය ගේ හැදෙන්නේ... ගම්පහ ඉන්නේ මෝඩයින්...
Anura Sunday, 29 May 2022 06:42 PM
මෙහෙම මිනිසුන් එක්කද අපි අලුත් රටක් හදන්න සිහින දකින්නේ..?
sunanda Sunday, 29 May 2022 06:45 PM
ජනතාව නෙවෙයි, කොන්ත්‍රාත්වලින්, වැලි පර්මිට්, ගෑස් පර්මිට්, හොර අරක්කු කාරයින් ටික..
හේෂාන් රංගන Sunday, 29 May 2022 07:07 PM
ගෙදර හදන්න උදව් කරන එක නම් හොඳ වැඩක්. මෙයා ඇත්තටම ගෙදරට එන හැමෝටම පුළුවන් විදියට උදව් කරන චරිතයක්. හැමෝමත් එක්කම කතාබහ කරලා ඉන්නවා. අනික් ඇමැතිවරු වගේ පොළවට උඩින් හිටියේ නැහැ..
පලිහක්කාර Sunday, 29 May 2022 07:54 PM
මේ අර මැටි ඇමැති නේද? කර්මාන්ත කරුවන් වෙනුවෙන් වැඩක් කරගෙන ආපු කෙනෙක්... ගෙවල් ගිනි තැබීම නම් අපි අනුමත කරන්නේ නැහැ.
Sk Sunday, 29 May 2022 08:08 PM
මොනවා කියන්නද තේරෙන්නේ නෑ මට..?
Jayalath Sunday, 29 May 2022 08:34 PM
අනේ සාදු..! අනේ සාදු...!
Hora set eka Sunday, 29 May 2022 08:45 PM
ආපහු එකතු වෙලා...
ලක්ෂ්මන් Sunday, 29 May 2022 09:09 PM
ලැබුණු ඇමැතිකමෙන් වැඩක් කරපු මිනිහෙක්...!
ඉන්ද්‍රෙ Monday, 30 May 2022 08:06 AM
මේ රටේ ඉන්න අය ආත්මාර්ථකාමියි. ඔවුන්ගේ පෞද්ගලික වාසියට ඔවුන් රටේම මිනිසුන්ගේ අයිතිය පාවාදෙනවා. ඔතැන ඉන්නේ රස්සා හිඟාකාපු අය සහ වාසි ගත්තු අය. ඔය වගේ අයගේ පැත්තට කතා කරන්නේ ඒ වගේ රට පාවාදෙන අය... නැතිනම් මේ ගේ හදන්නේ මොන අහවල් එකකටද?
Hafeel Monday, 30 May 2022 09:30 AM
හොඳට මිරිස් කුඩු කවලම් කරලා රසටම හදලා දෙන්න...!
sweneMonday, 30 May 2022 04:13 PM
ඒක කරන්නත් බැහැ. මිරිස් කුඩු ගිනි ගණන්...
sena Monday, 30 May 2022 10:15 AM
මේක නාටකයක්... සාමාන්‍ය මිනිස්සු දුන්නා කියමුකෝ බඩුවලට අවශ්‍ය කෝටි ගාණක් සල්ලි... මෙයාලා දෙනවද?
upul Monday, 30 May 2022 01:44 PM
දැනට ගන්න කප්පම් මුදල වැඩි කරා නම් මාස දෙකෙන් ගේ ගොඩ...!
de silva Monday, 30 May 2022 02:09 PM
ඕක හදන්නේ හොරාකාපු සල්ලි වලින්, බොරුවට ජනතාව ජනතාව ඉදිරියට දමලා තිබෙන්නේ පස්සේ වත්කම්, බැරකම් සෙව්වොත් කොහොමද මේකෙ හැදුවේ කියලා ඇහුවොත් ජනතාව මුදල් ප්‍රදානය කළා කියලා ඇඟ බේරගන්න පුළුවන්...