IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මන්ත්‍රී වාහන පර්මිට් එකට මන්ත්‍රීවරු බෙදෙති

(සුජිත් හේවාජුලිගේ)

මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍රය සම්බන්ධයෙන් ආණ්ඩුව  ඇතුළේ  කඹ ඇදීමක් හට ගෙන තිබීම හේතුවෙන් එම බලපත්‍රය නිකුත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නොහැකිව ඇතැයි වාර්තාවේ.

ආණ්ඩුවේ එක් පාර්ශවයක් වාහන බලපත්‍රය ලබාගත යුතු බව පවසද්දී අනෙක් පාර්ශවය එය ලබා නොගත යුතු බව  පැවසීමෙන් මෙම අර්බුදකාරී තත්වය මතුව ඇති බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

ආණ්ඩුවේ එක් පාර්ශවයක් පවසන්නේ රට ආර්ථික වශයෙන් දැඩි අර්බුදයක පවතින අවස්ථාවක මන්ත්‍රීවරුන් තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබා ගතහොත් එය ජනතාව තුළ පිළිකුලක් වර්ධනය වීමට හේතු සාධක වනු ඇති බවයි.

එය ආණ්ඩුවේ ඡන්ද පදනමටද බරපතළ  තර්ජනයක් ඇතිවනු ඇතැයි ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

කෙසේ වෙතත් ආණ්ඩුවේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් පවසන්නේ අවුරුදු ගාණකින් වාහන බලපත්‍රයක් ලබාගෙන නැති හෙයින් එය මේ මොහොතේදී ලබා ගැනීම සුදුසු බවයි.

මේ තත්ත්වය යටතේ මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය ලබාදීම සම්බන්ධයෙන් රජය මෙතෙක්  අවසාන තීරණයක් ගෙන නොමැත.

තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබන මැතිවරණ වලට  කලින් ලබා දෙන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන  මහතාට පසුගියදා භාර දුන්හ. එම ලිපිය කතානායකවරයා විසින් අනතුරුව ජනාධිපතිවරයාට භාරදෙනු ලැබීය.

මේ අතර වාහන බලපත්‍රය නොලැබුණහොත් ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් නොවන බවට මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයාට දැනුම්දී ඇත.



අදහස් (10)

මන්ත්‍රී වාහන පර්මිට් එකට මන්ත්‍රීවරු බෙදෙති

ranjith Sunday, 16 June 2024 11:35 AM

වාහන බලපත්‍රය නොලැබුණහොත් ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් නොවන බවට මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයාට දැනුම්දී ඇත-

:       2       52

SugathanSunday, 16 June 2024 12:09 PM

රටේ වැඩි පිරිසක් බලාපොරොත්තුව ඉන්නෙත් ඒකමයි...

:       0       23

චන්දිම Sunday, 16 June 2024 12:21 PM

imf ඩොලර් ලැබිලනේ තියෙන්නේ. ඉතින් රටට හෙන ගැහුවත් මොකෝ... ගමු ගමු වාහන...

:       0       23

pakeer Sunday, 16 June 2024 12:23 PM

වාහන බලපත්‍රය දෙන්න.. තව ටැක්ස් එක වැඩි කරන්න. ජනතාවට පුළුවන් වාහන ගත්ත අයට ඡන්දෙ නොදී ඉන්න. ඒත් අපේ මෝඩ ජනතාව එහෙම කරන්නේ නෑ.

:       0       23

රංබොඩ Sunday, 16 June 2024 12:45 PM

ප්‍රතිඵල බලනකොට වැඩ වරා ඉල්ලයි කාසිය මැතිවරණ එනකොට හඬ නගා ඉල්ලන වාසිය...

:       0       11

Perera Sunday, 16 June 2024 12:48 PM

ඔය බොරු රැවටිලි බෙදිල්ලක්... අන්තිමට මේ ඔක්කොම තීරු බදු රහිතව වාහන ගන්නවා. අපි ඔවුන්ටත් එක්ක බදු ගෙවනවා.

:       2       22

Rata Perata Sunday, 16 June 2024 01:30 PM

රට බංකොළොත් කරපු මේ හරක්ට තව අපේ සල්ලිවලින් වාහනත් දීපල්ලකෝ...

:       1       19

de silva Sunday, 16 June 2024 03:19 PM

රට පෙරට ඔයාට වැරැදිලා, හරක් යන වචනේ හොරු ලෙස නිවැරදි වියයුතුයි. ලොරි බස් හැරුණාම වෙන වාහන අවශ්‍ය නැහැ ආර්ථික ප්‍රශ්න විසඳෙන කම්, කරුණාකර අමතර කොටස්වලට ගහන බද්ද 10%ක මට්ටමකට අඩු කරන්න තිබෙන දෙයක්... රෙපයාර් කරගෙන පදින්න.

:       0       10

kotiya Sunday, 16 June 2024 04:09 PM

ඔවුන් දන්නවා ඔවුන්ට කෙල වෙලා ඉන්නේ කියලා... යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ වාහන පර්මිට් එකවත් අරගෙන යන්නයි ඔවුන් බලන්නේ. නැත්තං ඔවුන් ඡන්දෙනුත් පරාදයි. කාර් එකත් නෑ...!

:       0       16

Sameera Monday, 17 June 2024 11:57 AM

කාලකන්නි හිගන්නො

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 90 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 973 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 194 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 882 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


එයිට්කන් ස්පෙන්ස් සමුහයට කාර්තුවේදී රුපියල් බිලියන 4.3 ක ලාභයක්
2024 සැප්තැම්බර් මස 27 39 0

කොළඹ කොටස් ආයතනවල ඉහළම පෙළේ ව්‍යාපාරික සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගමේ අති විශිෂ්ට කාර්යසාධනය හේතුවෙන් පොලී පිරිවැය බදුක්ෂයවීම් සහ ක්‍රමක්ෂයකි


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3554 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37727 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24866 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site